
(සුජිත් හේවාජුලිගේ)
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියකු ලෙස පෙනී සිටිමින් වසර දහයකට අධික කාලයක් තිස්සේ එහි කටයුතු කර ඇතැයි පැවසෙන පුද්ගලයකු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ගොස් එම පුද්ගලයාගෙන් ඊයේ (20) පැය දෙකකට අධික කාලයක් තිස්සේ ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම පුද්ගලයා අමාත්‍යාංශයේ නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් එහි නිලධාරී පත් කිරීම් ඇතුළු විවිධ කටයුතුවලට පවා සම්බන්ධවී කටයුතු කර ඇති බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු සොයා බලාගෙන යයි.
මොහු මේ ආකාරයට කටයුතු කිරීම අභිරහසක් හෙයින් ඒ සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන්ගේ දැඩි අවධානය යොමුවී ඇතැයි දැනගන්නට ඇත.
2025 නොවැම්බර් මස 21
5
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
131
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
979
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
සෞඛ්‍යයේ භූතයා ගැන සී අයි ඩී පරීක්ෂණ
ලුම්බිණි Friday, 21 March 2025 07:33 AM
මේක පුදුම රටක් ඔයි
ජිල්බු Friday, 21 March 2025 10:22 AM
ඔව් ඕයි
වින්සන්ට් කජ්ජා Friday, 21 March 2025 09:07 AM
අයියෝ දැන්ද භූතයො ගැන දැනගත්තේ?? මේ ලඟදි භූතයො කීදෙනෙකුට ගෙදර නතරවෙන්න උනාද!!!
කව්ද බෝයි Friday, 21 March 2025 09:36 AM
ෆෙරාරි සීයා වගෙ පස්සදොරෙන් රිංගලා ටෙම්පරියක් කරපු පොරක්ද කොහෙද?
Bunny Preena Saturday, 22 March 2025 10:30 AM
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉන්න තරමක් ඉන්නේ භූතයොයි, කුම්භාණ්ඩයොයි, පෙරේතයොයි තමයි.