අවුරුදු තුන හමාරක හා දහතුනක දරු දෙදෙනා හැර දමා රට රැකියාවකට යාමට තැත් කළැයි බලන්ගොඩ කාන්තාවක අනුරාධපුර ප‍්‍රදේශයේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඇගේ දහතුන් හැවිරිදි පුත‍්‍රයා, නැඟණිය ද සමඟ බලංගොඩ පොලිසියට කළ පැමිණිල්ලක් අනුව මෙම කාන්තාව සොයා අත්අඩංගුවට ගෙන ඇත.
කුරුණෑගල විදේශ රැකියා ඒජන්සියක් මඟින් ඇය විදේශ ගත වීමට උත්සාහ දරා ඇති අතර ඒ සඳහා ව්‍යාජ ලේඛණ උපයෝගි කර ගෙන ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි.
ඇයට පවුල් පසුබිම් වාර්තාව සකස් කර දුන් බව කියන බලංගොඩ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත කාර්යංශයේ නිලධාරිනිය අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ අරඹා ඇතැයි කාර්යංශය කියයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
හොරෙන් රට යන්න බැරිවෙයි
නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Thursday, 06 October 2016 05:34 PM
මේ අම්මා හොර ලිපිලේඛන හදවාගෙන රට යන්න හැදුවේ දුප්පත්, අසරණ දරුපවුලක් රැකගන්නයි. ඒ වුණාට අර හිටපු ඇමතිලාගේ පවුල් වල අය හොර ලිපිලේඛන හදවාගෙන කීවරක් විනෝදයට රට ගිහින් තියෙනවද කියලා තාම කවුරුවත් දන්නේ නැහැ. එයාලා තාම නිදැල්ලේ, අර දුප්පත් අසරණිය හිරේ. (නි)
චාමර Friday, 07 October 2016 01:13 AM
රජය එක එක රටවලින් සංවර්ධනය කියලා ණය ගන්නවා. ලොකු කට්ටිය ඉගෙනගන්න කියලා ඒ රටවලටම ගිහිල්ලා ඒවා වියදම් කරනවා සවාරි යනවා. කිසිවක් දන්නේ නැති කට්ටිය ඒ රටවලටම ගිහිල්ල විකිණෙනවා. ලංකාවේ සංස්කෘතියට හරියන මූල්‍ය ක්‍රමයක් අවශ්‍යයි. (නි)
චමල් Thursday, 06 October 2016 08:14 AM
දැන් ඉතින් ළමයි දෙන්නට බනි එයාට රට යන්න නොදුන්නට. ගැහැණුන්ව රට නම් එවන්න එපා. (ර)
සුජිත් Thursday, 06 October 2016 08:31 AM
පව් දුප්පත් කමට රට යන මිනුස්සු. (ර)
ප්‍රදීප් Thursday, 06 October 2016 08:43 AM
ඔන්න ඔය ලිපි ලේඛන හදලා දෙන නෝනලා මහත්තුරු ටික අල්ලා ගත්තොත් කාන්තාවෝ රට යන එක ඉබේම නතරවෙයි (බ)
හීන්කෙන්ද Thursday, 06 October 2016 11:35 AM
අනේ මන්ද වෙන දේවල් ,පව් ඉතින් අහිංසක මිනිස්සු (බ)