ෂෙහාන් චාමික සිල්වා
හිටපු නිතිපති හා අගවිනිසුරු වන මොහාන් පිරිස් හා හිටපු අතිරේක සොලිසිටර් ජනරාල් හා වර්තමාන අභියාචනාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී නාවස් සහ හිටපු ලංකා විදුලිබල පෞද්ගලික සමාගම (ලෙකෝ) හිටපු ලේකම් එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩස්ට යන අයට අල්ලස් කොමිසම අද (18) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දී නඩු පැවරිණි.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා මොවුනට මාර්තු 8 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කළේය.
මොහාන් පිරිස් මහතා නිතිපති ධුරය දරන කාලයේ ලෙකෝ සමාගමේ ඉඩම් හා දේපල මිලදී ගැනීමේ දී සිදුවු බව කියන දුෂණ හා අක්‍රමිකතාවලට වගකිව යුතු නිලධාරින්ට එරෙහිව අපරාධ චෝදනා යටතේ නඩු පැවරිම වැළැක්වීම සඳහා අයුතු සහගත ලෙස නිතිපති වාර්තාවක් ලබාදීම යන චෝදනාව යටතේ මෙසේ නඩු පවරන ලදි .
2025 නොවැම්බර් මස 04
110
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2033
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හිටපු නිතිපතිට සොලිසිටර් ජනරාල්ට ලෙකෝ ලේකම්ට නඩු
daham Thursday, 18 January 2018 09:06 AM
එතකොට මේ රටේ සිදුවුණු ලොකුම රාජ්‍ය හොරකම වන මහා බැංකු මහා මංකොල්ලය ගැන හොයන කොමිසමේ සාක්කි දීමට පැමිණි අගමැති රනිල්ගෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ මේ පිළිබඳව දිගටම පරීක්ෂණ සිදු කල නීතිවේදී දෙපලට ඉඩ නොදී තමන්ම පැමිණ අගමැතිව නැලෙව්ව වත්මන් නීතිපති ජයසූරියට විරුද්ධව මොනවත් වෙන්නේ නැද්ද?
athuraThursday, 18 January 2018 11:46 AM
ඒක හිටපු එක්කෙනාගේ ආණ්ඩුවක් ආවොත් කරන්න ඉතුරු කරලා තියෙන්නේ.
layman Thursday, 18 January 2018 09:17 AM
සැකකරුවෙකුට විනිශ්චයකරු ලෙසට සේවය කිරීමට හැකිද? නැතහොත් ඉල්ලා අස්වියුතුද? දන්නකෙනෙක් අපට කියාදෙන්න.
ලුම්බිණි Thursday, 18 January 2018 09:25 AM
අවුරු 3 ක්ම ගියා මේවා පටන් ගන්න.
purawadsia Thursday, 18 January 2018 10:26 AM
ෂාම් මහ්තයෝ හිටපු ජනාධිපතිතුමා කොමිසම් කීයක් පත් කලාට කී දෙනෙක් වරදකාරයෝ වුනාද. නිකම් බොරු එපා. අපේ ජනාධිපතිතුමා මේ ඇවුරුද්ද තුල හොරුන්ට දඬුවම් දේවි.
බද්රානි Thursday, 18 January 2018 10:58 AM
මොනවා උනත් නඩු හබ වලට නම් උපන් හපන් ජාතියක් තමයි අපි. එක අතකට, මේ රටේ පල්ලි පන්සල් යනවට වඩා කොච්චර නම්බුවක්ද උසාවි යන එක. ඊටත් වඩා අත්දෙකට මාංචු දමාගෙන ලෝකෙට පේන්න තමන්ගේ වීරකම පෙන්වලා බන්ධනාගාර සුපිරි රෝහලේ නැවතිලා නොමිලේම බොඩි චෙකප් එකක් කරගෙන, එළියට එද්දී මල්මාලා දමලා පිළිගන්න බුද්ධිමත් ජනතාවක් ඉන්න රටක ඉපදීමම මොන තරම් නම් ආඩම්බරයක්ද?
dias Thursday, 18 January 2018 11:59 AM
ඔහොට්ටුව දිනවමු.නඩු බෙරමු.
rocky Thursday, 18 January 2018 01:23 PM
දහම්ලා වගේ කට්ටියට රිදෙනවා, "අපේ මැන්ලාට" වදිනකොට! අපට නම් ඕන කරන්නේ හොරුන් කාටත් නීතියෙන් දඬුවම් ලැබෙනවා දකින්නයි. ඉවසල ඉන්න දහම්, තවත් කට්ටිය පෝලිමේ ඉන්නවනේ.
Sathyayaa Thursday, 18 January 2018 03:55 PM
මොහාන්! මහින්දට හා ගෝඨාට මේ ආණ්ඩුවේ තියෙන මුක්තිය ඔබට කවදාවත් ලැබෙන්නේ නැහැ. මට ඔබ ගැන දුකයි. මේ ලියන්නේ පරණ මිත්‍රයෙක්.