හැව්ලොක්ස් ක‍්‍රීඩා සමාජය අන්තර් සමාජ පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ ශූරතාව වසර 30 කට පසු දිනා ගැනීමට සමත් විය. කන්ද උඩරට ලයන්ස් පිල සහ නාවික හමුදා පිල අතර අද (19) නාවලපිටියේදී පැවැති තරගයෙන් ලකුණු 46 - 38 ක් ලෙස ලයන්ස් පිල ජය ලැබීමත් සමග තරගයක් ඉතිරිව තිබියදී හැව්ලොක්ස් පිලට ශූරතාව හිමිවිය. ශූරතාව දිනූ හැව්ලොක්ස් පිලේ නායකයා ලෙස හෙන්ද්‍රි ටෙරන්ස් කටයුතු කළේය. හැව්ලොක්ස් ක‍්‍රීඩකයෝ ඊයේ (18) කොළඹදී ලකුණු 50 - 19 කින් ප‍්‍රබල මහනුවර ක‍්‍රීඩා සමාජය පරාජය කරමින් ශූරතාව ආසන්නයට පැමිණියේය. මහනුවර ක‍්‍රීඩා සමාජය පිට පිටම වසර 11 ක් ලීග් රග්බි ශූරතාව දිනා සිටි කණ්ඩායම වීම විශේෂයෙන් කැපී පෙනේ. හැව්ලොක්ස් පිල අවසන් වරට 1981 වසරේ ඇන්ජලෝ වික‍්‍රමරත්නගේ නායකත්වයෙන් පළමු කොටසේ ශූරයන් බවට පත්ව සිටියේය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
හැව්ලොක්ස් වසර 30 කට පසු ලීග් රග්බි ශූරතාව දිනයි
ලංකා Monday, 20 August 2012 07:33 AM
අද හෙටම එහෙනම් වෙනස් ආරංචි ටිකක් අහන්න ලැබෙයි වගේ. (නි)
රාහුල් Monday, 20 August 2012 08:32 AM
කැන්ඩි පිළ තමයි කවදත් හොදම. (නි)
බුද්ධි Monday, 20 August 2012 10:44 AM
නියමයි හැව්ලොක්ස්. ඉදිරියටම යන්න. (නි)