(මනෝප්‍රිය ගුණසේකර)
හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී.දසනායක ඇතුළු 5 දෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා අද(9) ඇප ලබාදුන්නේය.
ඒ අනුව එක් අයකුරු රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇප හා රුපියල් ලක්ෂ 10 බැගින් වන ශරීර ඇප දෙකක් මත මුදා හැරුණු අතර ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කෙරිණි. සැකකරුවන්ට සෑම මසකට වරක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසද නියෝක කෙරිණි.
තරුණයින් පිරිසක් පැහැර ගැනීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව නඩු පවරා තිබුණු අතර ඒ හේතුවෙන් රිමාන්ඩ් භාරයේ සිටියදී ඔවුන් කළ ඇප ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ප්‍රතික්ෂේප කෙරුණු අතර එම නියෝගය ප්‍රතිශෝධනය කරමින් අද(9) කොළඹ මහාධිකරණය විසින් ඇප නිකුත් කෙරිණි.
2025 නොවැම්බර් මස 04
110
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2033
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඇතුළු 5කට ඇප
daham Tuesday, 09 January 2018 07:48 AM
ජය වේවා, ඔබ තුමා ඇතුළු පිරිසට. ඔබතුමා එදා ජීවිත පරදුවට තබා කොටි බෝම්බ ලොරිය අල්ලා ගත්තේ නැත්නම් කොළඹින් භාගයක් ඉවර වෙන්න තිබුණා. එහෙනම් දැන් ඔය මානව හිමිකම් ගැන බෙරිහන් දෙන උන් වලලපු තැන්වල රූස්ස ගසුත් පැලවෙලා. ඔබ තුමාව රිමාන්ඩ් කරපු පොලිස් කාරයෝ සහ නඩු කාරයොත් ඒ අතර ඉන්නත් ඉඩ තුබුණා නේද?
aka Tuesday, 09 January 2018 08:04 AM
"කෙසේ වෙතත් ඝාතන චෝදනාව සම්බන්ධයෙන් තමන් දුන් සාක්‍ෂිය අසත්‍ය බවත් එසේ සාක්‍ෂි දුන්නේ පොලීසියේ බල කිරීමට බවත් ගිය නඩු වාරයේදී බී විජයකාන්තන් නම් පුද්ගලයා පසුගියදා අධිකරණය හමුවේ විශේෂ ප‍්‍රකාශයක් කළේය."
Lapaya Tuesday, 09 January 2018 08:38 AM
දැන් සාක්කියට බලකරපු පොලීසියේ උන් රිමාන්ඩ් කරපල්ලා.........ලක්ෂ ගානක වන්දියක් ඉල්ලන්න නඩු දාන්න..............
manoj Tuesday, 09 January 2018 09:50 AM
රට වැනසූ ත්‍රස්තයින් නිදහස් කරන, රට බේරාගත් රණවිරුවන් හිරේ යවන අපේ කාලේ අරුම පුදුම පාලනේ.
sam Tuesday, 09 January 2018 01:54 PM
ලෝකයේ හොඳම නාවික හමුදාව ලෙස ලබාගෙන තිබුන කීර්තිය මේවගේ අපරාධ නිසා නැතිවෙනවා. නාවික සහ පාබල හමුදාව වල වැරදි කරපු අය හදන්නේ රණවිරු ලේබලයෙන් ගොඩයන්න. එක අපගේ නිදහස වෙනුවෙන් මියගිය ගුවන් නාවික පාබල සිවිල් ආරක්ෂක සහ සිවිල් පුරවැසියන්ට කරන මහපොළව නුහුලනා අපරාධයක්.
duminda Tuesday, 09 January 2018 04:16 PM
ඉටුකර තම සතු යුතුකම්.. ලැබුනත් ලෝකෙන් ගැරහුම්.. ඉවසන්නට පුලුවන්නම්.. නුඹයි මගේ පුතා උතුම්..