IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


හර්ෂ ඉලූක්පිටියගේ නඩුව විභාගයට

(මනෝප්‍රිය ගුණසේකර)

විද්‍යුත් විසා ලබාදීමේ සේවාව සමාගම් දේකකට ලබාදීමට ගෙන තිබූ තීරණය වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත්කල අතුරු නියෝගය ක්‍රියාත්මක නොකිරීමේන් අධිකරණයට අපහාස කළැයි චෝදනා ලැබ දැනට රක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින ආගමන විගමන පාලක හර්ෂ ඉලූක්පිටිය මහතාට එරෙහි අධිකරණ අපහාස නඩුව විභාග කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද (16) ආරම්භ කෙරිණි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගේ සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව විභාගයට ගැනීණ.

නඩු විභාගය ආරම්භ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරී අර්වින් ද ගුණරත්න මහතා සාක්කි කූඩුවට කැඳවනු ලැබු අතර අර්වින් ද ගුණරත්න මහතා දිව්රුම් පිට සාක්කි දෙමින් මෙසේ පැවසීය.

මෙම නඩුවට පාදක වු සිද්ධියට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් තියෙනවා. එම මුලික අයිතිවාසිකම් පෙත්සම ස`ළකා බැලමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණය 2024 අගෝස්තු 02 වැනිදා අතුරු නියෝගය නිකුත් කරනු ලැබුවා.

අතුරු නියෝගය නිකුත් කරනු ලැබීමෙන් පසු අදාළ අතුරු නියෝගය නියෝගය ක්‍රියාත්මක කිරීමට අපහසු බව දැනුම් දෙමින් විත්තිකරු දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළා. ඉන්පසු නියෝජ්‍ය ආගමන පාලකවරියක් සහ තොරතුරු තාක්ෂණ අංශයේ ප්‍රධානියාගේ සාක්කි විසීමෙන් පසු විත්තිකාර ඉලුක්පිටිය මහතා රිමාන්ඩ් භාරයට පත් කලා.

පසු දිනයක අධිකණයට අපහාසකිර සම්බන්ධයෙන් හර්ෂ ඉලුක්පිටිය මහතාට එරෙහිව චෝදනා පත්‍රයත් බාර දුන්නා.

ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරී අර්වින් ද ගුණරත්න මහතා පැමිණිල්ල වෙනුවෙන් දුන් සාක්කිය එතැකින් අවසන් වු අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා පෙත්සමකරුවන් වන හිටපු ආමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක සහ රවුෆ් හකීම් යන මහත්වරුන් අමතමින් සාක්කිකාර ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරීවරයාගෙන් ප්‍රශ්න ඇසීමට අවශ්‍යදැයි විමසු අතර ප්‍රශ්න ඇසීමට අවශ්‍ය නොවන බව ඒ මහත්වරු අධිකරණයට දැනුම් දුන්හ.

අනතුරුව විත්තිකාර ආගමන විගමන පාලකවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා ප්‍රශ්න කිහිපයක් යොමු කළ අතර ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරී අර්වින් ද ගුණරත්න මහතා ඊට පිළිතතුරු දෙමින් විත්තිකරු සිද්ධිය සම්බන්ධයෙන් දිව්රුම් පෙත්සමක් ඉදිරිපත් කළ බවත් එම දිව්රුම් පෙත්සම අධිකරණයට ඉදිරිපත් කළ බවත් එය මේ වන විට නඩු ගොනුවේ ඇති බවත් පැවසීය.

ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරී අර්වින් ද ගුණරත්න මහතාගේ සාක්කි විමසීම එතැකින් අවසන් කෙරිණි.

වැඩිදුර විභාගය තවදුරටත් පැවැත්වේ.



අදහස් (0)

හර්ෂ ඉලූක්පිටියගේ නඩුව විභාගයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 621 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 525 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site