
(සමන් පාලිත නානායක්කාර)
හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කැලිපාණාවල අස්වැද්දුම කන්ද අද විශාල ප්‍රදේශයක් නාය ගිය බවත් එහි පදිංචිව සිටි අය ඉවත් කරගෙන තිබූ බැවින් පවුල් විසිපහක පුද්ගලයන් අනූ හත් දෙනකුගේ ජීවිත බේරාගත් බවත් හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් ඒ. කේ. ජේ . ප්‍රියංගිකා මහත්මිය පැවසුවාය.
නාය යාමේ මූලික ලක්ෂණ පහළ වීමත් සමඟ පදිංචි ස්ථානවලින් පවුල් විසි පහක් විගසින් ඉවත් කරගත් බවත් උදෑසන එම නිවාසවල තිබූ බඩුමුට්ටු ද ඉවත් කරගෙන තිබුණු බවත් ප්‍රාදේශීය ලේකම් ප්‍රියංගිකා මහත්මිය කීවාය.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය එම ස්ථානයේ කළ භූමි පරික්ෂාවකින් පසුව අධි අවධානම් කලාපයක් ලෙස නම් කළේය.
මෙම නාය යාමට අක්කර තිහක පමණ ප්‍රදේශයක් ගොදුරු වී ඇති බවත් කුඹුරු යායක්ද නායට යටවී ඇති බවත් ප්‍රදේශවාසීහු පවසති.
පැවති අධික වර්ෂාව සමග නාය යාම සිදු වී තිබේ.
මේ වන විට නිවාස හයක් නොපෙනී ගොස් ඇති බවත් අනික් නිවාස ගොදුරු කරගනිමින් සුන් බුන් සමග නාය පහළට තව දුරටත් ගලමින් තිබෙන බවත් ප්‍රදේශ වාසීහු පවසති.


COMMENTS
කඳුකර ප්‍රෙද්ශවල ඉන්න ජනතාවගේ ක්‍රියාකාරකම් මේ ණයවලට බලපානවා. මේ වගේ සිදුවීම් ගැන දැනුවත් කරලා ඔය ප්‍රෙද්ශවල ඉන්න අයගෙන් පරිසරයට වෙන හානිය වළකා ගන්න ඉක්මන් වැඩ පිළිවෙළක් අවශ්‍යයි.
විද්‍යානුකූලව තහවුරු කරගෙන ජීවිත රැසක් බේරාගත් සැමට රටේම ස්තුතිය පුදකළ යුතුයි.
නොපමාව ක්‍රියාකරමින් ජීවිත රැසක්බේරාගත් නිලධාරීන්ට අපගේ ප්‍රණාමය! මෙවැනි විශිෂ්ඨ ක්‍රියාවක් සිදුවූයේ ප්‍රථම වතාවට නේද? මීට පෙර අසන්නට සිදුවූයේ ජීවිත නැතිවීම් විතරයි...
ජීවිත රැසක් බේරාගත් සැමට රටේම ස්තුතිය පුදකළ යුතුයි...
නියමයි ප්‍රියන්ගිකා...!
ප්‍රියංගිකා මහත්මියට ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් තනතුර දෙන්න වටිනවා...