IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


හැම ගොවියකුටම සීලරතන හිමිගෙන් ට්‍රැක්ටරයක්

තමා ශ්‍රී ලංකාවේ ජනපති වුවහොත් හැම ගොවියකුටම ට්‍රැක්ටරයක් නොමිලේ පිරිනමන බව ජනසෙත පෙරමුණේ නායක ජනපති අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ හෝමාගමදී කීහ.

ඒ හිමියන්ගේ ඡන්ද ලකුණද ට්‍රැක්ටරයයි.

 

 



අදහස් (0)

හැම ගොවියකුටම සීලරතන හිමිගෙන් ට්‍රැක්ටරයක්

ඇසිලින් Wednesday, 10 December 2014 09:53 PM

හැබෑවටම හොඳයි. ඊට නරකද ගොන් බානකුයි කරත්තයකුයි දුන්නා නම්. ඉඩම් නැති මිනිස්සු උරුමය පෙන්නලා පාරේ හරි යාවි. අධිවේගේ යන්න බැරි වුණත්.... (නි)

:       0       0

කපිල Thursday, 11 December 2014 05:59 AM

එක අපේක්ෂකයෙක් කිව්වා සියලුම මුස්ලිම් ජනයා මක්කම යවනවා කියල. ඔබ වහන්සේ කියන්නොකෝ සියලුම බෞද්ධ ජනයා දඹදිව යවනවා කියල.(ම)

:       0       0

උපාලි Wednesday, 10 December 2014 10:20 PM

අනේ මදි, හොඳටම මදි. දෙන්නකෝ ලෝභ නැතුව හොඳ පොරොන්දු ටිකක්. (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 10 December 2014 11:05 PM

ඇත්ත දන්නා නිසා මෙවැනි පොරොන්දු දෙන එක අමාරු දෙයක් නොවෙයි. (නි)

:       0       0

සමන්ති Wednesday, 10 December 2014 11:30 PM

ගියසැරෙත් 2010 ජනවාරි මස 12 වෙනිදා ඡන්දෙට දින 14ක් තියෙද්දී ඉල්ලා අස්වුණා නේද කෙනෙක්? බයනැතුව පොරොන්දු දෙන්න ඔබවහන්සේ (නි)

:       0       0

නිමල් ලලිත Thursday, 11 December 2014 12:01 AM

සමාවෙන්න ස්වාමින් වහන්ස, මම සිංහල බෞද්ධ අයිතිය ගැනම පමණක් සිතන කෙනෙක්. මේ රටේ අද නැතිවෙමින් තියෙන්නෙත් එයයි‍. ඒ ගැනත් ටිකක් සිතා බැලුවොත් නරකද? (නි)

:       0       0

සමන්ති Thursday, 11 December 2014 12:09 AM

ට්‍රැක්ටර් රෝද දෙකේ ඒවාද?රෝද හතරේ ඒවාද ?ආනයනය කරන්නේ චීනයෙන්ද? ජපානයෙන්ද? ඉන්දියාවෙන්ද? මෙහෙ නිෂ්පාදන කම්හලක් හදනවාද? ඒ ටිකත් නොකිව්ව එක අඩුවක් නේද? (නි)

:       0       0

සිරිමෙවන් Thursday, 11 December 2014 12:16 AM

එතකොට ඩීසල් කාගෙන්ද? (නි)

:       0       0

නිහරාෆ් Thursday, 11 December 2014 12:20 AM

මොකද ඡන්ද ඔහොම ලබාගන්න හදන්නේ හාමුදුරුවනේ? ඕක සාධාරණ බෞද්ධ ප්‍රතිපදාවට විරුද්ධ නැද්ද? (නි)

:       0       0

විභූති‍ Thursday, 11 December 2014 12:31 AM

පසුගිය ජනපතිවරණයකදී කෙනෙක් කියලා තිබුණා හැම ගෙදරකටම කිරි හරකෙක් බැගින් දෙනවා කියලා. හිතට එන ඕනෑම දෙයක් පොරොන්දු වෙන්න හාමුදුරුවනේ. කිසිම ප්‍රශ්නයක් නැහැ (නි)

:       0       0

තිලක් Thursday, 11 December 2014 01:22 AM

ට්‍රැක්ටර් මොනවා කරන්නද අපිට? (නි)

:       0       0

රුවන් Thursday, 11 December 2014 01:22 AM

මේ කියන්නේ ඇත්තටම කරන්න පුළුවන් වැඩක්ද? (නි)

:       0       0

දුමිඳු Thursday, 11 December 2014 07:00 AM

දෙන්න පුළුවන් පොරොන්දුවක් මොකද ලංකාවේ ගොවියෝ ඉන්නේ ටික දෙනානේ ඔක්කොම ඉන්නේ මහත් හොරු නේ. (බ)

:       0       0

සමන්ති Thursday, 11 December 2014 01:27 AM

ගියවරත් (2010) ඔහොම කිව්ව එක්කෙනෙක් හිටියා. දන්නෙම නැහැ එයා ඡන්දෙට සති දෙකකට පෙර අස්වෙලා ඇප බේරගත්තා (නි)

:       0       0

මයුර Thursday, 11 December 2014 01:27 AM

අනේ හාමුදුරුවනේ, ඕවා වැඩක් නැහැ. ජාතිය,ආගම ගැන හිතලා වැඩක් කරන්න බලන්න (නි)

:       0       0

මංජුල Thursday, 11 December 2014 09:09 AM

හැම ගොවියෙක්ටම නිකන් ට්‍රැක්ටර් දෙන්න ගියොත් ඉවරයි.නැති අයත් ගොවියෝ වෙනවා.(හේ)

:       0       0

විමුක්ති Thursday, 11 December 2014 01:42 AM

අනේ කොහොම හරි බන්දුලට පෙරේරාටත් එකක් දෙන්නකෝ (නි)

:       0       0

කිංස්ලි Thursday, 11 December 2014 01:46 AM

කවුරුහරි දන්නවද මෙතන ජනාධිපති අපේක්ෂකයෙකුට තිබෙන වරප්‍රසාද? (නි)

:       0       0

මිලින්ද Thursday, 11 December 2014 07:04 AM

බලාගෙන ගිහාම ඒකෙත් ඇති වැරද්දක් නැහැ (දී)

:       0       0

දමින්ද Thursday, 11 December 2014 07:04 AM

මට ට්‍රැක්ටරයක් මොනවා කරන්නද (දී)

:       0       0

ලියොන් ගුණවර්ධන Thursday, 11 December 2014 01:58 AM

මෙම හිමිපාණන්ට ජනපති අසුනේ වැඩ සිටීමට හැකිවුවහොත් මෙම පොරොන්දුව ඉටුකිරීම සඳහා විදේශාධාර ලබාගැනීමට බ‍ලාපොරොත්තු වන්නේ කෙසේදැයි මහජනයා දැනුවත් කළොත් හොඳයි නේද? (නි)

:       0       0

කුමාර Thursday, 11 December 2014 09:43 AM

මම ඹබ වහන්සේ සමගයි!(හේ)

:       0       0

කුමාර Thursday, 11 December 2014 09:47 AM

මම ඹබ වහන්සේ සමගයි! (බ)

:       0       0

එරංග Thursday, 11 December 2014 02:27 AM

ට්‍රැක්ටරයත් එක්ක රියදුරෙකුත් දෙනවද? දැන් ශාසනය සහ පොදුජනතාව අතර වෙනසක් නැතිගාණයි. (නි)

:       0       0

රූෆස් Thursday, 11 December 2014 02:50 AM

නඟුලක් දුන්නොත් නරකද? (නි)

:       0       0

අබේපාල Thursday, 11 December 2014 03:03 AM

අනේ හාමුදුරුවනේ, පින්සිද්ධ වේවි. හැම දේසපාලන නියෝජිතයෙකුටම සිංහ මොළ අඟල් කාලක් බැගින් ලබාදෙන්න. (නි)

:       0       0

විකුම් Thursday, 11 December 2014 03:10 AM

අපේ ස්වාමින් වහන්ස, ඔබවහන්සේගේ අදහස නම් පංකාදුයි. (නි)

:       0       0

ලියනගේ Thursday, 11 December 2014 03:21 AM

ඡන්ද ලකුණ ට්‍රැක්ටරය නිසා ගොවීන්ට ට්‍රැක්ටර් එක ගානේ දෙනවාලු. ඒ නිසා හාමුදුරුවනේ ඔබ වහන්සේ කාර් එකෙන් යන්නේ නැතුව ට්‍රැක්ටරයෙන් මැතිවරණ ප්‍රචාර සඳහා ගියා නම් නේද හොඳ? (නි)

:       0       0

බටගල Thursday, 11 December 2014 03:23 AM

මේවටද මන්දා කියන්නේ අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා කියලා? (නි)

:       0       0

අසංක Thursday, 11 December 2014 03:23 AM

කැමති අයව අඟහරු ග්‍රහයා වෙත යවන්න බැරිද? (නි)

:       0       0

විද්‍යා Thursday, 11 December 2014 03:36 AM

දෙන්න පුළුවන් දෙයක් ගැන කතා කරානම් නේද හොද?(හේ)

:       0       0

ඇසල Wednesday, 10 December 2014 05:40 PM

ඔය දේවල් වෙන්නේ නෑ.ඔය බොරු පොරෙන්දුයි.(හේ)

:       0       0

ෆර්නෑන්ඩු Wednesday, 10 December 2014 05:50 PM

ඔබ වහන්සේ දිනුවම මගේ ගානේ මම ට්‍රැක්ටර් අරන් දෙනවා ඔබ වහන්සේට බෙදන්න. (ස)

:       0       0

උපමාලි Wednesday, 10 December 2014 05:53 PM

ඔයිට වඩා හොඳ නැද්ද භික්ෂු පිළිවෙත් රැකගෙන හිටියනං. (ස)

:       0       0

නිමල් Thursday, 11 December 2014 04:46 AM

මොන විහිලුවක්ද මේ මිනිස්සු කරන්නේ ? මේ වගේ අය වටේ ඉන්න මිනිස්සුන්ට තමයි පිස්සු.(හේ)

:       0       0

මානගේ Wednesday, 10 December 2014 06:27 PM

උතුම් වූ සිවුරක් දමාගෙන නොකෙරෙන දේවල් ගැන කියමින් හාමුදුරුවන් කරන්නේ අකුසලයක් නොවෙයි ද? මුසාවාද සහ සම්ප්‍රප්පලාප දෙඩවීමක් විතරයි. (ස)

:       0       0

කසුන් Wednesday, 10 December 2014 06:27 PM

විහිලු නොකර පන්සලටවෙලා හිටියනම් නරකද? (ස)

:       0       0

මහින්ද කැලිෆෝර්නිය Thursday, 11 December 2014 07:45 AM

ගොන්නුන්ට ට්‍රැක්ටර් මොකටද ? (අ)

:       0       0

කුමාරි Thursday, 11 December 2014 04:51 AM

ඔය කිව්වට දෙන්න බෑ.(හේ)

:       0       0

සත්‍යපාල Thursday, 11 December 2014 04:55 AM

ඊට ඉස්සර ගොවියාට අමුඩයක් දුන්නා නම් නරකද ?(හේ)

:       0       0

සිල්වා Wednesday, 10 December 2014 06:54 PM

පළමුව මවුබිම,දෙවනුව මවුබිම ,තෙවනුව මවුබිම.(හේ)

:       0       0

සන්ධ්‍යා Thursday, 11 December 2014 11:28 AM

ඔබ වහන්සේට ත්‍රි වීල් එකක්වත් නැතිව කොහොමද අනිත් අයට ට්‍රැක්ටර් දෙන්නේ? (නදී)

:       0       0

රත්නායක ආරච්චිගේ Thursday, 11 December 2014 05:11 AM

හාමුදුරුවනේ නිවන් මඟට යන්නේ මේ වහනයෙන්ද?(හේ)

:       0       0

ඇන්ටන් Wednesday, 10 December 2014 08:39 PM

බොරු බයිලා කියන්න එපා ,පුළුවන් දෙයක් කියන්න ඕන පිස්සු කෙලින්නේ නැතිව.(හේ)

:       0       0

සනත් Thursday, 11 December 2014 05:19 AM

අපිත් පුංචි කාලේ සෙල්ලම් කරනකොට ඔය එක එක වාහන සිතින් මවාගෙන කාඩ් බෝඩ්, හිස් ටින් කැබලි වලින් සෙල්ලම් කළා. එක තමයි අපේ සිහින ලෝකේ . මම හිතනවා මේකත් එහෙම එකක් වෙන්න ඇති..(හේ)

:       0       0

දයා අලහකෝන් Thursday, 11 December 2014 05:28 AM

කරන්න පුළුවන් දෙයක් කියන්න.(හේ)

:       0       0

අනිල් Thursday, 11 December 2014 05:40 AM

ඔය කියන විදියට හැමෝටම දෙන්න බෑ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site