(සුජිත් හේවාජුලිගේ)

කොළඹ ජාතික රෝහලේ විවෘත හෘද සැත්කම් සඳහා 11000 ක පමණ පිරිසකගේ ලොකු පෝලිමක් පවතින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක මහතා පැවැසීය.

මේ අතර එන්ජියෝග්‍රෑම් පරීක්ෂණ සඳහා 5220කගේ පෝලිමක් පවතින බව වාර්තාවේ.

හෘද රෝග හේතුවෙන් වාර්ෂිකව නැතිවෙන ජීවිත ප්‍රමාණය 20000ක් පමණ වන බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක මහතා වැඩිදුරටත් පවසන්නේ හෘද සැත්කම් සඳහා අවශ්‍ය බොහෝ උපකරණ රෝහල්වල නැති බවයි

මේ හේතුවෙන් රෝගීන්ට බඩු ලැයිස්තුවක් දෙන බවත් එම බඩු ලැයිස්තුවේ වටිනාකම රුපියල් 70000ක් පමණ වන බවත් ඔහු ප්‍රකාශ කළේය.

හෘද රෝග සම්බන්ධයෙන් වෙනම රෝහලක් සෑදීමට මුදල් වෙන් කර ඇතත් ප්‍රගතියක් නැති බවට ඔහු චෝදනා කළේය.

මේ අතර ලංකාවේ පිළිකා රෝගීන් 1,73,000ක් පමණ සිටින බවත් එම පිරිසෙන් වසරකට හයදාහකගේ පමණ ජීවිත නැතිවන බවත් සෞඛ්‍ය අංශ පවසයි.

සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෙෙවද්‍ය හංසක විජේමුණි මහතා පවසන්නේ විවෘත හෘද සැත්කම් සඳහා යොමුවී සිටින පිරිස සම්බන්ධයෙන් තමා වාර්තාවක් ලබා ගනිමින් සිටින බවයි. හෘද සැත්කම් වලට 11000ක පෝලිමක් වසරකදී 20,000 ක් හෘද රෝග වලින් මරුට (සුජිත් හේවාජුලිගේ) කොළඹ ජාතික රෝහලේ විවෘත හෘද සැත්කම් සඳහා 11000 ක පමණ පිරිසකගේ ලොකු පෝලිමක් පවතින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක මහතා පැවැසීය. මේ අතර එන්ජියෝග්‍රෑම් පරීක්ෂණ සඳහා 5220කගේ පෝලිමක් පවතින බව වාර්තාවේ. හෘද රෝග හේතුවෙන් වාර්ෂිකව නැතිවෙන ජීවිත ප්‍රමාණය 20000ක් පමණ වන බව සෞඛ්‍ය අංශ පවසයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක මහතා වැඩිදුරටත් පවසන්නේ හෘද සැත්කම් සඳහා අවශ්‍ය බොහෝ උපකරණ රෝහල්වල නැති බවයි මේ හේතුවෙන් රෝගීන්ට බඩු ලැයිස්තුවක් දෙන බවත් එම බඩු ලැයිස්තුවේ වටිනාකම රුපියල් 70000ක් පමණ වන බවත් ඔහු ප්‍රකාශ කළේය. හෘද රෝග සම්බන්ධයෙන් වෙනම රෝහලක් සෑදීමට මුදල් වෙන් කර ඇතත් ප්‍රගතියක් නැති බවට ඔහු චෝදනා කළේය. මේ අතර ලංකාවේ පිළිකා රෝගීන් 1,73,000ක් පමණ සිටින බවත් එම පිරිසෙන් වසරකට හයදාහකගේ පමණ ජීවිත නැතිවන බවත් සෞඛ්‍ය අංශ පවසයි. සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෙෙවද්‍ය හංසක විජේමුණි මහතා පවසන්නේ විවෘත හෘද සැත්කම් සඳහා යොමුවී සිටින පිරිස සම්බන්ධයෙන් තමා වාර්තාවක් ලබා ගනිමින් සිටින බවයි.