
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලා යාමේ සැලසුම් අසාර්ථක වූ අවස්ථාවේදී එයින් පලා ගිය කොස්තාපල්වරයා සුඛෝපභෝගී මෝටර් රථයකිනින් රැගෙන ගිය බව කියන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
එම සැකකරුවන් සමග ස කොස්තාපල්වරයා රැගෙන ගිය බව කියන සුඛෝපභෝගී මෝටර් රථය ද පොලිස් බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා විදේශගතව සිටින මිදිගම රුවන් නමැත්තා ගේ ගෝලයන් දෙදෙනකු බව පොලිසිය කියයි.
ඉකුත් 10 වැනිදින හරක් කටා නැමැත්තාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශයේ නිලධාරීන් ප්‍රශ්න කිරීම සඳහා සූදානම් වු අවස්ථාවේදී පලා ගිය සැකකාර කොස්තාපල්වරයා ඔවුන්ට මත් මිශ්‍ර කිරි ටොෆි සහ තේ ලබාදී නින්ද යාමෙන් අනතුරුව උපක්‍රමශීලීව හරක් කටාව වැසිකිළියට රැගෙන ගොස් ඔහුගේ අත් මංචු බුරුල් කර තිබිණි. අනතුරුව හරක් කටා නැමැත්තා විශේෂ කාරය් බළකාය සෙබළකුගේ ගිනි අවිය උදුරාගෙන පළා යාමට උත්සාහ කිරීමේ දී දැඩි පරිශ්‍රමයක් දරා සෙසු නිලධාරීන් ගෙන් සහයෙන් එය වළක්වා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු දෙයක් නේද? ගුවන්තොටුපලේ විශේෂයෙන් යෙදූ ආරක්ෂිත වැඩපිළිවෙල අයින් කළේ අද හෙට තව එකෙක් දෙන්නෙක් මෙහෙන් යන්න එන්න ඇති. තව ටිකදවසකින් ආපහු පරීක්ෂණයක් කරලා ආරක්ෂිත වැඩපිළිවෙල යොදයි නේද?
හරක් කටා ඇල්ලුවට බැංකු හොරා අල්ලන්න බැරිවුණානේ නේද?
මේ කාර් එක සුඛෝපභෝගී එකක්ද?
මේක සුඛෝපභෝගි වාහනයක්ද?
මේ අශ්වයා පැන ගියාට පසු ඉස්තාලය වැසීම පන්නයේ වැඩක්... සීඅයිඩියට පමණක් නොව සමස්ත රාජ්‍ය සේවයටම බඳවාගැනීමේදී පසුබිම් තොරතුරු විපරම් නොකිරීමේ විපාක...
කාර් එක ඇතුලේ පී සී හිටියේ නැතෙයි...!
මේ කාර් එක අල්ලපු එකට වුණත් ප්‍රමෝෂන් එකක් දුන්නාට කමක් නෑ. අත්අඩංගුවේ ඉන්න සැකකරුවෙක් ආරක්ෂා කරගන්නවත් බැරිනම් අනෙක් ඒවා ගැන කවර කතාද? රජයේ බදුමුදල් වලින් යැපෙන නිලධාරීන් මීට වඩා දහස් ගුණයක් කැපවී වැඩ කළ යුතුයි. නැතිනම් සේවයෙන් ඉවත්ව යා යුතුයි.
සහරාන්ගේ වාහනේට වෙච්චි දේ වෙයිද?