IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


හක්මන වැසියෝ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වටලති

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

මාතර හක්මන පාර පුළුල් කිරිමේදී හා ගංවතුර අලාභ හානි වෙනුවෙන් වන්දි බෙදා දීමේදී තමන්ට අසාධාරණයක් සිදු වී ඇතැයි පවසමින් මාතර හක්මන පාර දෙපස පදිංචිකරුවෝ අද(26) මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුළට කඩා වැදුණහ.

එහෙත් මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා මැතිවරණ රාජකාරි කටයුත්තකට ගොස් තිබු නිසා ඔවුන්ට දිසාපතිවරයා හමු වීමට නොහැකි විය.

පසුව පොලීසිය පැමිණ එම පිරිස කාර්යාලය තුළට යාම වැළැක්වු අතර නියෝජිතයින් පස් දෙනකුට පමණක් සහකාර දිස්ත්‍රික් ලේකම් නදී ජයවික්‍රම මහත්මිය සමග සාකච්ඡා කිරීමට අවස්ථාව හිමිවිය.

මෙම වන්දි මුදල් ලබා දීමේ කටයුතු මාතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සිදු වු නිසා ප්‍රාදේශීය ලේකම්වරයා හමු වී සාකච්ඡා කරන ලෙසට එහිදී උපදෙස් ලබා දී තිබිණි.

ඒ අනුව අසාධාරණයට ලක්වු බව කියන පිරිස යළිත් මාතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණි අතර එහිදී එම පිරිස හා මාතර ප්‍රාදේශීය ලේකම් දර්ශන වික්‍රමාරච්චි මහතා අතර අවසානයේ පැවැති සාකච්ඡාව උණුසුම් මුහුණුවරක් ගත්තේය.

එම සාකච්ඡාවෙන් පසු මාතර තුඩාව ,හිත්තැටිය,හක්මන පාර හා වෙහෙරගම්පිට සිට පැමිණි පිරිස විසිර ගියහ.

ඔවුන් සදහන් කළේ වැරදි නිවැරදි කර සාධාරණයක් ඉටු කරන බවට ප්‍රාදේශීය ලේකම්වරයා පොරොන්දු වු බවයි.

මාතර ප්‍රාදේශීය ලේකම් දර්ශන වික්‍රමාරච්චි මහතාගෙන් ඒ ගැන විමසූ විට කියා සිටියේ වන්දි තක්සේරු පිළිබද තොරතුරු ඔවුන් ඉල්ලා සිටි බවත් එම තොරතුරු ලබා දීමට එකග වු බවත්ය .

 



අදහස් (1)

හක්මන වැසියෝ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වටලති

kumara Wednesday, 27 December 2017 02:35 AM

හක්මන වැසියෝ නෙවෙයි. මාතර - හක්මන පාරේ ඉන්න මාතර වැසියෝ.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කෙහෙළිය රිමාන්ඩි
2025 මැයි මස 07 1342 2

ජනමාධ්‍ය, පරිසර සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල තනතුරු සඳහා සිය ඥාතීන්, හිතවතුන් සහ දේශපාලන ආධාරකරුවන් පත්කරගෙන ඔවුන් සේවයේ යොදවා නොගෙන


පාප්තුමා තෝරා ගැනීමේ ඡන්දය ඇරැඹේ
2025 මැයි මස 07 1391 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් පසු හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප් වහන්සේ තෝරාගැනීම සඳහා වකිතානයේ දී මේ වනවිට ආරම්භ වී ඇත. මෙම


රිය අනතුරකින් දෙන්නෙක් මරුට
2025 මැයි මස 07 570 0

වීරකැටිය රන්න ප්‍රධාන මාර්ගයේ ගුරු ගොඩල්ල ප්‍රදේශයේදී යතුරු පැදියක් හා ලොරි රථයක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ දෙදෙනෙකු මිය ගොස් ඇතැයි වීරකැටිය පොල


ආනයන තීරුබදු යෝජනාව හෙට මැතිසබේට
2025 මැයි මස 07 1066 0

පාර්ලිමේන්තුව හෙට (8) සහ අනිද්දා (9) රැස්වීමට නියමිතය.


කෙහෙළිය අත්අඩංගුවට
2025 මැයි මස 07 3167 6

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.


සජබෙන් කොළඹ නගර සභාවට නගරාධිපතිවරයෙක්
2025 මැයි මස 07 10216 11

විපක්ෂයේ සියලු කණ්ඩායම් හා එක්ව කොළඹ මහනගර සභාව සඳහා සමගි ජන බලවේගයෙන් නගරාධිපතිවරයකු පත්කර ගන්නා බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1047 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 251 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1294 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site