
(සුජිත් හේවාජුලිගේ)
කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කෙරුණු හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා මෙරට ආයතන ගණනාවකම ඉහළ තනතුරු දැරූ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙකි.
එසේම ඔහු විවිධ සමාගම් කිහිපයක හිමිකාරිත්වය දරන ප්‍රකට ව්‍යාපාරිකයෙකුද වන්නේය.
දේශපාලන ක්ෂේත්රයේද කැපී පෙනුණු චරිතයක් වූ හෙතෙම හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ ලේකම්වරයා ලෙසද කාලයක් කටයුතු කළේය.
ශ්‍රී ලංකා ටෙලිකොම් ගුවන් තොටුපළ හා ගුවන් සේවා අධිකාරිය සහ මහජන බැංකුව යන ආයතනවල සභාපතිවරයා ලෙසද කටයුතු කළ හේමසිරි ප්‍රනාන්දු මහතා ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා ලෙසද රාජකාරි කළේය.
මීට අමතරව ඔහු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලෙසද කාලයක් කටයුතු කළේය.
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වීමෙන් පසු ඔහු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධූරයෙන් ඉල්ලා අස්විය.
ප්‍රනාන්දු මහතා ආරක්ෂක ලේකම් ධූරයට පත් කෙරුණේ 2018 වසරේ ඔක්තෝබර් මස 30 වැනිදාය. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් ඔහු එම පත්වීම් ලිපිය ලබා ගත්තේය.
හැත්තෑ හය හැවිරිදි වියේ පසු වන හේමසිරි ප්‍රනාන්දු මහතා කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදාලවන්නේ ඔහුගේ පසුබිම නොව ඔහුගේ ක්‍රියාපිලිවෙලයි..
රජයේ සේවයෙන් විශ්‍රාම ගියානම් තවත් හැකියාව හා දක්ෂයෝ ඇතිනේ... ඔවුන්ට ඉඩ සලසා අයින්වෙලා යන්න ඕන අපිම ඔක්කොම කරන්න ඕන කියලා නියමයක් නැහැ නේද? පුද්ගලික ව්‍යාපාර තියෙනවා නම් ටික කලක් ඒවා බලාකියාගෙන සිට ඒවත් දරුවන්ට බාරදීලා නිදහසේ යන්න සූදානම් වුණා නම් ඔහොම අපහාසයට ලක්වෙන්නේ නැහැ නේද මේ නිසා අනෙක් රජයේ සේවකයොත් නිසි වයසේදී විශ්‍රාම ලබාගෙන අනෙක් අයටත් ඉඩකඩ සලස්වනවා නම් හොදයි කියලා කියන්න පුළුවන්...
දක්ෂ පරිපාලකවරයෙක්. නිලධාරියෙක්. දුර්වල දේශපාලන නායකත්වය නිසා විනාශ වූ චරිතයක්. මහ හොරා බඩතඩි මුස්ලිම් මුදලාලි මරණයට නියම කළේ කැකිල්ලේ රජ්ජුරුවොයි.
අහිංසක රාජ්‍ය නිලදාරියෙක් ඉතා කනගාටුයි