IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


හම්බන්තොට ගිවිසුම වැඩි ඡන්දයෙන් සම්මතයි

ආරියරත්න රණබාහු

හම්බන්තොට වරායේ වැඩකටයුතු චීන සමාගමක් සමඟ ඒකාබද්ධ කිරීමේ ගිවිසුම අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 65 කින් සම්මත විය.

ගිවිසුමට පක්ෂව ඡන්ද 72ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද හතක් පමණි.

ජනතා විමුක්ති පෙරමුණ සමඟ ඒකාබද්ධ විපක්ෂයේ ඉන්ධික අනුරුද්ධ සහ විජිත බේරගොඩ මන්ත්‍රීවරු දෙදෙනා ගිවිසුමට විරුද්ධව ඡන්දය භාවිත කළහ.

ගිවිසුමට විරුද්ධව පාර්ලිමේන්තුවේ කතා කළ දිනේෂ් ගුණවර්ධන මහතා විද්‍යුත් ක්‍රමයට ඡන්දය විමසන අවස්ථාවේ කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොතිබිණි.



අදහස් (17)

හම්බන්තොට ගිවිසුම වැඩි ඡන්දයෙන් සම්මතයි

deva Friday, 08 December 2017 03:38 PM

කවුරු කවුරුත් රට යනපැත්ත දැනගත්තොත් හොඳයි.

:       321       462

tarzanSaturday, 09 December 2017 06:04 AM

ඔව්, ඔව් අවුරුදු 65ක් වෙලත් අපි නොදියුණු වුණු එකේ, මේකවත් කරලා බලමු... බත් කකා අනිත් රටවල්වලට ඇනුම් පද කියකියා හිටියා විතරයිනේ වුණේ.

:       4       135

SudarshaSaturday, 09 December 2017 08:48 AM

රට විකුණලා අන්තිමට ගෙදර උන්දෑවත් දෙන්නද කියන්නේ... ?

:       0       198

BamunuarachchiMonday, 11 December 2017 06:04 AM

ගෙදර උන්දැලාගේ දෙන්න දෙයක් නැත. දැනටමත් සමහර අයගේ ගෙදර ඒ උන්දැලා ගිහිල්ලා.

:       0       0

නිෂා Friday, 08 December 2017 05:04 PM

අැයි ඒකාබද්ධය මීට විරැද්ද නොවුනේ..?

:       0       0

ranavi Friday, 08 December 2017 06:41 PM

කෝ හම්බන්තොට බේරගන්න කෑ ගහපු වීරයෝ දෙන්නයි ඉඳල තියෙන්නේ ඡන්දෙ දෙන්න. සාමාන්‍ය මිනිස්සු බිල්ලට දීලා. ජනතා විමුක්ති පෙරමුණ කවදත් රටේ යහපත වෙනුවෙන් පෙනී සිටිනවා. මේ සිදුවීම නරක පූර්වාදර්ශයක්. බොරුවට මිනිස්සු කුලප්පු කරනවා ආණ්ඩුව පනත් සම්මත කරද්දී කවුරුවත් නෑ..

:       0       0

Nandalal DE SILVA - France Friday, 08 December 2017 11:07 PM

පාර්ලිමේන්තුවෙන් පිටතදී බෙල්ලේ නහරවැල් පුම්බාගෙන තප්පුලන අය මොකද එහෙනම් මේ යෝජනාවට එරෙහිව ඡන්දය දීම සඳහා නොපැමිණියේ? හම්බන්තොට වරායේ අප්පච්චිවත් එයට විරුද්ධ නොවුනේ මේ ක්‍රමයෙන් දරුවා බේරාගැනීමට හැකි බව දන්නා නිසා නොවේද?

:       0       0

වේතාලයා Saturday, 09 December 2017 02:02 AM

කඩු පොලු මුගුරු ගෙන නිරතුරු සටන් වදී ............ අවගුණ කියයි නිති දෙස් දෙයි මර හඬ දී ............... එනමුදු ඇවැසි තැන නිහඬයි දැහන් වදී .............. නෙත් දෙක පියා අකුලාගෙන හොරට නිදී ...............

:       0       2

palitha Saturday, 09 December 2017 03:15 AM

වරාය විතරක් නෙවෙයි ඔක්කොම දෙන්න ඕන. නැතිනම් වර්ජන නවත්තන්න බැහැ. ජවිපෙ විරුද්ද වන්නේ ඒකටය. වර්ජන මෙහෙයුම නැති වුනොත් එයාලට පැවැත්මක් නැහැ.

:       0       0

naanapaala Saturday, 09 December 2017 04:47 AM

මේ ජේවීපී එකට හෙන ගහන්න ඕනෑ. මේ අයට ඉවසලා ඉන්න බැහැ. පාලකයෝ කාල ඇඳලා ඉන්නවාට. හෙනම ගහනවා නොවැ...

:       2       12

සන්ජේ ද සිල්වා Saturday, 09 December 2017 05:02 AM

රටේ සම්පත් මේ විදිහට විදේශයන්ගේ පාලනයට දීම කණගාටු දායකයි. එ්ත් වෙන විකල්පයක් තියනවද?. තමන්ව පුම්බා ගැනීමට නොගැලපෙන ව්‍යාපෘති ආරම්භ කරපුවහම මේ දේවල් වෙනවා. මේක හොඳ උදාහරණයක් පාලකයන් තමන්ගේ පාලන කාලයේදී කරන වැරදිවලට පව් ගෙවන්න වෙන්නේ අනාගත පරපුරට. මෙය විවේචනය කරන අය මෙය නොකරන්න ඉදිරිපත් කරන විකල්පයක් නැහැ. ඔහේ බනිනවා විතරයි.

:       231       745

jahamanaya Saturday, 09 December 2017 05:50 AM

පක්ෂව 72 විපක්ෂව 7 = ඔක්කොම 79 නේ ඉඳලා තියෙන්නේ 225 ක් විතර ඉන්න ඕනේ තැනක !

:       0       202

RaveendraSaturday, 09 December 2017 10:02 AM

ජහමානය මයා වෙත, ඔබගේ අදහස් සමග අපද එකග වන්නෙමු. එක්කෝ මේ පින්ගුත්තරයෝ ටිකට කිතුල් ගස් කලන්තය හැදිලා. නැතිනම් " ඔබගේ, අපගේ වියදමින් " ලබාදෙන පිනට ලැබෙන කෑමබීම ටික එත කොට අනෙකුත් දීමනා ලබාගන්න පුළුවන් කලට, වෙලාවට නමුත් නාඩගම් මඩුවට සේවයට වාර්තා කරන්න බැහැ... පුදුම හිඟන්නෝ ටිකක්.

:       0       151

priya Saturday, 09 December 2017 07:08 AM

පාර්ලිමේන්තුවේ ඉන්න ගොඩක් දෙනා කටින බතල ඉන්දවන අය. බොරුවට කෑ ගැහුවට ඡන්දයක් තිබ්බම එක්කෝ අැබ්සන්ට්, නැත්නම් ඡන්දය පාවිච්චි කරන්නේ නැහැ.

:       0       123

kumara Saturday, 09 December 2017 01:45 PM

ඉතාම කාලෝචිත ක්‍රියාවක්. මෙවැනි අලාභ ලබන ආයතන විකිණිම දිරිමත් විය යුතුය. රාජ්‍ය බැංකු. විශ්ව විද්‍යාල. පාසල් සංවර්ධයට පෙෳද්ගලික ව්‍යවසාය අත්‍යාවශ්‍යයි

:       153       30

nishantha Saturday, 09 December 2017 04:21 PM

එතකොට දැන් කවුද මේක පවරනවට විරුද්ධව කෑ ගැහුවේ ???

:       0       0

Gamage Murene Saturday, 09 December 2017 06:27 PM

'කියන්නා කෙසේ කිවත් අසන්නා සිහි බුධියෙන් ඇසිය යුතුයිලු' මෙහෙම කිව්වේ අපේ පරණගත කතෘන්. පහුගිය වකවානුවේ කල දේවල් මිනිස්සුන්ට ඉක්‌මනටම අමතක වෙලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 92 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2026 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1564 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site