IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


හමුදාවට එරෙහිව පෝස්ට් දැමූ හිටපු සෙබලා මාට්ටු

(ඉන්දිකා  රාමනායක)

රට තුළ ප්‍රචණ්ඩකාරි තත්වයක් හටගෙන තිබු අවස්ථාවක  ජනතාව කුපිත කිරීමේ අරමුණින්  ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ නිවාස වලට පහර දෙන ලෙසට ඇඟවෙන වැකි  සමාජ මාධ්‍ය ජාලා වෙත මුදාහැරීම  සම්බන්ධයෙන්  හිටපු හමුදා සෙබළෙක් නිට්ටඹුව  මුලස්ථාන පොලිසිය විසින් අද (12)  පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.

ඉකුත් (9) දින රටතුළ ප්‍රචණ්ඩකාරි තත්වයක් හටගෙන තිබු අවස්ථාවේ මෙම සැකකරු මෙම ප්‍රකාශ මුදා හැර තිබු බවද පොලිසිය පවසයි.

“තම තමන්ගේ ගෙවල් පැත්තේ  ඉන්න ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ අධිකාරිලත් නිලධාරීන්ගේ ගෙවල් ගැනත් පොඩ්ඩක් අවදානය දෙන්න, එයාලා ලොකු සේවයක් කරනවා මේ වෙලාවේ ” යැයි  ප්‍රකාශ  මුදා තිබු බවද  පොලිසිය පවසයි.

මේ  සම්බන්ධයෙන් යුද හමුදාව නිට්ටඹුව මුලස්ථාන පොලිසියට කළ පැමිණිළ්ලකට අනුව පොලිසිය පරීක්ෂණ  ආරම්භ කර ඇත.

පොලිසිය මෙම සැකකරු  අත්අඩංගුවට ගැනීමට ඔහුගේ  පින්නගොල්ල උතුර   නිවසට ගිය අවස්ථාවේ  ඔහු නිවසේ සිට නොමැති අතර, පොලිසිය කළ දැනුම් දීමකට අනුව සැකකරු අද පස්වරුවේ පොලිසියට පැමිණ සිටි අවස්ථාවේ අත්අඩංගුවට ගෙන ඇත

මෙම  සැකකරු  යුද හමුදා සේවයේ යෙදී සිටියදී නිළාරීන්ගේ අත්සන් ව්‍යාජව ගැසීමේ චෝදනාවට 2020.01.29  දින යුද හමුදා සේවයෙන් නෙරපා ඇති පුද්ගලයකු බව යුද හමුදාව පවසයි.

සැකකරුගෙන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගෙන  නිට්ටුඹුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

නිට්ටඹුව මුලස්ථාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.



අදහස් (2)

හමුදාවට එරෙහිව පෝස්ට් දැමූ හිටපු සෙබලා මාට්ටු

Mama Thursday, 12 May 2022 05:59 PM

කෝ ඔය නීති අරලියගහ මන්දිරය තුළට පිරිස් ගෙන්වා ප්‍රකෝප කළ ත්‍රස්තයින්ට?

:       0       0

beau Friday, 13 May 2022 06:03 AM

බොරු චෝදනාවක් හොයාගෙන ඒ මනුස්සයාගේ චරිතයට හානිකරන්න හදනවා. අර රඹුක්කන වෙඩිතියා මරපු මිනිහා ගැනත් ඔයවගේ බොරු ප්‍රකාශ කළා. මේ ඔක්කොම හොරු.. දේශපාලකයින්ට කඩේ යනවා. අසරණ මිනිහෙකුට ඉන්න දෙන්නේ නැහැ. මොකක් හෝ බොරු චෝදනාවක් දාලා ඔහුව හිරේ දානවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 976 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site