ලබන ජූනි මස 03 වැනිදා ප්‍රදර්ශනය කිරීමට නියමිත සජිඩ් - ෆර්හාඩ් දෙදෙනාගේ 'හවුස්ෆුල්' තුන්වැනි චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන නළුනිළියන් සියලු දෙනාට රාත්‍රී භෝජන සංග්‍රහයක් මීට දින කිහිපයකට පෙරදී ජනප්‍රිය කොලිවුඩ් හා බොලිවුඩ් සිනමා නිළි ආශින් තොට්ටුමුකුල් සිය නිවසේදී ලබා දි ඇත. පසුගිය වසර අවසානයේදී විවාහය දිවියට එක්වූ ආශින් සිය විවාහයේ ප්‍රීතිය නිමිත්තෙන් මෙම රාත්‍රී භෝජන සංග්‍රහයා ලබා දී ඇති බවට තොරතුරු ලැබේ.
සිය විවාහයේ කපුකම කළ ආක්ෂේ කුමාර් මෙම භෝජන සංග්‍රහයේ ප්‍රධානීයා වූ අතර, ජැක්ලින් ෆර්නැන්ඩේස්, රිතෙක් දේශ්මුක්, අභිෂේක් භච්චන්, ජැකි ෂෙරොෆ්, ඩිම්පල් කපාඩියා, ලීසා හේඩින්ද මෙම සංග්‍රහයට එක්ව සිටියහ. එමෙන්ම ආශින්ගේ සැමියා වූ කෝටිපති ව්‍යාපාරික රාහුල් ෂර්මා හා ඔහුගේ පවුලේ ඥාතීන් කිහිප දෙනෙකුද මෙම භෝජන සංග්‍රහයට එක්ව සිටි බවද සඳහන් වේ.
ආශින් 'හවුස්ෆුල්' දෙවැනි චිත්‍රපටය සඳහා එක්වූ අතර, එහි ඇය ආක්ෂේ කුමාර්ගේ පෙම්වතිය ලෙස චරිත නිරූපණය කරනු ලැබීය. කෙසේ වෙතත්, වාර්තා වන අන්දමට ආශින් හා රාහුල්ගේ ආදරය සම්බන්ධයද ආරම්භ වී ඇත්තේ ආශින් රඟපෑ මෙම 'හවුස්ෆුල්' චිත්‍රපටයේදී බව සඳහන් වේ.




COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.