IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


හිටපු ජනපතිවරු-ප්‍රභූවරු භාවිත කළ වෙඩි නොවදින වාහන 8 ක් ගංගාරාමයේ ප්‍රදර්ශනයට


(සුජිත් හේවාජුලිගේ)
 
හිටපු ජානාධිපතිවරු ඇතුළු ප්‍රභූවරු පාවිච්චි කරන ලද  වෙඩි නොවදින වාහන අටක් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට  ප්‍රදර්ශනය සඳහා ලබා දෙන බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි.


හිටපු ජනාධිපතිවරු භාවිත කළ  මෙවැනි වෙඩි නොවදින වාහන අටක් මිට පෙර මුහුදේ ගිල්වා  විනාශ කරනු ලැබීය.


මෙම අධි ආරක්ෂිත වාහන විනාශ කරනුයේ ඒවා නවීකරණය කර පාවිච්චියට ගත නොහැකි නිසාත් විකිණිමට හා පෞද්ගලික පරිහරණයට පවරා දිය නොහැකි නිසාත්  යැයි ජනාධිපති ලේකම් කාර්යාලය නිකුත් කර ඇති කාර්ය සාධක වාර්තාවේ  සඳහන් වේ.


 මෙම ප්‍රභූ වාහන නැවත අදාල සමාගම්වලට දිය හැකි දැයි විමසන ලද බවත් නැව්  ගාස්තු හා ප්‍රතිචක්‍රීකරණ  වියදම් දරන්නේ  නම්  එමර ථ නැවත භාර ගත හැකි  යැයි  එම වාහන නැවත භාරගත හැකි යැයි එම සමාගම්  දැනුම්දී ඇතැයිද එම වාර්තාවේ  පෙන්වා දෙයි.


මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ භාවිත කෙරුණු වාහන 95 ක්  සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන 16 කට බදු දී ඇතැයිද   කාර්ය සාධන  වාර්තාවේ දැක්වේ.
 



අදහස් (10)

හිටපු ජනපතිවරු-ප්‍රභූවරු භාවිත කළ වෙඩි නොවදින වාහන 8 ක් ගංගාරාමයේ ප්‍රදර්ශනයට

කමල් දොලවත්ත Tuesday, 29 May 2018 09:17 AM

අද ලන්කාවෙ මිනිස්සුන්ගෙ ආර්ථිකය අන්තිමයි. හැමතැනම ලෙඩ දුක්. මාරාන්තික ලෙඩ දුක් පිරිලා. මිනිස්සුන්ට කන්ඩ බොන්ඩ නැ. මිනිස්සු ළමයි ලෙඩ දුක් වලින් මැරෙනව සත්තු වගේ. ඒ අතරේ දෙශපාලකයො අහිංසක මිනිස්සුන්ව නියමෙට රවට්ටල උන් උපරිම සැප විදිනව. දේශපාලුවො මුලු රටම විනාශ කරනව. ඉස්පිරිතාල පිරිල ඉතිරිලා. අවශ්‍ය අවම සෞඛ්‍ය පහසුකම්වත් නෑ. අනේ අපේ රට.

:       0       628

PriyanthaTuesday, 29 May 2018 10:30 AM

ඕක තමයි අවුරුදු 70 ක් තිස්සේ මේ රටේ සිදුවුනේ.එත් අපේ රටේ මිනිස්සුන්ට එක තේරෙන්නේ නැති එකයි පුදුමේ.

:       0       221

සනත් ඉතාලිය Tuesday, 29 May 2018 10:07 AM

ලංකාව ගොඩ ගන්න නම් අනිවාර්යයෙන් අපි නැවතත් යටත් විජිතයක් විය යුතුයි .හොඳම රටනම් සවුදි අරාබියයි .දැඩි දඬුවම් තියන එවා ක්‍රියාත්මක කරන පාලනයක් අවශ්‍යයි

:       4       150

Asanka Tuesday, 29 May 2018 11:00 AM

සනත් ඉතාලිය , මම ඉන්නේ ඩුබායි , මෙහෙ පාලකයා හිටපු සයිද් රජු සිහිවීම පිණිස සියලුම රටවැසියන්ට (අපට නොවේ ) බෝනස් දුන්න ඩිරහම් මිලියන ගණනක් ගිය මාසේ. ඔන්න ඔහොමයි මේ රටවල රටවැසියාට සලකන්නේ

:       0       17

Perakum Tuesday, 29 May 2018 11:58 AM

සනත් ඉතාලිය, ඇයි අපි පිට රටවලට යටත් වෙන්නේ. රටට ආදරය ඇති හොඳ හමුදා පාලකයෙක් ලැබුනොත් නරකද? හමුදා පාලනය අවුරුදු 20 ක් වත් තිබිය යුතුයි. අපට වෙන විකල්පයක් නැති බවයි මට පෙනෙන්නේ. ඒ සඳහා ඉදිරිපත් වෙන්න කෙනෙක් ඉන්නවද කියන එකයි ගැටලුව.

:       1       3

රවින් Wednesday, 30 May 2018 03:15 AM

ආගමික ස්ථාන කියන්නේ සිත සන්සුන් කරන ස්ථාන මිස සිත තව තවත් අවුල් වියවුල් කරන ස්ථාන නොවිය යුතුය.

:       0       2

krish Wednesday, 30 May 2018 05:06 AM

සුද්දා අපෙන් නිදහස් උනේ අපේ කරුමෙට. අපේ අය කියන්නේ එයාලා සුද්දාගෙන් රට නිදහස් කර ගත්ත කියලා. ඇතටම උනේ සුද්දා අපෙන් නිදහස් උන එක.

:       0       2

Nandalal DE SILVA - France Wednesday, 30 May 2018 07:55 AM

මෙවැනි "සුදු අලියන්" මුහුදේ ගිල්වා, සමුද්‍රය දුෂණය කරනවා වෙනුවට, එම වාහන කොටස් කර පංචිකාවත්තේ මෝටර් රථ වාහන කොටස් විකුණන කඩවලට භාරදී එමගින් විශාල මුදලක් රජයට ලබා ගන්න හැකි නේද? වාහනවල යකඩ තහඩු වානේ සංස්ථාවේ උදුන් මගින් උණුකර අලුත් වානේ තහඩු නිපදවා රටට විදේශ විනිමය ඉතිරිකර ගැනීමටත් පුළුවන් නේද?

:       0       1

faizer Wednesday, 30 May 2018 09:28 AM

කාගේ සල්ලිද මේ.?

:       0       0

Bamunuarachchi Wednesday, 30 May 2018 10:51 AM

ගංගාරාමයේ පෙන්වන්නේ මොකටද? ගංගාරාමය රජයේ ප්‍රදර්ශනාගාරයද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 174 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2063 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1583 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site