
සුනිල් එස් තන්ත්‍රිආරච්චි )
අප රටේ ජනතාව මේ රටේ විශාලතම දේශපාලන හැරවුම ඇති කිරීමට දායක වුණා. ඒ වගේම පසුගිය මාස දෙකක කාලය තුල මේ රටේ දේශපාලන සංස්කෘතියේ සුවිශාල පරිවර්තනය ඇති කිරීමට අපට හැකි වුණා.ඒ වගේම අප ලැබූ ජනවරමට වග කියමින් අප රට මෙහෙයවනවා " යැයි ජනාධිපති ඉන්අනුර කුමාර දිසානායක මහතා අද සවස කළුතරදී ප්‍රකාශ කළේය .
ඒ මහතා එසේ ප්‍රකාශ කළේ කළුතර වෙට්ටුමකඩ පකිස්ථාන් ක්‍රීඩාංගනයේ පැවැති පාක්ෂික හමුවක් අමතා කතා කරමිනි .
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද කීය .
පහුගිය කාලය තුල මේ රටේ ආණ්ඩු වෙනස්වූ ආකාර තිබුණා. ඇතැම් විට විවිධාකාර භාණ්ඩ බෙදීම් ,විදෙස් බලපෑම්,මාධ්‍ය මැදිහත්වීම් අදි විවිධ ක්‍රියා.එසේ නොමැතිව ජනතාවගේ මැදිහත්වීමෙන් ජනතාව අතට රාජ්‍ය බලය ලබා ගත් අවස්ථාව මෙයයි.
මේ ජයග්‍රහණය වැළැක්වීමට රට විනාශ කළ කණ්ඩායම් විවිධාකාර බොරු ප්‍රචාරය කළත් ජනතාව ඒවාට රැවටුනේ නැහැ .එම ජනතාවට පෙරළා සේවය කිරීම ජනතාවාදී ආණ්ඩුවක වගකීමක් .ආර්ථිකය ස්ථාවර කර විදෙස් සබඳතා ශක්තිමත් රාජ්‍ය යහපත් අතට හරවා ගැනීමට ගතවූ මාස දෙකක කාලය තුල අපට හැකිවී තිබෙනවා .
අපේ ඇමති මණ්ඩලය 21 යි.එදා පවුලට ,හිතවතුන්ට ඇමතිකම් බෙදා ගැනීමේ සංස්කෘතියක් තිබුණා .අපේ ඇමතිවරු ,මන්ත්‍රීවරු ජනතාව වෙනුවෙන් වගකීම් බෙදා ගන්න අය. අපේ ඇමතිවරු පිටුපස වාහන පෝලිම් ,පොලිස් රථ යන්නේ නැහැ .ඒක වෙනසක්.
තිබුණු ආණ්ඩුවල ඇමතිවරු රජයේ ගෙවල් බෙදා ගන්න පොර කෑවා.අපි කිසිම ඇමතිවරයකුට ආණ්ඩුවේ ගෙවල් දෙන්නේ නැහැ .
ඒවාට කුමක් කළ යුතුදැයි යෝජනා ඉදිරිපත් කිරීමට දැන් කමිටුවක් පත් කර තිබෙනවා.ඒ සමහර නිවාස හෝටල් වේවි.සමහරක් සංස්කෘතික මධ්‍යස්ථාන වේවි.තවත් ඒවා අධ්‍යාපන මධ්‍යස්ථාන වේවි මහින්ද රාජපක්ෂ මහත්තය ඉන්න නිවසේ රජයේ තක්සේරුව අනුව මාසික කුලිය විතරක් රුපියල් ලක්ෂ 46 ක්. පනත අනුව මාසික වැටුපෙන් 1/3 ක් ගෙවන්න පුළුවන් .ඒ රුපියල් 30,000 .ඉන්නම ඕන නම් ඉතිරිය අතින් ගෙවල ඉන්න පුළුවන් .චන්ද්‍රිකා ඉන්න නිවසත් ළඟදි තක්සේරු කරනවා .
අමාත්‍යාංශවල වාහන පිරිලා .කාර් සේල් වගේ. කුඩා රටකට ඔරොත්තු දෙන්නේ නැහැ .ළඟදීම ඒ වාහන වෙන්දේසි කරනවා .
මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කරන යෝජනා ළඟදීම ගෙන එනවා .මන්ත්‍රීවරුන් වාහන පර්මිට් අරන් ලක්ෂ 60-70 කට වික්කා.ඉදිරියේදී කිසිම මන්ත්‍රීවරයකුට පර්මිට් ලැබෙන්නේ නැහැ .
මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු කැන්ටිමෙන් කෑම ගැන විවාදයක් තිබෙනවා .ඉදිරියේදී කෑම වේළේ නියම වටිනාකම ගෙවල කැමති අයට පාර්ලිමේන්තු කැන්ටිමෙන් කන්න පුළුවන් .
වර්ෂ 1960 දී සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ රජය ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගත්තේ බ්‍රිතාන්‍යයට පවුම් ලක්ෂ 2 1/2 ක් දීලයි.අපිට තෙල් ගබඩා කරන්න ඕන ඉන් 24 යි.අයිඕසී එකටත් දුන්නාම තව 61 ක් ඉතුරුයි.ඒවායෙ තෙල් මෙට්‍රික් ටොන් 6,10,000 ක් ගබඩා කළ හැකියි .ඒ අනුව ඉන්දියාව සමග තෙල් පිරිපහදුවක් ආරම්භ කර විදෙස් රටවලට තෙල් අලෙවි කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා .
අපට චීනයෙන් යුවාන් මිලියන 500 ක ප්‍රදානයක් ලැබුණා .
ජනතාවගේ දුප්පත්කම දුරැලීමට හා පොදු කටයුතු සඳහා එම මුදල් වැය කරනවා .චීනයේ දියුණු තාක්ෂණය මෙරටට ගෙන ඒම සඳහා තාක්ෂණ හුවමාරු වැඩසටහනක් ආරම්භ කරනවා .
(විශ්‍රාමිකයින්ට රුපියල් 3000/ ක වැඩිවීමක් ලබා දුන්නා.අස්වැසුම ප්‍රතිලාභ වැඩි කළා.පාසැල් සිසු සිසුවියනට රුපියල් 6000/ බැගින් ලබා දුන්නා. ජූනි මාසයේදී අස්වැසුම නියමාකාරයෙන් ලබා දීම සඳහා සමාලෝචනයක් කෙරෙනවා .
පසුගිය කාලයේ පොල් ප්‍රශ්නයක් ආවා.කොහොමත් නොවැම්බර් ,දෙසැම්බර් පොල් හිඟයක් එනවා .ඒවාට සැලසුම් හදන්න තමයි ආණ්ඩු තියෙන්න ඕන. ඉදිරියේදී උතුරේ පොල් අක්කර 40,000 වගා කිරීමට අප සැලසුම් කර තිබෙනවා .
අපේ රටේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ නියම දත්ත නැහැ .අපට සහල් ආනයනය කරන්න සිදු වුනා.පසුගිය කාලයේ වී අලෙවි මණ්ඩළයට රුපියල් දස ලක්ෂ 28 ක් ලබාදී තිබුණත් එක වී ඇටයක් අරන් තිබුණේ නැහැ .සල්ලිත් නැහැ .
(ඉදිරියේදී වී අලෙවි මණ්ඩලය වී මිලදී ගන්නවා .පෞද්ගලික අංශයටත් වී මිලට ගන්න පුළුවන් .හැබැයි සහල් නියමිත මිලට වඩා විකුණන්න දෙන්නේ නැහැ .ලියාපදිංච් නොවී වී රැස් කරන්න කාටවත් ඉඩ දෙන්නේ නැහැ .තමන් ළග ඇති සහල් තොග ගැන සතිපතා වාර්තාවක් දෙන්න ඕන.
හමුදා කඳවුරුවලින් ගිනි අවි අරන් ගිහින් මිනී මරල නැවත කඳවුරට එන ක්‍රියාවලියක් තිබුණා. එක් හමුදා කඳවුරකින් ටී 56 ගිනි අවි 73 ක් පිට කරල තිබුණා .ඉන් 38 ක් සොයාගෙන තිබෙනවා .හමුදාවේ කීප දෙනකු කුලියට මිනී මරලා කඳවුර ඇතුලට එන්න පුරුදුවී හිටියා . ඉන් 13 ක් මේ වනවිට අත් අඩංගුවට ගෙන තිබෙනවා .
අපි විදුලි බිල අඩු කරන බවට ජනතාවට පොරොන්දු වුනා .එය මේ වනවිට ඉටු කර තිබෙනවා .විදුලි බල මණ්ඩළයේ ණය මේ වනවිට භාණ්ඩාගාරයට ගෙන තිබෙනවා .ඒ ණය ගෙවිය යුතුයි .
පොදු ප්‍රවාහනය දියුණු කිරීමට අප කටයුතු කරනවා .චීනයෙන් හොඳ බස් රථ සංඛ්‍යාවක් ගෙන්වනවා.ලංගමට හොඳ තත්වයේ බස් රථ 1000 ක් ගේනවා .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොවටිනා වැඩි මුදලකට තක්සේරු කරන්නට උපදෙස් දීල යවනව.ප්‍රශ්න විසඳන්නෙ එහෙමයි.
ගැලරියේ ප්‍රතිචාර බලාගෙන සිල්ලර කතා කිය කිය ඇවිදීම දෙකයි පනහේ දේශපාලුවන්ගේ මූලික ලක්ෂණයක්. යහපාලන කාලේ මෛත්‍රීපාලත් ඔහොම තමා. අන්තිමට රටට කල දෙයක් නෑ
ලස්සන කතා නම් ගොඩයි. මෙයාගෙ කතාත් හරියට ස්වීප් ටිකට් වගේ. හරියට අපි ටිකට් එකක් අරගෙන කෝටි 20 ජයමල්ල ඇදුනොත් මෙහෙම කරන්න ඕන, මෙහෙම කරන්න පුලුවන් කියල හීන මවනව වගේ මේ පචයා කියන ඒව අහගෙන මිනිස්සු රැවටෙනව. හැබැයි ඇත්තටම නම් දීපු රුපියල් 40ත් නැති වෙනව වගේ තමයි වැඩ පිලිවෙල නම්.
පාතාලෙ මර්ධනේ කරන්නෙ ඔහොමද, අපි ආවම එක දවසෙන් ඔක්කොම ටික අල්ලල දෙනව, ඇමතිල තමයි කුඩු ගේන්නෙ, ඒක නිසා ඇමතිල අත් අඩංගුවට ගත්තම ඕව ඔක්කොම එක දවසෙන් නැති වෙනව කියලයි කිව්වෙ. යුක්තිය මෙහෙයුම කියන්නේ විහිලුවක් කිව්වා. දැන් දිනපතා මිනිහෙක් මරල යනවා. පාතාල නායකයන්ට ඇප දෙන්න විරුද්ධත්වයක් නෑ කියලා නීතිපති දෙපාර්ථමේන්තුවෙන් ආපු නීතීඥය නඩුකාරයට කියනවා. එපාර ඇප අරන් උන් පැන්නම අල්ලන්නේ ඉන්දියාවෙ පොලීසියෙන්. තව පැනපු එකෙක් කොහේ ඉන්නවද දන්නෙ නෑ. නොදකින් තොපේ මාලිමා කතෝලික දේව රාජ්ජේ.
යුද්ධය දිනා රටේ ජනතාවගේ ජීවිත බේරාගත් නායකයාගේ නිවසට අත නොතබනු. ඒ මහතා මේ ලොකෙන් සමුගන්නා තුරුම එහි වාසය කිරිමට ඉඩ දිය යුතුවේ. ආර්ථිකයේ වැඩිම වර්ධනයක් වූයේ එතුමාගේ පාලන කාලයේදීය.එතුමාට කරන ගෞරවයක් වශයෙන් නිවසට අත් නොතබනු.මෙරට විනාශය කරා ගෙන ගිය වර්තමානයේ පාලකයන්ට දඩුවම් දියයුතුය
දේශපාලනයෙදි වාමාංශික හා දක්ෂිනාංශික යනු සංස්කෘති දෙකක්... මෙයා පරිවර්තනය කරමින් ඉන්නෙ දකුනෙන් වමටයි.. වමේ කෑම සකසමින් පවතින අතර දකුනේ කෑම කා පුරැදු ලංකාවට තවමත් පිස ගැනීමට දගලන වමේ කෑම 69 ලක්ෂයට කොයි විදිහට දිරවයි ද කියල දෙයියො තමයි දන්නෙ....1972 දී අර්ධ වාමාංශික රජයේ හාල් පොලු, පාන් පෝලිම්, පරිප්පු අාසාවකටවත් දකින්න නෙතිබුණු කාලය රටට තාමත් අමතක නැහැ..
තවම ජනතාවට දැනෙන්න කිසිම දෙයක් කරලා නැත . තවත් බයිලා ගගා පච කෙලින්නේ නැතිව යමක් කරපල්ලා හොරු අල්ලපල්ලා. ඔය කට උල් කර කර පච විදින එක කවදද නවත්වන්නේ
යකෝ පුදුම කතානේ කියන්නේ... පනතට අනුව හිටපු ජනාධිපතිට තම වැටුපෙන් 1/3 ක් හෝ නිවසේ ඔහු ජීවත්ව සිටිනතුරු පදිංචිව සිටිය හැකියිලු. ඉතින් ඒ තීරණය ගත යුත්තේ එය ලබාගන්නා විසින් නොවේද? ඔහු කීවොත් මට වැටුපෙන් 1/3 එපා මම නිවසේ ඉන්නවා කියලා එය වැරැදිද...?
නියමයි , ඔහොම යං ! ජයවේවා .. බයියන්ට රට හදන්න මාර හදිස්සියක්නේ තියෙන්නේ!
ඔය බොරු රැවටිලි වලින් තවදුරටත් අපේ බඩ පිරෙන්නේ නෑ. ගතවූ මාස හතරේ රනිල්, නාමල්, සජිත් මේ කවුරු බලයේ හිටියත් බඩුමිල මේ වගේ අහසට යන්නෙත් නෑ, රට එකතැනම නවතින්නෙත් නෑ
IMF එක්ක පොර බැඳුවා, උගන්ඩාවේ ඩොලර් හොයගත්තා. අසාර්ථක 400 එළියට දැම්මා. උමා ඔයේ හිල සහ වරායේ ගල හොයා ගත්තා. වේයන්ගොල නිධන් හොයා ගත්තා, එකී නොකී දේවල් රැසක් කළා කුමරානෙනි. දැන්වත් පච මැෂිමට විවේකයක් දෙන්න.
පොල් වගාව විනාශ කරන වනසත්ත්ව ගහනය පාලනය කරල දෙන්න.
රුපියල් ලක්ෂ 46 මාසික කුලියක් වන නිවසක්. මේ මිනිසුන්ට කිසිම හිරිකිතක් නැතුව ජනතා සම්පත් අවභාවිත කරන හැටි. මේවා කුලියටදී එක එක මාසයේ කුලිය මේ රටේ දුෂ්කර ගම්මාන වල පානීය ජල ගැටලුව වගේ නොවිසදී ඇති ගැටළු විසඳීමට යොදාදන්න . මේ රට විනාශ කරා මදිවට මුන්ට තවත් විලි ලජ්ජාවක් හිරිකිතක් නැතුව ගෙවල යක්කු වගේ රටේ සම්පත් පරිභෝජනය කරන හැටි.
හිටපු කාලකන්නි හාම්පුතාලගේ ලෙවකාගෙන හිටපු උන්ට හොඳට රිදෙයි දැන්. ගෙදර තාත්තා බලාගන්නේ නැතුව මහින්දට අප්පච්චි කියපු අපතයෝ ඉන්න රටක් මේක. නීතියේ ආධිපත්‍ය වගේම නූගත් ගෝත්‍රිකවාදී මිනිසුන්ගේ මනස හදන එකත් කල යුතුයි.
මේවගේ සිල්ලර කථා ඔය තනතුරට ගැලපෙන්නේ නැහැ , පරණ කට්ටියගේ ඇද කියෝලා දැන් වැඩක් නැහැ , දුෂිතයන්ට දඩුවම් අවශ්‍ය මොහොත දැන් . අනිත් අතින් MR ගෙන් සිල්ලර විදියට පලිගන්ඩ එපා , ඔහොම කියවන්ඩත් එපා , මොකද MR ගේ ගොඩක් අඩුපාඩු තිබුන, එත් , තනිකරම ත්‍රස්තවාදය නැතිකරන්ඩ නායකත්වය ගත්ත . වර්තමානේ ආණ්ඩුවේ ඉන්නේ රටට මෙලෝ වැඩක් කරන්ඩ දුන්නේ නැති වුර්තියසමිති කාරයෝ , උනුත් මේ රටේ විනාශයට වගකියන්ඩ ඕන , 76 වසරක සාපයට උනුත් හවුල්. කිසිම දෙයක හොදක් නොදැක්ක පක්ෂයක්.
රට පෙරට ජෙබයියත් හොඳට ලෙවකනවා කියලා පේනවා.
මහින්ද මහත්තයා සහ එයාගේ බත් බැලයන් හිතාගෙන ඉන්නේ ඔහු විතරයි යුද්දේ දිනුවේ කියලා... කොපමණ අහිංසක අම්මා තාත්තාගේ දරුවෝ ජීවිත කැපකළාද? ඒ වෙනුවෙන්... එදා මහින්දට රට හදන්න තිබුණා. සියළුම රටට ආදරේ කරන නායකයින් එකතු කරගෙන. එසේ නොකර යුද්ධයේ ප්‍රමුඛ සෙන්පති අමානුෂිකව හිරේ දැම්මා. මොවුන් කිසිවෙක් මේ රටට හා ජනතාවට ආදරේ නැහැ. වංක, දූෂිත, ප්‍රෝඩාකාරි, හොර තක්කඩි රැලක් හෙන්චයියෝ ටිකක් හිතවත් හොර රාජ්‍ය නිලධාරීන් රොත්තක් හා හොර ව්‍යාපාරික නඩයක් එකතු කරගෙන රට දියුණු සංවර්ධිත දේශයක් කරන්න... අවශ්‍ය සංවර්ධන ව්‍යාපෘති වෙනුවට ඔවුන්ට වාසි කොමිස් වැඩි ව්‍යාපෘති කළා.. ප්‍රාදේශීය සභාවේ සිට පළාත්සභා, මහ ආණ්ඩුවේ අමාතයාංශ ජනාධිපති දක්වා මහජන ධනය කොල්ලකෑවා ඒක අවබෝධ කරගත් අපි ඔබලාට විරුද්ධ වුනේ දැං කොමිස් කාක්කෝ බදු වංචාකාරයෝ, දූෂිතයෝ, කොමිස් කාක්කෝ විවිධ ගැටළු ඇතිකරමින් ධෛර්යයෙන් නැගිටින්න හදන අවංක අදූෂිත රජය වට්ටලා මේ රටේ දරුවන්ගේ අනාගතය අදුරු කරන්න උගුල් අදිනවා. අපි කැපකිරීම් කරලා අපේ අනාගත දරුවන් වෙනුවෙන් විනය ගරුක නීති ගරුක දියුණු රටක් හැදිය යුතුයි. ඒ සඳහා හැකි දේ රට වෙනුවෙන් කළ යුතුයි.
අනුර කුමාර පාර්ලිමේන්තු මහලේකම් නෝනා ගානටම වැටිලා. සාමාන්‍ය ජනතාවට එළිය කැන්ටිමින් ගන්න තියෙන කෑම එකේ ගාන වැඩි කරන්නයි හදන්නේ. මන්ත්‍රීවරුන්ගේ, කාර්ය මණ්ඩලයේ ආහාර හැමදාම නොමිලේ. අන්තිමට පාර්ලිමේන්තුව බලන්න ඉතා දුර පළාත් වලින් කොළඹ එන දුප්පත් පාසල් ළමයින්ට ඒ ගුරුවරු, මාධ්‍ය කණ්ඩායම් වලට තමා ඒකෙනුත් බඩේ පාර. අන්තිමට දේශපාලකයත් එකයි පාර්ලිමේන්තුවේ පාලකයොත් එකයි. ඔක්කොම තමන්ගේ පත හංගගෙන කන එකයි කරන්නේ. කලින් එව්වා වහගත්තේ පොදු කැන්ටිමට බාල කෑම එකක් දාලා, අනේ අපි කන්නෙත් මෙහෙම කෑම කියලා. මේ පාර පොදු කැන්ටිමේ බත් පතේ ගාන දැන් වැඩි කරලා පෙන්නන්නයි හදන්නේ. මන්ත්‍රී භෝජනාගාරවල, පාර්ලිමේන්තුවේ ඉහළ කාර්ය මණ්ඩල භෝජනාගාරවල තමා කෑමට කෝටි ගණන්වලින් වියදම් යන්නේ
දැන්නම් දෙකයිපනහේ කතාමයි කියන්නේ .දේශපාලනිකව බොහොම බුන්වත්
ලංකාවේ බිහි වෙච්ච ජරාම කුහක පච විදින ජනාධිපති කෙනෙක්. මේ කියන එක අනිත් පැත්තට කීවේ නැත කියන අමනයෙක්
රස්තියාදුකාරයෝ බලයට ගෙනාවහම ඉතින් ඔහොම වෙනවා . කිව්වෙනම් නැහැ උගත්තු කියලා
රට පෙරට , කමක් නෑ
පැය 24 න් බදු අඩු කරනවා, හොරු අල්ලලා හිරේ දානවා වගේ දාහක් පොරොන්දු දීපු මිනිහා ඒ එකක්වත් ඉටු නොකර හිටපු ජනාධිපතිලාගේ ගෙවල් තක්සේරු කරකර ඇවිදිනවා.