(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
වත්මන් රජය යටතේ භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත් කර ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ සාක්කි දීමට ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා හෙට(05) කොමිසම හමුවට කැඳවනු ලැබ ඇත.
ඒ බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට දැනුම් දුන් බව කොමිසමේ ලේකම්වරයා කීය.
 සිල්වා මහතාට අමතරව ශ්‍රී ලංකා මහා බැංකුවේ අතිරේක අධ්‍යක්‍ෂක වසන්ත  අල්විස්  මහතාද කොමිසම හමුවට කැඳවා ඇති බව වාර්තා වේ.
මෙම ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ කොමසාරිස්වරයෙකු වන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා විදේශගත වීම නිසා කොමිසමේ කටයුතු සති දෙකක කාලයකට කල් තැබීමෙන් අනතුරුව එහි කටයුතු හෙට  (05) යළි ආරම්භ කෙරේ.
 
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1968										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1546										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 541										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
හර්ෂ ද සිල්වා බැඳුම්කර කොමිසම හමුවට
කරුණාපාල Sunday, 04 June 2017 12:34 PM
එදා මෙදා තුර නුසුදුස්සන් රජකරපු රටේ අදක්ෂයින්ට මිස සැබෑ දක්ෂයින්ට කවද්ද තැනක් ලැබුනේ? ඔබගේම දක්ෂ කමින් අරගත්තු පදක්කම විකුණලා හරි කමක් නැහැ, සතුටින් ජීවත් වෙන්න. එක අතකට, මේ රටේ පාලකයන්ට ඔබගේ ආත්මය විකුණනවට වඩා පදක්කම සුද්දෙකුට විකුණන එකේ විශාල වටිනාකමක් තියෙනවා.
lusena Monday, 05 June 2017 03:28 AM
ඕකටත් ගිහින් ෆූට් නෝට් එකක් ගහලා ලොක්කව බේරගන්න බලන්න.
Senarath Monday, 05 June 2017 03:59 AM
ජනපතිවරණයේදී නම් කතාකළේ බෝධිසත්වයන් වගේ... වැරදි වැඩකට ඉඩදෙන්නේ නැහැ කියන විදියට... දූෂණය නැවතුවාම රටේ ආදායම, රට සංවර්ධනය කිරීමට ප්‍රමාණවත් කිව්වා. වොක්ස් වැගන් එනවා කිව්වා. පාරවල් වලින් 80% ක් ගසාගෙනයි කිව්වා. ලෝකේ රටවල් අපිට උදව් කරන්න බලාගෙන ඉන්නවා කිව්වා. මොනවද නොකිව්වේ? දැන් සල්ලි ගන්නේ බිලියන ගණනින්. කරන කිසිම වැඩකුත් නැහැ. තවමත් පාවිච්චියට ගත්තේ නැති ගොඩනැගිල්ලකට රුපියල් බිලියන කීයක් වැයකලාද මේ වෙනකොට? ඒ මුදලින් අලුත් ගොඩනැගිල්ලක් මේ වෙනකොට හදන්න තිබුණා. මේකද කියපු යහපාලනය?