IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


හතකට උණ : පානදුර රෝහලේ විශේෂ වාට්ටුවක

ඉන්ෆ්ලුවන්සා එච්1එන්1 රෝග ලක්ෂණ ඇති කාන්තාවන් තිදෙනකු ඇතුළු 7 දෙනෙක් පානදුර රජයේ රෝහලේ වෙනම වාට්ටුවක ප්‍රතිකාර ලබතියි රෝහල් ආරංචි කියයි.

මෙයින් තිදෙනක් දැඩි සත්කාර ඒකකයේ සිටිති.

රෝගීන් දෙදෙනකුට එච්1එන්1 රෝග ලක්ෂණ ඇතැයි බොරැල්ලේ වෛද්‍ය පර්යේෂණායතනය තහවුරු කරයි. රෝගීන් ගාල්ල, කොළඹ හා පානදුර පදිංචිකරුවන් බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විශේෂඥයන් එහි ගොස් පරීක්ෂණ පැවැත්වීමට නියමිත බවත් දැනගන්නට ඇත.

පානදුර මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි දොස්තර පියල් සමරවීර මහතාගෙන් විමසූ විට ඔහු පැවසුයේ මෙම රෝගීන් වෙන් කර ප්‍රතිකාර කරන බවයි.

පානදුර රෝහලේ අධ්‍යක්ෂ පියල් සමරවීර මහතා මෙසේ කියයි.

‘මෙය කුරුලු උණ හෝ ඌරු උණ කියන රෝග  කියා විශ්වාස කරන්නේ නෑ. එක් රෝගියකුගේ එච්1එන්1කියා පරීක්ෂණ වාර්තාව ලැබී තිබෙනවා. තවත් රෝගියකුට ඉන්ෆ්ලුවන්සා ඒ කියන ප්‍රභේදයේ කියා ඇවිත් තිබෙනවා.

මෙවැනි රෝග ලක්ෂණ තිබෙන රෝගීත් හත් දෙනාගෙන් තිදෙනකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. ඉතිරි සිව් දෙනා ආරක්ෂිත කාමරවල ප්‍රතිකාර ලබනවා.

උණ, සෙම්ප්‍රතිශ්‍යාව, හිස රදය වගේ රෝග ලක්ෂණ තමයි මේ රෝගීන්ට තිබෙන්නේ.

මොනයම් හෝ රෝගයක් තිබෙන රෝග මර්දනයේ ප්‍රතිශක්තිය අඩු වැඩිහිටියනට මේ රෝගය වැළැඳී ඇති බව නිරීක්ෂණයේදී පෙනී ගියා. දරුවකු ලැබෙන්නට සිටි මවක මේ රෝග ලක්ෂණවලින් ඇතුළු කළා. ඇය දරුවා ප්‍රසූත කළා. දැන් නේවාසිකව ප්‍රතිකාර ලබනවා. ඉතිරි සියලුම දෙනා වැඩිහිටියෝ.‘

 



අදහස් (0)

හතකට උණ : පානදුර රෝහලේ විශේෂ වාට්ටුවක

දිලිනි Tuesday, 19 May 2015 01:16 AM

දැන් මේකට අපේ කට්ටිය කුරුළු උණ කියලද ප්‍රථිකාර කරන්නේ? (නි)

:       0       0

සුලෝචන Monday, 18 May 2015 04:54 AM

විරාජ්,අර මහා හොරදෙටුවන් ටික ඔක්කොම අත්අඩංගුවට අරගෙන උපරිම දඬුවම් දුන්නොත්,මේ වගේ ලෙඩ ලංකාවෙන්ම තුරන්වෙලා යයි. නැත්නම් මේවා දේව කෝපයක් වෙලා පිටපිටම මිනිසුන්ගෙන් පළිගනීවි (නි)

:       0       0

දුමින්ද Monday, 18 May 2015 06:25 AM

රටට විපත් වැඩි කාලයක් (ම)

:       0       0

දිලිනි Wednesday, 20 May 2015 12:38 AM

මේකට කියන්නේ ඌරු උණ කියලා අපි නම්. එහෙමත් නැත්නම් හොග් ෆ්ලු.හරියට විවේකය ඕනෑ. ඒ වගේම පරිස්සම් වෙන්න ඕනෑ.නැත්නම් ජීවිතය අවදානමේ.සුළඟින් වේගයෙන් පැතිර යනවා. රෝගියා සහ ප්‍රතිකාර කරන උදවිය මුකවාඩම් බඳින්න ඕනෑ.අත්වැසුම් පාවිච්චි කරන්න ඕනෑ. (නි)

:       0       0

විරාජ් Sunday, 17 May 2015 05:12 PM

ඉක්මන් සුව පතනවා. ලංකාවේ මිනිසුන්ට තියෙන ලෙඩ මදිවට තවත් එනවා (නි)

:       0       0

පෙරේරා Sunday, 17 May 2015 06:13 PM

ඒත් එච්1 එන්1 කියන්නේ කුරුළු උණ කියන එක මුළු ලෝකයම දන්නා දෙයක්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site