IMG-LOGO

හිටපු තවත් ඇමැතිවරයෙක් කරපු සෙල්ලමක් පාර්ලිමේන්තුවේදී එළියට

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

හිටපු ඉඩම් නියෝජ්‍ය අමාත්‍ය සාලින්ද දිසානායක මහතා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් අක්කර 76 ක ගොඩමඩ ඉඩමක් 2000 වර්ෂයේදී කෘෂිකර්ම අමාත්‍යාංශයට පවරා සිය බිරිඳ සභාපති ධූරය දැරූ හිරියාල ගොවි සමාගමට බදු දී ඇතත් වසර 25ක් තිස්සේ එක සත පහක බදු මුදලක් රජයට ලැබී නොමැති බව ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19) පැවසීය.

ඉඩම හිරියාල සමාගමට බදු දීමෙන් පසු තවත් පාර්ශව ගණනාවකට අතුරු බදු දී මුදල් උපයා ඇති බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම ඉඩමෙන් ආර්ථිකයට දායකත්වයක් ලැබී නැතිවා සේම රජයට අයවිය යුතු බදු මුදල් පවා ලැබී නැති බව සදහන් කළේය.

ඉඩම රජයට පවරා ගැනීම සම්බන්ධයෙන් ගැටලුවක් අැති හෙයින් මේ පිළිබඳව කමිටුවක් පත් කර කරැණු සොයා බලාගෙන යන බවද රණසිංහ මහතා පැවසීය.

ඉඩම් කොමසාරිස්වරයාගේ අනුමැතිය සහිතව ඉඩම ලංකා පුත්‍ර බැංකුවට උකසට තබා අැති නමුත් ඒ උකස් තියලා ගත්තු ණය පවා ගෙවා නැතැයි ඔහු සඳහන් කළේය.

ඊට පසු මෙම ඉඩම බැංකුවට සින්න වූ බවද හෙතෙම කීය.

 



අදහස් (2)

හිටපු තවත් ඇමැතිවරයෙක් කරපු සෙල්ලමක් පාර්ලිමේන්තුවේදී එළියට

විපරමා Friday, 20 June 2025 12:36 AM

හිටපු නායකයෝ පට්ට හොර දූෂිතයෝ නම් ,වටේම හිටපු උන් ගැන කවර කතාද?

:       1       6

කව්ද බෝයි Friday, 20 June 2025 12:38 AM

රජයේ ඉඩම් බදු අරගෙන, බදුගෙවලත් නැතිව, පිටඅයට නැවත බදු දීල. ඒ මදිවට බැංකුවට උකසුත් කරලා. කොහොමද ගැහිල්ලේ රඟේ?

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 383 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 543 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site