IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


හමුදාව ජනපති ආරක්ෂක සේවයෙන් ඉවතට

ජනාධිපති ආරක්ෂක අංශයට අනියුක්ත කර සිටි හමුදා පිරිස් අප්‍රේල් 30 වැනි දා සිට ඉවත් කර ඇතැයි   යුද හමුදා බ්‍රිගේඩියර් ජී වී රවිප්‍රිය දන්වා ඇත.

යුද හමුදා මූලස්ථානයේ උපදෙස් මත එම හමුදා පිරිස් විසුරුවා ඔවුන් මුලින් සිටි හමුදා ඒකක වෙත මුදා හැර ඇතැයි ද ඔහු කියයි.

ජනාධිපති ආරක්ෂක අංශයේ හමුදාවේ 1200ක් සිටියහ.

මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය ජනවාරි අට වැනි දා ජනපති වීමෙන් පසු ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් සිටි ප්‍රමාණය බෙහෙවින් අඩු කළේය.

මහින්ද රාජපක්ෂ හිටපු ජනපති සමයේ යුද හමුදාව ද බහුල වශයෙන් ජනාධිපති ආරක්ෂක අංශයට යොදා ගනිමින් 3000කටත් වැඩි පිරිසක් ජනාධිපති ආරක්ෂක අංශයට අනුයුක්ත කර ගනු ලැබ සිටියහ.

ජනාධිපති සිරිසේන මහතා අඟුනකොලපැලැස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රැස්වීමකට සහභාගී වෙමින් සිටිය දී නාමල් රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට ගිය බව කියන හමුදා කෝප්‍රල්වරයෙක් අවියක් සමඟ සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත් විය.

ඔහු ජනාධිපති ආරක්ෂක අංශයට බාර දුන් නමුත් ඔහු මුදා හැර තිබිණි.

මාධ්‍ය මගින් මේ පුවත වාර්තා වීමත් සමග රහස් පොලිසිය පරීක්ෂණ අරඹා එම කෝප්‍රල් රිමාන්ඩ් කරනු ලැබීය.

 



අදහස් (0)

හමුදාව ජනපති ආරක්ෂක සේවයෙන් ඉවතට

අතුල Friday, 08 May 2015 09:09 AM

මේ දෙවරනා ට්‍රයි එක එහෙත් මෛත්‍රී නිදි එදාත් අනුර කුමාර දිසානායක ඉතා පැහැදිලිව කියාසිටියා රාජපක්ෂ අඩියක් පස්සට ගත්තට , ඒක උපක්‍රමයක් විතරයි කියල කනකට ගත්තේ නැහැ ඊලගට මේක එයාගේ මිනී මරුවෝ මාන බලන් ඉන්නේ , ජවිපෙට දෙන්න ආරක්ෂක ඇමති කමයි , මුදල් ඇමති කමයි කරලා පෙන්වන්න (බ)

:       0       0

විජයබාහු Friday, 08 May 2015 09:21 AM

ඒක හොදයි.(හේ)

:       0       0

ප්‍රකාශ් Saturday, 09 May 2015 10:17 AM

දැන් අපේ සෙබළුන්ට කුලී වැඩ කරන්න ඕනේ නෑ.(හේ)

:       0       0

රුවන් Friday, 08 May 2015 06:52 AM

ඉතිහාසයේ සිදුවූ විශාලතම පාවාදීම මෙය විය හැකියි. වර්තමාන ජනාධිපතිතුමාට නැතුවට, තස්තවාදය අවසන්කළ හිටපු ජනාධිපතිතුමාට විශාල ජීවිත තර්ජනයක් බෙදුම්වාදීන්ගෙන් තිබෙන බව මුළු ලෝකයම දන්නවා. එවැනි විටක රට බේරාගත් නායකව මෙසේ අනාරක්ෂිත කිරීම ඉතාමත් අවාසනාවන්ත සිදුවීමක්. (අ)

:       0       0

විජයබාහු Friday, 08 May 2015 07:59 AM

ජනපතිගේ ආරක්ෂාවට තර්ජනයක් වෙයිද දන්නේ නැ දැන් (ම)

:       0       0

සුනිල් Friday, 08 May 2015 08:42 AM

කිසිම දවසක මෛත්‍රී ජනපතිට කරදයක් වෙන්නේ නැත . සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙනවා. මිනිසුන් ඔහුට අවංකවම ආදරෙයි .(ත)

:       0       0

ඉන්දික Friday, 08 May 2015 09:00 AM

වත්මන් ජනාධිපතිතුමාට මොන තර්ජනද? (ත)

:       0       0

සෑම් Friday, 08 May 2015 09:01 AM

සුනිල්, ඔබගේ කියමන ඇත්තයි. "මිනිසුන් " ඔහුට අවංකවම ආදරෙයි. නමුත් බලයට කෑදර "නොමිනිසුන්" කොට්ඨාශයක් අපේ රටේ ඉන්න බව අමතක කරන්න එපා. (නදී)

:       0       0

දීප්ති Friday, 08 May 2015 09:01 AM

ආදරේ එල්.ටී.ටී. එකද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site