(අංජුල මහික වීරරත්න)
ජංගම අලෙවි රථ මඟින් රුපියල් 100-120 අතර මුදලකට පොල් විකිණීමේ වැඩසටහනක් හෙට (23) සිට ක්‍රියාත්මක කිරීමට පොල් වගා කිරීමේ මණ්ඩලය තීරණය කර තිබේ.
පවතින පොල් මිල හමුවේ පාරිභෝගික ජනතාව මුහුණ දී තිබෙන දුෂ්කරතාවයට විසඳුමක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙයි.
එහි පළමු අදියර කොළඹ, ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ, කඩුවෙල නගර සභා බල සීමා ප්‍රදේශයන් මුල්කර ගනිමින් ක්‍රියාත්මකය.
කොළඹ බල ප්‍රදේශයේ වැලිකඩ පොලිසිය අසලත්, කිරුළපන පොදු වෙළදපොළ සහ මුදල් අමාත්‍යාංශ පරිශ්‍රය ආසන්නවත් ජංගම ලොරි රථ මගින් බෙදා හැරීම් සිදු වේ.
ශ්‍රී ජයවර්ධනපුර කෝටටේ නගර සභා සීමාවට අයත් වැලිකඩ පොලිසිය ආසන්නව සහ නුගේගොඩ ආනන්ද සමරකෝන් එලිමහන් රංග පීඨය අසල ද පොල් බෙදා හැරීමේ ජංගම වැඩසටහන ක්‍රියාත්මක වේ.
කඩුවෙල සහ බත්තරමුල්ල බල ප්‍රදේශයන් ආවරණය කරමින් සෙත්සිරිපාය රජයේ කාර්යාල පරිශ්‍රය ආසන්නව සහ ඩෙන්සිල් කොබ්බෑකඩුව පොල් වගා කිරීමේ මණ්ඩලය පිහිටි ස්ථානය ආසන්නව පාරිභෝගිකයින්ට පොල් මිලදී ගැනීමට පහසුකම් සපයා තිබෙන බව පොල් වගා කිරීමේ මණ්ඩලය පවසයි.
පසුව සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක වීමට නියමිත බව පොල් වගා කිරීමේ මණ්ඩලය කියයි.
පොල් වගා කිරීමේ මණ්ඩලය විසින් දිනකට පොල් ගෙඩි දසදහසක් වෙළෙඳ පොලට එක් කරන අතර සඳුදා, බදාදා සහ සිකුරාදා දිනයන්වල පසුව ක්‍රමිකව දිනකට පොල් ගෙඩි පන්දාහ බැගින් සතියකට පොල් ගෙඩි 15,000 ක් පාරිභෝගික ඉල්ලුම අනුව වෙළෙඳපොළට යොමු කරනු ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
හෙට සිට අඩු මිලට පොල්
අමර Tuesday, 22 October 2024 09:29 PM
පොල් සංවර්ධන අධිකාරිය නව සභාපති එක්ක අධි වේගයෙන් පරණ වංචා අලුත් විදිහට කරගෙන යන අතරේ පොල් වගා කිරීමේ මණ්ලඩය කරන්න යන වැඩේ අගය කළ යුතුමයි.
Sarath Tuesday, 22 October 2024 11:14 PM
මම මේ පොල් ගේන්ඩ කොළඹ යන ගමන්.
මැක්ස් Wednesday, 23 October 2024 05:05 AM
පරණ අය ගහපු තැටියමයි. මෙවැනි පොල් ලොරියක් දුටු කෙනෙක් වහාම ඒ වග ලංකාදීප ඔන්ලයින් වෙත වාර්තා කරන්න. එම ඉල්ලීම සාමාන්‍ය පාරිභෝගිකයන් ගෙන් පමණයි. අන්ධ භක්තික ප්‍රශස්ති වාදකයින්ගෙන් නොවේ. ඒ අය කැමැති නම් පොල්වලින් හොරකම් කරන ඇමැතිවරු සෙවීම සඳහා ඔවුන්ගේ කාලය යෙදවිය හැකියි...!
සිල්වා Wednesday, 23 October 2024 10:12 AM
මේවා බන්දුල ඇමතිගේ අසමත් විසදුම්. භාණ්ඩ සුලබ කර මිල අඩුවීමට සලස්වන්න.
රසික Wednesday, 23 October 2024 12:36 PM
යකඩෝ රුපියල් 100ට 120ට පොල් බෙදා හරින්න එපා. දැනටමත් අපි ගන්නේ ඒ් ගානට තමා. ඕකට කොළඹට යන්න ඕනද?
Sandaruwan Wednesday, 23 October 2024 01:50 PM
පොල් ගෙඩි 10000 දීලා පොල් මිල පාලනය කරන්න බැහැ. උපරිම පවුල් 10000 කට පමණයි ඒකෙන් ප්‍රථිලාභ ලැබෙන්නේ. දැනට ක්‍රියාත්මකවන ක්‍රමවේද වෙනස් කළ යුතුයි. DC පොල් කර්මාන්තය නිසා මාලුපොල් වල හිගයක් ඇති වෙලා. පසුගිය කාලයේ වර්ෂාව නිසා පොල් මල් සේදීම නිසාවෙන්ද පොල් ඵලදාව අඩුවීමට හේතුවක්. පොල් ත්‍රිණෝනයේ පොල් තොග මිලත් 100-110 අතර වෙනවා. රජයට අයත් වතුවල පොල් ඵලදාව නිසි ක්‍රමවේදයක් සහිතව වෙලදපොලට ඉදිරිපත් කිරීමට කටයුතු කිරීම වඩාත් යෝග්‍යයි.
මොහොට්ටාල Wednesday, 23 October 2024 03:10 PM
අදහස හරි... ඉතින් කරන්න තියෙන්නේ ආණ්ඩුව හාල් පොල් විකිණීම නොවෙයි. අනාගතයේ යළිත් මෙහෙම දේවල් නොවෙන්න සැලසුම් සකස්කිරීම හා ක්‍රියාත්මක කිරීම තමයි. එහෙම නොකර කිසිම ප්‍රශ්නයක් විසඳීමට බැහැ...!
Pathmalatha Rathnayaka Wednesday, 23 October 2024 02:08 PM
මගේ පොල් ඉඩමක් තියෙනව වනාතවිල්ලුවෙ පොල් කඩනව දවස් 4 5න්45 ට අඩු ගණනකට පොල් තොගේ ගන්නවා. අපිට අතින් පාඩුයි. පොහොර දාන්න, පොල් ගස් වලට සාත්තු කරන්නවත් මට ලැබෙන මුදල මදි. ඉතින් මම පිටරටක ඉන්න නිසා බලාගන්න දීලා තියෙන කෙනෙකුට ඒ වත්මතෙම පදිංචි වෙලා ඉන්නෙ හොරුන්ගෙනුත් අඩුවක් නෑ. කවුරු හරි ඉන්නවා නම් පොල් අරන් අඩු ගණනට මම දෙනවා. හොද වැඩක් මේක.