ඉතා සූක්ෂම ලෙස මුද්‍රණය කළ ව්‍යාජ ඇමෙරිකා ඩොලර් නෝට්ටු සහිත කඩදාසි මිටි තුනක් රැගෙන සාජා සිට මෙරටට පැමිණි උගන්ඩා ජාතිකයෙක් සහ සියරාලියොන් ජාතිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීණ් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
ඩොලර් සියයයේ, පනහේ හා දහයේ නෝට්ටු ඒ අතර විය.
සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 30ක් සහ 36 වූ පරිගණක තාක්ෂණික ඉංජුනේරුවන් දෙදෙනකු බව රේගුව කියයි.
ව්‍යාජ නෝට්ටු මාරු වටිනාකම රුපියල් හැත්තෑ හය ලක්ෂ පනස් හතර දාහකට ආසන්න වෙයි.
රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් විජේවීර මහතාගේ අධීක්ෂණය යටතේ රේගු සමාජ ආරක්ෂණ අංශයේ අධ්‍යක්ෂ ලෙස්ලි ගාමිණී මහතාගේ උපදෙස් පිට රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ අධිකාරී නිහාල් අලහප්පෙරුම, සහකාර රේගු අධිකාරීවරුන් වන එම් කේ එම් යූ ගාමිණී සහ කීර්ති අබේසේකර මහත්වරු විමර්ශන සිදු කරති.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
හොර ඩොලර් සමග රට දෙන්නෙක් අල්ලයි
රොහාන් Thursday, 10 January 2013 03:53 PM
ඔය තියෙන්නේ (දී)
චම්මි Thursday, 10 January 2013 03:51 PM
ඩොලරුත් හොරෙන් ගහන්න පුලුවන්ද (දී)
ලුම්බිණි Thursday, 10 January 2013 04:02 PM
මේ රට වල කොහේද පරිගණක තාක්ෂණික ඉංජුනේරුවන් ඉන්නේ. අනික ලංකාවට මේ රට වලින් එන්නේ සංචාරවලට නොවෙයි. මේ වගේ හොර වැඩ වලට (දී)
සිල්වා Thursday, 10 January 2013 04:20 PM
සුළු දෙයක්නේ (දී)
නිත්‍යා Friday, 11 January 2013 02:24 PM
ඉන්දියන් සාගරයේ මුතු ඇටය ජාත්‍යන්තර සොරුන්ට පාරාදීසයක් වෙලාද ? (ස)
මධූ Thursday, 10 January 2013 06:40 PM
ලංකාව ලෝක හොරුන්ගේ පාරාදීසයයි (ස)