IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


හුදකළා කර තිබූ මහකච්චකොඩිය ගම්මානය යළි විවෘත කරයි

(සිතුම් චතුරංග)

කොවිඩ් -19 වයිරසය ආසාදිත නාවික හමුදා සෙබලෙකු හමුවීමත් සමඟ හුදකළාකර තිබූ මහකච්චකොඩිය ගම්මානය අද (02) සිට යළි විවෘත කළ බව වවුනියාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

වයිරසය ආසාදිත නාවික හමුදා සෙබලාගේ පවුලේ පිරිස හා ඔහු ඇසුරුකළ පිරිස් වවුනියාව, පම්පමඩුව යුද හමුදා  නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යාමෙන් අනතුරුව සිදුකළ පී.සි.ආර් වාර්තාවෙන් ඔවුන්ට කොවිඩ් - 19 වයිරසය ආසාදනය වී නොමැති බවට අනාවරණය වීමෙන් අනතුරුව හුදකළා කොට තිබූ මහකච්චකොඩිය ගම්මානය විවෘත කර තිබේ.

නාවික හමුදා සෙබලා ඇසුරු කළ හා ඔහුගේ ඥාතීන් සමඟ සබධතා පවත්වා ස්වයං නිරෝධායනයට ලක්කළ පවුල් 29 කින් පවුල් හතරක් තවදුරටත් මහකච්චකොඩිය ගම්මානයේ ස්වයං නිරෝධායනයට ලක්කොට ඇති අතර සෙසු පිරිසට ස්වයං නිරෝධායනය අවසන් කරන ලෙස උපදෙස් ලබාදුන් බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය.

අද දිනයේ සිට මහකච්චකොඩිය ගම්මානයවෙත ඇතුළුවීමට අවහිර වන සේ යොදවා තිබූ මාර්ග බාධක සියල්ල බවත් කිරීමට කටයුතු කළ බවද පොලිසිය සඳහන් කළේය.

පසුගිය 21 වැනිදා වැලිසර නාවික හමුදා කඳවුරේ සිට පැමිණි නාවික හමුදා සෙබලෙකුට කොවිඩ්-19 වයිරසය ආසාදනයවී ඇතිබවට තහවුරුවීමත් සමඟ මහකච්චකොඩිය ගම්මානය හා ඔහු ඇසුරුකළ පිරිස එළෙස ස්වයං නිරෝධායනයට ලක්කෙරිණි.



අදහස් (0)

හුදකළා කර තිබූ මහකච්චකොඩිය ගම්මානය යළි විවෘත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31642 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14067 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11100 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 179 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1110 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site