(අයි ආර් ඉන්දික)
ගවයින්ට තණ කැවිමට වැල්ලවාය හදපානගල වැව් රක්ෂිතයට ගිය ගවහිමියෙකුට ඊයේ(24) දහවල් වන අලියෙකු කල පහරදිමකින් එම පුද්ගලයා එම ස්තානයේදිම මියගොස් තිබේ .
මෙසේ මියගොස් ඇත්තේ හඳපානාගල පුබුදුවැව ගම පදිංචි ටි ඒ පේමදාස නැමති 66 හැවිරිදි සිව්දරු පියෙකි .
ගවයින්ට තණ කැවිමට ගිය තවත් පුද්ගලයින් පිරිසක් මෙම මියගිය පුද්ගලයා හඳපානාගලවැවෙ වම් ඉවුරේ සිට මිටර් 200ක් පමණ ඈතින් කැලෑවේ මියගොස් සිටියදි දැක පොලිසියට දැනුම්දී තිබේ .
මෙම මරණයට අදාල හදිසි මරණ පරික්ෂණය වැල්ලවාය හදිසි මරණ පරික්ෂක එච් එම් ජේ හේරත් මහතා විසින් සිදුකල අතර පශ්චාත් මරණ පරිකෂණය වැල්ලවාය රෝහලේදි සිදුකිරිමට නියමිතව තිබුනි .
සිද්ධීය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි .
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
හඳපාන්ගලදී ගවහිමියෙක් වල් අලි පහරින් මරුට
Chandrasena Thursday, 24 February 2022 05:00 PM
අලියන්ගේ ප්‍රදේශවලට යන්න එපා...
lanka Thursday, 24 February 2022 08:21 PM
ඇයි මේ ගම්වදින අලින්ට වෙඩි තියන්න ඔයතරම් මැලි වන්නේ? ඒ මේ මිනිසුන් දුප්පත් නිසාද?
SarasiFriday, 25 February 2022 08:12 AM
මනුස්සයානේ ගිහින් තියෙන්නේ අලියාගේ ගෙදර... ඉතින් වෙඩි තියන්න ඕනෑ කවුරුන්ද?
kamalFriday, 25 February 2022 10:27 AM
අලියන්ගේ ගම්බිම්වලට වැදිලා ඒවා අල්ලගෙන ඉන්න මිනිස්සුන්ට එතකොට මොකද කරන්නේ..?
Bunny Preena Friday, 25 February 2022 09:31 AM
මෙම ප්‍රශ්නය අවංකවම කාටවත් විසඳන්න වුවමනාවක් නැහැ. ඒ වගේම ඉඩකඩම්වලට තියෙන තණ්හාවටත්, අලින්ට අයත් භූමිවල ගිහිල්ලා පදිංචි වෙනවා. අලින් ඉතින් පහර දෙන එක පුදුමයක් නෙවෙයි. අපේ ගෙයක් ඇතුළට පාත්තයෙක් ආවොත් කවුරු හරි ඌව හුරතල් කර කර ඉන්නවද? මොකක්ද සිදුවෙන්නේ කියලා මම කියන්න ඕනෑ නැහැනේ...