හමීඞ් අල් හුසේනියා විද්‍යාලයීය 80 කණ්ඩායම සංවිධානය කරන සමස්ත ලංකා ආරාධිත පාසල් පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ හින්දු විද්‍යාලය, කොළඹ හමීඞ් අල් හුසේනියා විද්‍යාලය, ලූම්බිණී විද්‍යාලය සහ කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයීය කණ්ඩායම් සමත් වූහ.
කොළඹ සුගතදාස කී‍්‍රඩාංගනයේදී පෙබරවාරි 2 වැනිදා පැවැත්වෙන අවසන් පූර්ව වටයේ තරග වලදී කොළඹ හින්දු විද්‍යාලයට එරෙහිව හමීඞ් අල් හුසේනියා විද්‍යාලයත්, කොළඹ ලූම්බිණී විද්‍යාලයට එරෙහිව ශාන්ත බෙනඩික් විද්‍යාලයත් තරග වැදීමට නියමිතය.
අර්ධ අවසන් පූර්ව වටයේ පසුගිය 28 වැනිදා පැවති තරග වලදී කොළඹ හින්දු විද්‍යාලය විසින් කොළඹ රාජකීය විද්‍යාලය ගෝල 4-0 ක් ලෙසත්, හමීඞ් අල් හුසේනියා විද්‍යාලය විසින් මීගමුව අල් හිලාල් විද්‍යාලය ගෝල 9-0 ක් ලෙසත් පරාජය කරන ලදි.
29 වැනිදා පැවති අර්ධ අවසන් පූර්ව තරග වලිදී ලූම්බිණී විද්‍යාලය විසින් කළුතර සිරි කුරුස විද්‍යාලය ගෝල 1-0 ක් ලෙසත්, ශාන්ත බෙනඩික් විද්‍යාලය විසින් කොළඹ අනන්ද විද්‍යාලය ගෝල 1-0 ක් ලෙසත් පරාජය කරන ලදි.
තරගාවලියේ අවසන් මහා තරගය පෙබරවාරි 10 වැනිදා පැවැත්වීමට නියමිත අතර එදින ආදි අල් හුසේනියා පාපන්දු කී‍්‍රඩකයන්ගේ ප‍්‍රදර්ශන තරගයක් පැවැත්වීමටද සංවිදායක කමිටුව කටයුතු සූදානම් කර තිබේ.
හින්දු පිළ
හමීඞ් අල් හුසේනියා පිළ
ලූම්බිණි පිළ
ශා. බෙනඩික් පිළ
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
හින්දු - හමීඞ් අල් හුසේනියා - ලූම්බිණි - ශා. බෙනඩික් අවසන් පූර්ව වටයට