ගාලූ දිසාවේ හිටපු ප‍්‍රධාන සංඝනායක ඉඳුරුව බණ්ඩාරිගොඩ සුනන්දාරාමාධිපති මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමි ගිනි අවියක් මිලට ගත් බවට ගාල්ල බන්ධනාගාරයේ සැකකරුවකුගෙන් ගත් සාක්කි ඇතුළත් වාර්තාවක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අද බලපිටිය මහේස්ත‍්‍රාත් අසංග බෝදරගම මහතාට ඉදිරිපත් කළෝය. ගිනි අවි ලඟ තබා ගැනීම, අපරාධකරුවනට නවාතැන් දීම, අසැබි සංයුත්ත තැටි ලඟ තබා ගැනීම සම්බන්ධයෙන් සුමිත්ත හිමි සහ සැකකරුවන් අට දෙනෙක් රිමාන්ඞ් කර සිටිති. සුමිත්ත හිමි වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නාරද මෙන්ඩිස් මහතා කීවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ස්වාධීන සාක්කි හා ගිනි අවි ඉදිරිපත් කර නැති බවයි. සැකකරුවන් ලබන 7 වැනිදා තෙක් රිමාන්ඞ් කෙරිණි. උසාවිය කල් තැබූ පසු බන්ධනාගාර රියට යන ගමන් සුමිත්ත හිමි ප‍්‍රථම වරට වාර්තාකරුවන් සමග කතා කෙළේය. එක් වාර්තාකරුවකු හැර සෙසු අයගේ වාර්තා හොඳ බව ඒ හිමි ඔවුනට කීවේය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
හිටපු සංඝනායකට ගිනි අවි විකුණලා
සරසි Wednesday, 25 July 2012 05:49 PM
හිමි - අහිමි......(ස)
ප්‍රනාන්දු Wednesday, 25 July 2012 05:48 PM
උන්වහන්සේට ගිනිඅවි පාවිච්චි කරන්න තරමට මිළ මුදල් තිබුණද? (නි)
අමිල Wednesday, 25 July 2012 06:50 PM
ශාශනය රැක ගැනීමට නම් මින්පසු වැදගත් ප්‍රභූ පවුල් වල දරුවන් පමණක් පැවිදි කළ යුතුයි. (නි)
ටිකී Wednesday, 25 July 2012 07:19 PM
ඒක නිශ්ක්‍රීය කරන්න අර ගත්තාද දන්නේ නෑනේ. (නි)
සෙනෙරත් Wednesday, 25 July 2012 07:55 PM
මේ වගේ ගිනි අවි ළඟ තියාගෙන ඉන්න පැවිදි අය තව මේ ලංකාවේ ඉන්නවා......(ස)
කුමාර Wednesday, 25 July 2012 08:11 PM
හැමදේම හොදින් සිදු වේවි. (නි)
රුවන් Wednesday, 25 July 2012 10:36 PM
නිධන් හොරුන්ගෙන් පන්සල රැක ගන්නද දන්නේ නෑනේ. (නි)
රුවන් Wednesday, 25 July 2012 10:50 PM
ඇයි ඉතිං තවත් 'හිමි' කියලා පාවිච්චි කරන්නේ? (නි)
මහී Wednesday, 25 July 2012 11:04 PM
දේශපාලකයන්ට දීල තියෙන ගිනි අවි නැවත ගන්න ගියානම් බලාගන්න තිබුණා...!!!! (නි)
අමරා ඉරංගනී Wednesday, 25 July 2012 11:36 PM
පැවිදි උතුමන් ළඟත් ආයුධනම් තව මොන කතාද ???.(ස)
චතුල වෙරෝනා Thursday, 26 July 2012 02:01 PM
මෙයාට තියෙන චෝදනා හරියට පාතාලෙ කෙනෙකුටවත් නැති එවනේ..(නු)
ගැමුණු Wednesday, 25 July 2012 03:27 PM
අනේ මන්දා ශාශනේට මොකද වෙන්නේ කියලා? (නි)
ලුම්බිණි Wednesday, 25 July 2012 03:35 PM
ඇයි මේ තරම් ලෙහෙසියෙන් ගිනි අවි ගන්න පුළුවන් කම? සියලුම දේශපාලකයන්ට දීල තියෙන ගිනි අවි ආපහු ගන්නේ නැත්තේ ඇයි ? මේ අය ගිනි අවි විකුණනවා ඇති. මීට කලිනුත් වාර්තා උනා ගිනි අවියක් විකුනන්න ගිය ඡන්දෙට තරඟ කරපු අයෙක් ගැන. සෝමාලියාවෙවත් නැහැ මේ වගේ ගිනි අවි සුලබ තත්වයක්. (ස)
අමිත් Wednesday, 25 July 2012 03:39 PM
සංඝනායක....???
ජීවා Wednesday, 25 July 2012 03:40 PM
කළ වැරැද්ද ඔප්පු වුණොත් එයාට දැඩි දඩුවම් දෙන්න ඕනේ හොදද? (නි)
චමිල් Wednesday, 25 July 2012 03:43 PM
ලුම්බිණි ඔයා සෝමාලියාවට ගිහිල්ලා තියනවද ??? එහේ තියන ගිනිඅවි ගණන දන්නේ.....????ගියානම් බලාගන්න තිබුණා........ඒවා මෙහෙට වඩා සුලබ බව අයියෝ දැනගෙන කතා කරන්න......(ස)
ලංකා Thursday, 26 July 2012 05:32 AM
දැන් නිවනට යන්න පුළුවන් ද හාමුදුරුවනේ?.... දේෂපාලනය කරන භික්ෂුන් වහා එයින් ව ඉවත් ව ශාසනය රැකගත යුතුයි. (නි)
බණ්ඩා Wednesday, 25 July 2012 04:01 PM
දැන්නම් අපේ රට වැටිලා තියෙන්නේ නැවත ගොඩ ගන්න බැරි තරම් ලොකු ආගාධයකට. (නි)
සහන් Friday, 27 July 2012 09:14 AM
මට හිතෙන්නේ සිවුරක් දාගෙන මෙවන් ක්‍රියාකාරකම් වල යෙදිලා කර ගන්නේ අපාගත වෙන තරම් ලොකු පවක්. (නි)
ෆාරුක් Wednesday, 25 July 2012 04:07 PM
හාමුදුරුවන්ට මොකටද තුවක්කු. පහන් පත්තු කරන්නද ?(දී)
ප්‍රේම් Wednesday, 25 July 2012 04:10 PM
බුදුරජාණන් වහන්සේගේ අවිය වුණේ ධර්මය නම් ස්වාමින් වහන්සේලාට ගිනි අවි පාවිච්චි කිරීමට කිසිම බලයක් නැහැ. (නි)
දයි Wednesday, 25 July 2012 04:14 PM
මුළු දකුණම ඉවරයි....ගිහියෝ පැවිද්දෝ තකට තක.......(ස)
සිරිපාල Wednesday, 25 July 2012 04:19 PM
චමිල්, ඔයා ඔය කියන්න හදන්නේ ලංකාව දැන් ධර්ම රාජ්‍යක් කියලද ????.(ස)
සරත් Wednesday, 25 July 2012 04:44 PM
චමල් නම් සෝමාලියව ගැන දන්න පාටයි. (නි)
ඩයස් Wednesday, 25 July 2012 04:55 PM
ඕකනේ අපි කිවුවේ ඇස් ඇරපු බළල් පැටියකුවත් ගෙනියන්න එපා කියලා. (නි)
සරත් Wednesday, 25 July 2012 05:04 PM
පැවිද්දන් ඝාතනය කරන සමයක ගිනි අවියක් ළග තබාගැනීම ආරක්ෂාවට කොහොමත් හොදයි. (නි)
praveen(manila) Thursday, 26 July 2012 08:58 AM
ඔක්කොම සැක කරනවා විතරයි. රහස් පොලිසිය කිසිම නඩු බණ්ඩායක් ඉදිරිපත් කරන නැහැ නේද? මොකස ඒ (අ)
ජීවක Wednesday, 25 July 2012 05:09 PM
සාසනේ ආරක්ෂා කරන්න ගිහිං වගේ..(නු)
මානෙල් Wednesday, 25 July 2012 05:14 PM
මේ පැත්තෙ ඉන්න ගිහි පැවිදි ඔක්කොම එකයිනෙ බලාගෙන ගියාම..(නු)
චමින්ද Wednesday, 25 July 2012 05:14 PM
දකුණු පළාතේ පාලකවරු වැඩි නිසා පාලනය හොදයි. (නි)
දීපාල් Wednesday, 25 July 2012 05:20 PM
ඉතින් ආරක්ෂාවට එකක් තියාගත්ත වෙන්න ඇති. සල්ලි වලට අරගෙන මිසක් මංකොල්ල කාලා නැහැනේ. (නි)
ජයලත් Wednesday, 25 July 2012 05:33 PM
සාදු... සාදු... සාදු....!!! (නි)
ලලිත් Wednesday, 25 July 2012 05:39 PM
වැරදියට තේරුම් ගන්න අවශ්‍ය නැහැ. බලහත්කාරයෙන් පන්සල් වලට ඇතුලු වන පුද්ගලයින්ගෙන් ආරක්ෂා වෙන්න මේ ගිනි අවිය තියා ගත්තා වෙන්න පුලුවන්. (නි)