
(අංජුල මහික වීරරත්න)
ජංගම අලෙවි රථ මඟින් රුපියල් 100-120 අතර මුදලකට පොල් විකිණීමේ වැඩසටහනක් හෙට (23) සිට ක්‍රියාත්මක කිරීමට පොල් වගා කිරීමේ මණ්ඩලය තීරණය කර තිබේ.
පවතින පොල් මිල හමුවේ පාරිභෝගික ජනතාව මුහුණ දී තිබෙන දුෂ්කරතාවයට විසඳුමක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙයි.
එහි පළමු අදියර කොළඹ, ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ, කඩුවෙල නගර සභා බල සීමා ප්‍රදේශයන් මුල්කර ගනිමින් ක්‍රියාත්මකය.
කොළඹ බල ප්‍රදේශයේ වැලිකඩ පොලිසිය අසලත්, කිරුළපන පොදු වෙළදපොළ සහ මුදල් අමාත්‍යාංශ පරිශ්‍රය ආසන්නවත් ජංගම ලොරි රථ මගින් බෙදා හැරීම් සිදු වේ.
ශ්‍රී ජයවර්ධනපුර කෝටටේ නගර සභා සීමාවට අයත් වැලිකඩ පොලිසිය ආසන්නව සහ නුගේගොඩ ආනන්ද සමරකෝන් එලිමහන් රංග පීඨය අසල ද පොල් බෙදා හැරීමේ ජංගම වැඩසටහන ක්‍රියාත්මක වේ.
කඩුවෙල සහ බත්තරමුල්ල බල ප්‍රදේශයන් ආවරණය කරමින් සෙත්සිරිපාය රජයේ කාර්යාල පරිශ්‍රය ආසන්නව සහ ඩෙන්සිල් කොබ්බෑකඩුව පොල් වගා කිරීමේ මණ්ඩලය පිහිටි ස්ථානය ආසන්නව පාරිභෝගිකයින්ට පොල් මිලදී ගැනීමට පහසුකම් සපයා තිබෙන බව පොල් වගා කිරීමේ මණ්ඩලය පවසයි.
පසුව සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක වීමට නියමිත බව පොල් වගා කිරීමේ මණ්ඩලය කියයි.
පොල් වගා කිරීමේ මණ්ඩලය විසින් දිනකට පොල් ගෙඩි දසදහසක් වෙළෙඳ පොලට එක් කරන අතර සඳුදා, බදාදා සහ සිකුරාදා දිනයන්වල පසුව ක්‍රමිකව දිනකට පොල් ගෙඩි පන්දාහ බැගින් සතියකට පොල් ගෙඩි 15,000 ක් පාරිභෝගික ඉල්ලුම අනුව වෙළෙඳපොළට යොමු කරනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොල් සංවර්ධන අධිකාරිය නව සභාපති එක්ක අධි වේගයෙන් පරණ වංචා අලුත් විදිහට කරගෙන යන අතරේ පොල් වගා කිරීමේ මණ්ලඩය කරන්න යන වැඩේ අගය කළ යුතුමයි.
මම මේ පොල් ගේන්ඩ කොළඹ යන ගමන්.
පරණ අය ගහපු තැටියමයි. මෙවැනි පොල් ලොරියක් දුටු කෙනෙක් වහාම ඒ වග ලංකාදීප ඔන්ලයින් වෙත වාර්තා කරන්න. එම ඉල්ලීම සාමාන්‍ය පාරිභෝගිකයන් ගෙන් පමණයි. අන්ධ භක්තික ප්‍රශස්ති වාදකයින්ගෙන් නොවේ. ඒ අය කැමැති නම් පොල්වලින් හොරකම් කරන ඇමැතිවරු සෙවීම සඳහා ඔවුන්ගේ කාලය යෙදවිය හැකියි...!
මේවා බන්දුල ඇමතිගේ අසමත් විසදුම්. භාණ්ඩ සුලබ කර මිල අඩුවීමට සලස්වන්න.
යකඩෝ රුපියල් 100ට 120ට පොල් බෙදා හරින්න එපා. දැනටමත් අපි ගන්නේ ඒ් ගානට තමා. ඕකට කොළඹට යන්න ඕනද?
පොල් ගෙඩි 10000 දීලා පොල් මිල පාලනය කරන්න බැහැ. උපරිම පවුල් 10000 කට පමණයි ඒකෙන් ප්‍රථිලාභ ලැබෙන්නේ. දැනට ක්‍රියාත්මකවන ක්‍රමවේද වෙනස් කළ යුතුයි. DC පොල් කර්මාන්තය නිසා මාලුපොල් වල හිගයක් ඇති වෙලා. පසුගිය කාලයේ වර්ෂාව නිසා පොල් මල් සේදීම නිසාවෙන්ද පොල් ඵලදාව අඩුවීමට හේතුවක්. පොල් ත්‍රිණෝනයේ පොල් තොග මිලත් 100-110 අතර වෙනවා. රජයට අයත් වතුවල පොල් ඵලදාව නිසි ක්‍රමවේදයක් සහිතව වෙලදපොලට ඉදිරිපත් කිරීමට කටයුතු කිරීම වඩාත් යෝග්‍යයි.
මගේ පොල් ඉඩමක් තියෙනව වනාතවිල්ලුවෙ පොල් කඩනව දවස් 4 5න්45 ට අඩු ගණනකට පොල් තොගේ ගන්නවා. අපිට අතින් පාඩුයි. පොහොර දාන්න, පොල් ගස් වලට සාත්තු කරන්නවත් මට ලැබෙන මුදල මදි. ඉතින් මම පිටරටක ඉන්න නිසා බලාගන්න දීලා තියෙන කෙනෙකුට ඒ වත්මතෙම පදිංචි වෙලා ඉන්නෙ හොරුන්ගෙනුත් අඩුවක් නෑ. කවුරු හරි ඉන්නවා නම් පොල් අරන් අඩු ගණනට මම දෙනවා. හොද වැඩක් මේක.