IMG-LOGO

2025 අගෝස්තු මස 05 වන අඟහරුවාදා


‘හිටපු අගවිනිසුරුට තනාපතිධුරයක් දීම අනියම් ආකාරයේ අධිකරණයට වූ බලපැමක්‘

(නිමල කොඩිතුවක්කු)

හිටපු අගවිනිසුරුවරයාට ජනාධිපති අනුර කුමාර  දිසානායක මහතා තනාපතිධුරයක් ලබාදීම  අනියම් ආකාරයේ අධිකරණයට සිදුවූ  බලපැමක් බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ප්‍රකාශ කරයි.

විදේශ සේවා වලට පත්විම් ලබදිමේදී ඒ පත්විම් ලබා දෙන්නේ විදෙස් සේවයේ සිටින නිලධාරින්ට බව ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වුවත් එම ප්‍රතිපත්ති සියල්ලම අද වනවිට ආණ්ඩුව උල්ලංගනය කරමින් සිටින බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතාද හිටපු අගවිනිසුරු මොහාන් පිරිස්ට තනාපතිධුරයක් ලබාදුන් බවත්  අනුර කුමාර සහ  ගෝඨාභය රාජපක්ෂගේ ක්‍රියාවන්හි අද වනවිට වෙනසක් නැතැයිද රහුමාන් මහතා කීවේය.

තානාපති සේවය සඳහා නව පත් කිරිම් 14 ක් සිදුකර ඇති බවත් ඒ පත්විම් තුළ විදේශ සේවයේ සිටින එක පුද්ගලයකු පමණක් සිටින බවත්  ජාතික ජන බලවේගයෙන් කොළඹින් ඉල්ලලා පරාජය වූ අයෙකුටත්  තානාපතිධූරයක් පිරිනමා ඇතැයිද   ඔහු සඳහන් කළේය.

මාලිමා ආණ්ඩුව ක්‍රමවේදය පරිවර්තනයක් කරනවා යැයි පවසුවත්  කිසිදු පරිවර්තනයක් සිදුව නොමැති බවත් කලින් සිටි ජනාධිපතිවරු සිදුකළ දේම වර්තමාන ජනාධිපතිවරයාත් සිදුකරන බවත් රහුමාන් මහතා තවදුරටත් කීවේය.



අදහස් (9)

‘හිටපු අගවිනිසුරුට තනාපතිධුරයක් දීම අනියම් ආකාරයේ අධිකරණයට වූ බලපැමක්‘

ලලනි Sunday, 30 March 2025 02:29 PM

මැතිවරණ ප්‍රකාශයේ මොකක් කිව්වත්, ඔයාලාගේ ආණ්ඩු කරපු විදියටම කරනවා නම්, ඒවා වැරැදි වැඩ වෙන්න බෑනේ, නේද?

:       2       0

ප්‍රියන්ත Sunday, 30 March 2025 02:40 PM

ඒ කියන්නෙ, කරනවනං ඔහෙල කලා වගේ ‘නියම්’ ආකාරයෙන් බලපෑම් කරන්න කියලද?

:       3       3

කව්ද බෝයි Sunday, 30 March 2025 03:41 PM

එහෙනං අපි ඒක අර හාල් මුදලාලිට දෙමු ?

:       0       4

sakra Sunday, 30 March 2025 04:16 PM

මාලිමාව ජනතාව රවට්ටුව බවත් එයාලට මේක කරගෙනයන්න බැරි බවත් දැන් ඉතා පැහැදිලියි නමුත් පුතානෝ අවොත් තානාපති වරුන්ලෙස විදේශ සේවයෙන් පිටස්තර අය මෙවැනි තනතුරු වලට පත් නොකරනවා යයි අපි කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ . උනුත් එකයි මුනුත් එකයි තොපිත් එකයි . කොන්දක් ඇති අවංක මිනිස්සු නම් දැනගන්න ඕන කවුරු මොන තනතුරු දුන්නත් තමන්ට නොගැලපෙන දේ බාරනොගෙන ඉන්න . අන්න ඒ අතින් හිටපු පොලිස්පති ඉලංගකෝන් මහතා උතුම් මනුස්සයෙක් .

:       2       6

පිටරැටියා Sunday, 30 March 2025 04:59 PM

රාජපක්ෂලා බලයේ හිටපු කාලේ දේසපාලුවන්ගේ හෙන්චයියන්ට,කඩේ ගිය ගායිකාවන්ට තානාපතිකම් දීම ගැන තමුන්ට අමතක වෙලා ?.ජාත්‍යන්තර සම්බන්දතා පිළිබඳ දැනුමක් ඇති ,උගත් ,සුදුසුකම් ඇති ,බාෂා පිලිබද දැනුමක් ඇති අය තමා මේ රටවල තානාපති සේවයට පත් කරන්නේ?

:       4       5

ගුණරත්න Sunday, 30 March 2025 05:28 PM

මාලුමාවුන් කලින් කිව්වේ තානාපතිසේවයට බඳවා ගන්නේ, තානාපති විදියට පත්කරන්නේ විදේශ සේවයේ නිලධාරීන් කියල, විදේශ සේවයට ගෑවිලාවත් නැති මහා රොත්තක් දැන් පත්වීම් අරගෙන තිබෙනවා. උනුත් කටින් බතල ඉන්දන උන් කියල මිනිස්සුන්ට තේරිලා ඉවරයි

:       4       8

පොඩිඑකාMonday, 31 March 2025 05:35 PM

ඇත්තද ගුණේ…., මිනිස්සුද ඔහෙට එහෙම කිව්වේ..?

:       0       0

Pinthu Monday, 31 March 2025 09:07 AM

ජනාධිපති හරියට වැඩේ කරගෙන යනවා .උඹලා බංකොලොත් වේගෙන යනවා .කට පියන් ඉන්න

:       13       10

Perera Monday, 31 March 2025 11:49 AM

මොහාන් පීරිස් අගවිනිසුරු වරයාවත් ඔය තනතුරටම පත්කළාම කට වහගෙන හිටියේ මොකද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 229 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 387 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 724 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site