IMG-LOGO

හීරෝ නීරෝ බලු චරිතයට බල්ලන් 127ක් interview කළාලු

2016-10-08-ent-157

රෑපවාහිනී ළමා වැඩසටහන් වෙනුවෙන් ජනප්‍රියත්වයට සහ සම්මානයට පාත්‍ර වූ ප්‍රදීප් මහේෂ් ලියනගේ ප්‍රථම වරට තිර රචනය ලියා අධ්‍යක්ෂණය කළ හීරෝ නීරෝ ළමා චිත්‍රපටය ළඟදීම තිරගත වීමට සුදානම්.

ළමයින්ට වෙනස් වූ අලුත් වූ නිර්මාණ දායාද කරන ප්‍රදීප් මහේෂ් ලියනගේ චිත්‍රපට 36ක සහාය අධ්‍යක්ෂවරයෙක් විදිහට වැඩ කරලා තියෙනවා. හදසර මේ කතාබහ මහේෂ්ගේ හීරෝ නීරෝ ළමා චිත්‍රපටය ගැන.

 

මොකක්ද මේ ‘හීරෝ නීරෝ’?

2016-10-08-ent-159මේක ළමයින් වෙනුවෙන් හැදුණු චිත්‍රපටයක්. මේකේ කතාව තියෙන්නේ ළමයින් සහ සතුන් අතර තියෙන සෙනෙහස ගැන. මෙහි ප්‍රධාන භූමිකාව සඳහා ළමයි අට දෙනෙක් ඉන්නවා. ඒ වගේම කියන්න ඕනේ මේ ළමයි අට දෙනාගෙන් දෙන්නෙක් විතරයි කලින් රංගනයට එක් වූ අය. අනිත් අය අලුත්. ඒ වගේම හඳයා සහ සුද්දා කියන ළමා චිත්‍රපට වලින් පස්සේ සතෙක් මූලික කරගෙන කරන ළමා චිත්‍රපටයක්.

 

ඇයි මෙවැනි චිත්‍රපටයක් කරන්න හිතුණේ?

ළමයින්ගේ සිතුම් පැතුම් හරි වෙනස්. ළමයින්ගේ ලෝකය දිහා බලන්න ඕනේ ළමයින්ගේ පැත්තෙන්. දැන් ඉන්න හුඟ දෙනෙක් ළමයි දිහා බලන්නේ ළමයින්ගේ කෝණයෙන් නෙවෙයි. සමහර වෙලාවට ළමයින් හිතන පතන විදිය ගැන අපිට හිතාගන්නත් බැහැ. ඉතින් එවැනි ළමා සිත්වල තියෙන දේවල් පෙන්වන්න ගත්ත උත්සහයක් තමා මේ ‘හීරෝ නීරෝ’ චිත්‍රපටය.

 

අපේ සිනමාවේ තියෙන ළමා චිත්‍රපට වලින් වෙනස් වෙන්නේ කොහොමද ‘හීරෝ නීරෝ’ චිත්‍රපටය?

මෙහෙමයි. ඔබම බලන්න පොඩ්ඩක් ළමා චිත්‍රපට කියලා හැදුණු ඇතැම් චිත්‍රපට හදලා තිබ්බේ ළමයින්ගේ පැත්තෙන් නෙවෙයි වැඩිහිටි අයගේ පැත්තෙන්. ඒ වගේම ගොඩක් ළමා චිත්‍රපටවල දකින්න ලැබෙන්නේ දුගී දුප්පත් බව. ගම. ඒ වගේම කරදර දුක් කම්කටොලු. ඉතින් මට ඕනේ වුණේ මේ දේවල් වලින් බැහැරවෙලා ළමයින්ගේ ලෝකය දිහා ළමයින් දකින විදියට සිනමා නිර්මාණයක් කරන්න. සත්ත්ව කරැණාව දයාව මුසු වූ ළමා චිත්‍රපටයක් තමා මේ ‘හීරෝ නීරෝ’ චිත්‍රපටය.

 

ඔබේ චිත්‍රපටය හරහා ඔටාරා සිනමාවට හඳුන්වා දෙනවා නේද?

ඔව්, ‘හීරෝ නීරෝ’ චිත්‍රපටය හරහා ඔටාරාගේ සිනමා සම්ප්‍රාප්තිය සිදු වෙනවා. මේ ඔටාරා ගුණවර්ධනගේ පළමු රංගනය.

 

කොහොමද ඇයට කතා කළාම ලැබුණු ප්‍රතිචාරය?

ඇය කැමති වුණා මේ ගැන අපි කතා කරද්දී. එතැනදී ඇයට තිබ්බේ රඟපාන්න ආසාව නෙවෙයි. මේක හරහා සත්ත්ව කරැණාව දනවන ළමා චිත්‍රපටයක් නිසා. ඇය කැමති වුණා.

 

ඇය නිරෑපණය කරන චරිතය?

ඇය නිරෑපණය කරන්නේ සත්ත්වවේදීන්ගේ සභාපතිනියකගේ චරිතය. ඒ වගේම කියන්න ඕනේ ඇයගේ චරිතයට ලොකු දෙබස් තිබ්බේ. ඉතින් ඇය

ඉතා කැපවීමෙන් ඒ චරිතය කළා.

 

මේ සඳහා ඇයවම යොදා ගන්න හිතුවේ ඇයි?

ඇය සැබවින්ම සතුන්ට ආදරය කරන කෙනෙක් නිසා, මම හිතුවා ඇයට ඒ චරිතය ලබා දෙන්න.

 

ඔබ පාවිච්චි කරන්නේ බව්වා කියන වචනය?

ඔව්. ඒකට හේතුව තමා පොඩි ළමයි කතා කරන්නේ බව්වන් කියලනේ. මේක කරන්න කලින් අපි සමීක්ෂණයක් පවා කළා දරැවන්ගේ හැසිරීම ගැන.

 

හරි මේ හරහා දකින බව්වා තෝරා ගත්තේ කොහොමද?

ඔව් මම මේ නිර්මාණයේදී බල්ලා කියන වචනය වෙනුවට තමා බව්වා කියන වචනය යොදා ගත්තේ. ඒ වගේම ඔබ මේ දකින බව්වා සාමාන්‍ය බව්වෙක්. අපිට බව්වන් 127 ක් විතර Interview කරන්න වුණා. අවසානයේ තමා මේ ඔබ දකින බව්වා තෝරා ගත්තේ. මේ බව්වා සාමාන්‍ය බව්වෙක්. රවිඳු කියන චරිතය කරන දරැවාගේ ගෙදර බව්වා තමා අන්තිමට අපි ගත්තේ.

 

දරැවන් සහ සතුන් හසුරැවා ගන්න පහසු වුණාද?

මුල් දවස් ටිකේ නම් අපහසු වුණා. නමුත් ටික දවසක් යද්දී අපහසුවකින් තොරව රෑප ගතකිරීම් කරගන්න පුළුවන් වුණා.

 

"හීරෝ නීරෝ" චිත්‍රපටයේ  කාගේ නිෂ්පාදනයක්ද?

මේක නිෂ්පාදනය කරන්නේ නිශාන්ත ප්‍රදීප් මොහොට්ටිගේ. ඔහු නිෂ්පාදනය කරන පළමු චිත්‍රපටය. නමුත් ඔහු කලාවට සම්බන්ධයි. එකදා වැහි සඳහා හොඳම සංස්කරණයට සම්මාන ලැබුවේත් ඔහුට. ඒ වගේම තමා ඔහුත් එක්ක ගොඩක් වැඩ කරලා තියෙනවා. ඉතින් දවසක් මගෙන් ඇහුවා චිත්‍රපටයක් කරමුද කියලා එයා වියදම් කරන්නම් කිව්වා. ඒ හරහා තමා මේ ‘හීරෝ නීරෝ’ චිත්‍රපටය කරන්න පටන් ගත්තේ.

 

ඔබ සිනමා නිර්මාණ 36ක සහය අධ්‍යක්ෂවරයෙක් විදියට වැඩ කරලා තියෙනවානේ?

ඔව්. මගේ සිනමාවේ මුල් ගුරැවරැ තමා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා සහ සුමිත්‍රා පීරිස් මහත්මිය.

 

ඔබ නිර්මාණ කරන්නේ සම්මාන බලාගෙනද?

මම බලාපොරොත්තු වෙන එකම සම්මානය දරැවන්. දරැවෝ මේ ‘හීරෝ නීරෝ’ චිත්‍රපටය ආදරයෙන් වැළඳ ගත්තොත් සහ මේ චිත්‍රපටයට දරැවන්ගෙන් ලැබෙන ප්‍රතිචාරය තමා මම බලාපොරොත්තු වෙන එකම සම්මානය.

 

නීශා රන්සිත්

 

2016-10-08-ent-163
2016-10-08-ent-162
2016-10-08-ent-161
2016-10-08-ent-160
2016-10-08-ent-158
2016-10-08-ent-156
2016-10-08-ent-155
2016-10-08-ent-154



අදහස් (0)

හීරෝ නීරෝ බලු චරිතයට බල්ලන් 127ක් interview කළාලු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 94 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1018 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site