IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


හදිසි නීතිය ඉවත් කිරීම ජනපති ලංකාවට පැමිණි පසු


 
තරිඳු ජයවර්ධන
 
මහනුවර ඇතිවූ කළහකාරී සිදුවීම් සමග ජනාධිපතිවරයා විසින් පවන ලද හදිසි නීති රෙගුලාසි ඉවත් කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  විදේශ සංචාරය නිමවී ලංකාවට පැමිණි පසුව බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවසීය.
 
ජනාධිපතිවරයා ලංකාවට නැවත පැමිණීමට නියමිතව ඇත්තේ ලබන සෙනසුරාදා (07) බවත්, ඒ වන විට රටේ ඇති වාතාවරණය සලකා බැලීමෙන් අනතුරුව හදිසි නීතිය ඉවත් කිරීම පිළිබඳ තීරණය ජනාධිපතිවරයා විසින් ගනු ලබන බවත් ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කළේය.
 
මහනුවර ප්‍රදේශයේ පසුගිය පස් වැනි දා ආරම්භ වූ කළහකාරී සිදුවීම් පාලනය කිරීම සඳහා පසුගිය හය වැනිදා පැවැති කැබිනට් මණ්ඩලයේ තීරණයක් අනුව එදින  සවස 2.45 සිට ක්‍රියාත්මක වන පරිදි රට තුල හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් නිවේදනයට ජනාධිපතිවරයා   අත්සන් තැබීය. 
 
ඒ අනුව  මහජන ආරක්ෂක ආඥා  පනතේ දෙවැනි කොටස සක්‍රීය වූ බවත්, එහි පස් වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් නියෝග නිකුත් කරනු ලැබූ බවත්  ජනාධිපති ලේකම් කාර්යාලය කියයි.  එම නියෝග මුලින් දින හතක කාලයක් සඳහා පැණවීමට රජය තීරණය කර තිබූ බවත්, ඒ අනුව මේ වන විට දින හතක කාලය අවසන් වී ඇතත් ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කළ හදිසි නීතිය ඉවත් කළ හැක්කේ ද ජනාධිපතිවරයාගේ අත්සනින්ම බවත්,  ජනාධිපතිවරයා විදේශ ගතවී ඇති බැවින් හදිසි නීති රෙගුලාසි ඉවත් කළ නොහැකි බවත් ජනාධිපති ලේකම් කාර්යාලයේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කළේය. 
 
ජනාධිපතිවරයා විසින් හදිසි නීති රෙගුලාසි ඉවත් කරනු ලබන තෙක් පොලිසියට අමතරව ත්‍රිවිධ හමුදාවටම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම ඇතුළු විශේෂ බලතල හිමිවව බව ද ජනාධිපති ලේකම් කාර්යාලය කියයි.
 



අදහස් (4)

හදිසි නීතිය ඉවත් කිරීම ජනපති ලංකාවට පැමිණි පසු

ජගත් ලියනගේ Wednesday, 14 March 2018 09:51 PM

නැකතකට ද ඕක කරන්නේ ?

:       0       41

පිටිගල මිලානෝ Thursday, 15 March 2018 08:38 AM

දැන් ඉතින් යන්න. මෙහෙමත් නායකයෝ.

:       68       0

චන්දික Thursday, 15 March 2018 08:42 AM

රටේ සාමය, සමගිය, සහජීවනය පිණිස හදිසි නීතිය දිගටම පවත්වාගෙන යා යුතුයි!

:       0       0

sirimal Thursday, 15 March 2018 08:42 AM

රට රටවල සංචාරය කරන්න කලින් නුවර පැත්තේ ගිහින් මොකද්ද ඇත්තටම සිද්ධ උනේ කියල හොයල බැලුවනම් තමා වඩා හොඳ. දවස්පතා රටපුරා රථවාහන අනතුරු කෙතරම් සිද්ධ උනත් මේ එක අනතුරක් මෙතරම් දුරදිග අරගෙන ගියේ කාගේ උවමනාවටද, කවුද කොහොමද කියල ක්ෂණිකව සොයා බලා කලබල පැතිරීම වැලක්වීමට නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකර, හොරු අල්ලන ව්‍යාපෘතිය, රස්සාවල් 10,000 ක් දෙන ව්‍යාපෘතිය, දුෂණය නැතිකරන ව්‍යාපෘතිය වගේ එක එක ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා වගේ ජනතවා ගොනාට අන්දවමින් වටේට ඉන්න ඔල මොට්ටල උපදේශකයින් දෙන දිරච්ච ලණු ගිලිමින් කටෙන් බතල හිටවමින් කාලය මරන්නේ නැතුව දැන්වත් කරන දෙයක් හිතා මතා සිහි බුද්ධියෙන් යුතුව කලේ නැත්නම් වැඩිකල් නොගොස් ඡන්දෙ දවස්වල මතක් කරදුන් "වලපල්ලට" තමයි යන්න වෙන්නේ. හන්දියේ මිනිස්සු දැන් කතාවෙනව ආණ්ඩුවේම පත්තරේ ප්‍රසිද්ධ කරපු වාර්තාවකට අනුව කලින් කෙනා ලංකාවේ ලොකුම සල්ලි කාරයා උනේ අවුරුදු 10 ක් ගත කරලා නමුත් මෙයා අවුරුදු 3 කින් තුන්වෙනි සල්ලි කාරයා උනේ කොහොමද කියල. මේවා ප්‍රසිද්ධ උනේ තහනම් කරපු "මුහුණු පොතේ" නෙවේ ආණ්ඩුවේම පත්තරේ. දැන් එහෙනම් බේරේ ගෙදරත් වහල දානවද?

:       61       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 863 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 970 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 392 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site