මහමෙව්නාව අසපු සංචිතයේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියෝ සදහම් වැඩසටහන් සඳහා සහභාගිවීමට ලන්ඩන් නුවරට වැඩමකර සිටිති.
ඤාණානන්ද හිමියන් කැනඩාවේ ටොරොන්ටෝ නුවරදී පැවැත්වූ අවසන් සදහම් වැඩසටහන සඳහා අති විශාල සැදැහැවතුන් පිරිසක් එක්වූහ.
එහිදී පැවැත්වූ ධර්ම සාකච්ඡාවේදී සැදැහැවතුන් කිහිපදෙනෙකුම මහමෙව්නා අසපුව විසින් සංවිධානය කළ සේරුවාවිල පළතුරු පූජාව පිළිබඳව කළ විමසීමකට පිළිතුරුදුන් ඤාණානන්ද හිමියන් පැවසුවේ එම පුජාව සඳහා යොදාගත් කිසිදු පළතුරක් හෝ මලක් මිලදී නොගත් බවයි. එලෙසම වෙරළු ගෙඩියක් තරම් වත් කිසිදු පළතුරක් නිකරුනේ නාස්ති නොකළ" බවද උන්වහන්සේ පැවසුහ.
මෙම පිංකමට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාව පුරාම විවිධ ගම් පළාත්වල සිට පැමිණි පින්වතුන් විසින් රැගෙන ආවේ ඔවුන්ගේ වතු පිටිවල හටගත් පළතුරු පමණක් බව පැවසු උන්වහන්සේ පිංකම අවසානයේදී දන්සැලක් පවත්වා සියලුම පළතුරු අවට ගම්වාසින් සහ පින්කමට සහභාගිවූ පින්වතුන් අතර බෙදාදුන් බවද එකදු පලතුරක්හෝ අපතේ නොයැවූ බවද පැවසුහ.
තමන් වහන්සේ මහණදම් පිරිම ආරම්භකළේද මෙම පින්බිමෙහි බව උන්වහන්සේ සිහිපත් කළහ.
බුදුරජාණන් වහන්සේගේ විශාලතම ධාතූන් වහන්සේවන ලලාට ධාතුන් වහන්සේ තැන්පත් කර ඇති සේරුවාවිල චෛත්‍ය රාජයාණන් වෙත මෙවන් පුජාවක් සිදුකිරීම තුලින් විශාල පුණ්‍ය සම්භාරයක් රැස්කර ගැනීමටද අවස්ථාවක් උදාවූ බවද උන්වහන්සේ පැවසුහ.
භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් කෙරෙන මොනම පුජාවකටවත් " ගැරහීමක්" නොකළයුතු බවද " කිසිවෙකුටත් උපකාරයක් නැති අනවශ්‍ය දේ පැවසීමෙන් පව් පුරවා නොගන්නා ලෙසද" උන්වහන්සේ සිහිපත් කර දුන්හ.
ඤානානන්ද හිමියෝ මෙම මස 23 වනදින තෙක් ලන්ඩන් නුවර මහමෙවුනා අසපු 4 පැවැත්වෙන දහම් වැඩසටහන් සමඟ ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡා සඳහා සහභාගී වෙති.
19 වැනි දින උදැසන 9.30 සිට ස්ටැන්මෝර් මහමෙව්නා අසපුවේ දහම් වැඩසටහන සඳහා ඒ හිමියෝ එක්වෙති.
මහා බ්‍රිතාන්‍යයේ මහමෙව්නාව ජාත්‍යන්තර භාවනා අසපුව මඟින් ජුනි මස 20 වන දින පවත්වන පින්කමේ දී සවස 4 සිට 6 දක්වා ඤාණානන්ද හිමියෝ ධර්ම දේශනාවක් පැවැත්වීමට නියමිත ය. එය එසෙක්ස් ප්‍රාන්තයේ පර්ෆ්ලීට්හි සුවිසල් බ්ලැක් ස්ටේජ් මධ්‍යස්ථානයේ පැවැත්වේ.
එදින උදැසන 9 ට ලන්ඩන් නුවර මහමෙව්නාව ජාත්‍යන්තර භාවනා අසපු භුමියේ අභිනවයෙන් ඉදිකර ඇති කුටි සෙනසුන්, ඤාණානන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිව්දිගින් වැඩම කරන්නා වූ මහා සංඝයාවහන්සේ වෙත පුජා කිරීමේ පුණ්‍යෝත්සවය පැවැත්වෙයි.
උන්වහන්සේ ආපසු ශ්‍රී ලංකාවට වැඩම කරවන ජුනි 23 වනදින උදෑසන 9.30 සිට අක්ස්බ්‍රිජ් මහමෙව්නා අසපුවේ දහම් වැඩසටහන් සඳහා සහභාගී වීමට ද නියමිත ය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම දැක්ක මහරගම පිලිකා රෝහලේ, දවසකට තැඹිලි ගෙඩී 3000 ඕන පුළුවන් නම් අාධාර කරන්න කියල නෙව්ස් එකක්. මේ පලතුරු ටික අසරණ රෝගින්ට දෙන්නනම් මීට වැඩි සෙතක් වෙනවද නැද්ද කියල හිතලා බලන්න. අනික බුදුරජාණන් වහන්සේම කියල තියෙනවා කව්රුවත් කිව්වට,උන්වහන්සේ කිව්වා කියලවත් පිලිගන්න එපා නුවනෙන් හිතලා බලන්න කියල,.. (ම)
වැරදි කියන්නේ මේ වැඩ වලට සහභාගි වෙන්නේ නැති, පිනක් දහමක් නොකරන අය (නි)
මගේ භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් උතුම්ම පුජාව පවත්වන්නේ ඔබවහන්සේ පමණි! (අ)
රුපියල් මිලියන ගණනක් මංගල ඇදුමකට වියදම් කරන විට අමතක වන... අහිංසක සැදැහැතුන් තනි තනි ව ටික ටික පූජා කොට දහස් ගණනක් මිනිසුන් බුදු රජුන් හට පලතුරු පූජාවක් කල විට මතක් වෙන... බඩ පිරෙන්න කන්න ලැබෙන මිනිසුන්ගෙ පැවැත්මට ඇති එක ම වචනය... "දුප්පතාගෙ බඩගින්න" (ර)
ඔය ධර්මයට ගරහන්නේ බණ පදයක් අහන්නේවත් නැති අයයි (නි)
කුමාර, ඔයා පන්සිල් පද පහවත් රකිනවද? (නි)
බුදුන් වහන්සේගේ දේශනාව නම් , "සියලු පවින් වළකින්න, රාග, ද්වේශ, මෝහ ඉවත් කරන්න" යන්නයි. නිර්මල බුදුදහමේ ශීල, සමාධි, ප්‍රඥා උගන්වනවා. මෙවන් ක්‍රියාවලින් නිවන් අවබෝධ කරගන්න පුලුවන්දැයි සිතිය යුතුයි. බුද්ධ ධර්මය සහ බුද්ධාගම දෙකක් බව නුවණින් වටහා ගනිත්වා! (නි)
ගිහි පින්වතුන් 100 දෙනෙකුට දෙන දානයට වඩා එක් ස්වාමීන් වහන්සේ නමකට දෙන දානය මහා ආනිසංස ගෙනදේ. ස්වාමීන් වහන්සේලා 100 නමකට වඩා සෝවාන් මාර්ගඵලලාභියෙකුට දෙන දානයේ ආනිසංසය වැඩිය. බුදුන් හෝ බුදුන් වෙනුවෙන් කරන පූජාව ඉතා උතුම් වේ. යමෙකුට යමක් ලැබෙන්නට හෝ නොලැබෙන්නට මූලික වන්නේ හේතුඵල සම්බන්ධයයි.දුප්පත් පොහොසත්වීමටත් හේතුව එයයි. අපිට යමක් ලැබෙන්නට නම් පෙර භවයන්හි අපිත් යමක් පූජාකර/ දන් දී තිබීමත්, අන්‍යයන්ගේ වස්තු විනාශ නොකර අන්‍යයන්ගේ වස්තු වලට ඊෂ්‍යා නොකර,අන්‍යයන්ට වස්තුව ලැබෙන මාර්ගයන්ට බාධා නොකළ යුතුයි. (නි)
මේ හාමුදුරුවන් විසින් කරපු බුදුරජාණන් වහන්සේගේ සුත්‍ර දේශානා අහපු කෙනෙක් උන්වහන්සේට අපහාස කරන්නේ නම් නෑ. (ම)
ඇයි මිනිසුනේ මෙතරම් තණ්හාව ඇති අය වෙන්නේ? ඇඳුම්,පැළඳුම්,රූපලාවන්‍ය වලට මේතරම් වියදම් කරන අපි ඇයි මේ දානයකට මෙතරම් ලෝබවෙන්නේ? (නි)
ඇත්තෙනම මෙවැනි දෙයක් දැකගන්නට ලැබීමෙන් ඒ තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ දේශනය මොනතරම් සත්‍යදැයි කියා තව තවත් දැනෙනවා. ශ්‍රද්ධාව වැඩිවෙනවා. අප කෙරෙහි අනුකම්පාවෙන්මයි මේ සසරින් ගැළවීමට අප්‍රමාදීවන්න කියා අපට දේශනාකළේ. ඒ අරහත් මුනිවරයාණන්ට පුජා කළ දානය අපරාධයක් කියන යුගයක් මේ වනවිටත් බිහිවෙලා කියන දේ මෙයින් ඔප්පු වෙනවා. අපගේ පරම පුජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ අප කෙරේ අනුකම්පාවෙන් අති උතුම් නිර්මල බුදු දහම තුළින් ශ්‍රද්ධාවත්, අවබෝධයත් දියුණු කරමින් මේ ආකාරයේ සත්පුරුෂ දානවලට අපව දායක කරගනිමින් පිරිහෙමින් පවතින මේ යුගයෙන් අපව ගළවා ගැනීමට දරන ප්‍රයත්නයට අපගේ නමසකාරය වේවා! නමෝ බුද්ධාය! (නි)
තව ටික දවසකින් බුද්ධ පූජාවක් වත් දෙන්න බැරිවෙයි. කියයි අපරාදේ දුප්පතෙක්ට දෙන්න තිබුනා කියලා. ඒ පලතුරු පූජාව භාග්‍යවතුන් වහන්සේට පූජාවක්ම වේවා!!! සාදු සාදු සාදු! (අ)
වසන්ත මල් පෑගීමෙන් බිදෙන සිල් පදය හෝ ශීලය ගැන පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද?(නදී)
ගිහියන් වන අප හාමුදුරුවරුන් කරන දේවල් විවේචනය කිරීම උචිත නැහැ . "මහා පින්කම්" යනුවෙන් විශාල ප්‍රසිද්ධියක් ලබා දී බුදු දහමේ මුලික සිද්ධාන්ත වලට අනුකුල නොවන දේවල් පින්කම් හැටියට කරන උත්සව වලින් වැළකිලා සිටීම පවක් නොවෙයි . අද බුදුන් වැඩ හිටියානම් නැති බැරි කෙනෙකුට බත් වේලක්, අඳින්න ඇඳුමක් හෝ "පළතුරක් " දෙන එක මා වෙනුවෙන් ඒවා පුජා කරනවාට වඩා පිනක් කියා දෙසනවා නොඅනුමානයි (නදී)
මම නම් හිතන්නේ අවශ්‍යතාවය පවතින උදවියට යමක් දීම තමයි හැම අතින්ම හොඳ. ඒක බුදු හාමුදුරුවෝ කොතන හරි කියලා ඇති. මම ඒ තරම් ගැඹුරට බුද්ධාගම දන්නේ නැති කෙනෙක්. එතකොට කිසිම දෙයක් නාස්ති වෙන්නේ නැහැ. සම්පත් හරියාකාරව බෙදීයාමකුත් සිද්ධ වෙනවා. අවශ්‍ය සතුට සැනසුමත් ලැබෙනවා. අපේ මිනිස්සු නොපෙනෙන ආත්මයක් වෙනුවෙන් පිං කරන්න ගිහින් පවතින ආත්මයේ වස්තුව නාස්ති කරනවා.(නි)
හරිම සතුටුයි අපේ හාමුදුරුවනේ! (නි)
මෙම පුජාවට ඇපල් හෝ මිදී තිබුනානම් ඒ ඉතාම අල්ප ගණනකුයි. ලංකාවේ මෙම පලතුරු වවන අය ඉන්නවා. පින්කමත් ඉන් අනතුරුව ඒ සියලුම පලතුරු බෙදා දීමත් අගය කළ යුතුයි නේද?.(බ)
අනුමෝදන් විය නොහැකි නම් විවේචනය නොකරන එකයි හොඳ. නැත්නම් එය විශාල පවක් වනු නොඅනුමානයි. අද එය නොතේරෙන්න පුලුවන්. නමුත් තේරෙද්දි පරක්කු වැඩි වෙන්නත් පුලුවන්. තෙරුවන් සරණයි.(බ)
ඵල ඇති රුකට කියනවනේ ගල් ගහන්නේ! (නි)
මේ හාමුදුරුවන්ට විරුද්ධව කතා කරන මහා උපාසකවරු උන්වහන්සේගේ බණ පදයක්වත් අහන්න නැතුව ඇති.උන්වහන්සේ කරන මහා ධර්ම දානමය පින්කම් ගැන අහලාවත් නැතුව ඇති. පින්තූරයක් දැකලා මනුස්සයෙක් මනින්න බැහැ කියලාවත් අඩු ගානේ තේරුම් ගන්න.(නි)
සෑම්, බයිලා කියන්න එපා.වැරදි නම් හාමුදුරුවෝ නෙමෙයි කවුරු වුණත් ඒක පෙන්නලා දෙන්න ඕනෑ. කී දෙනෙකුගේ වත්තේ පළතුරු හැදෙනවා කියලද ඔයා හිතාගෙන ඉන්නේ? (නි)
සියලු පුණ්‍ය ධර්මයෝ සතුටින් අනුමෝදන් වෙමි !!! තව තවත් මිනිසුන් ධර්මය අසත්වා! කුසල්දම් කරත්වා! නුවණ සපිරි ශ්‍රී සද්ධර්මය වටහා ගනිත්වා! තව තවත් නුවණ ඇති පින් ඇති මිනිසුන් මනුලොව උපදීවා! සාධු ! සාධු ! සාධු! (නි)
සෑම් / කුමාර, ඔබ දෙදෙනාගේ අදහස් බුද්ධ දේශනා වලට ගැලපෙන්නේ නෑ. දක්ඛිණ විබංග සුත්‍ර දේශනාව අසන්න.එයින් ඔබට දානය කුමක්ද ? එය පිළිගන්වන ආකාරය, දානය පිළිගන්වන පුද්ගලයා අනුව එහි ආනිශංශ වෙනස් වන ආකාරය ගැන හොද වැටහීමක් ගන්න පුළුවන්. අපගේ පුද්ගලික අදහස් වලට අනුව දානය ගැන නිර්වචනය කරන්න යෑම අනුවණ ක්‍රියාවක්. (නදී)
කරුණාකර වැරදි ලෙස හොඳ යහපත් ක්‍රියාවන් අර්ථ දක්වා අකුසල් නොකරගන්නා ලෙස ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි. ඔබ සිතෙහි කිළිටි අදහස් ඇතිවුවද ඒවා එසැණින්ම යටපත් කරගන්න උත්සාහ කරන්න. හරයක් නැති දේවල් ප්‍රකාශ කර අකුසල් පුරවාගන්න එපා.මහමෙව්නාව ගැන දැනගන්න,ඔබත් මේ දැන්ම http://www.shraddha.lk වෙබ් අඩවියට පිවිසෙන්න. සැබෑ ධර්ම කරුණු අවබෝධ කරගන්න.ඔබ සැමට වාසනාව ලැබෙත්වා! සාදු...සාදු! (නි)
බුදුන් පුදන මල් පෑගීම ගැන කිසිදු පැහැදීමක් මා හට නැත. රේස මල් පෙති මත ඇවිදින්නේ රාජවාංශිකයන්, කුමාරියන් මිස සංඝරත්නය නොවන බව මාගේ දැනීමයි. එසේම පළතුරු පූජාවට වැඩි වශයෙන් තිබූ ඇපල්, දොඩම්, පෙයාස්, මිදි මිලදී ගන්නැතුව ගෙවතුවල හැදෙනවයි කීමම මුසාවකි. එසේම බුදුන් දේශිත ධර්මයට අනුව නොතේරෙන හා නිරපරාදේ කරනා නාස්තියක් ලෙස දකින දේ පිළිබද ප්‍රශ්ණ කිරීමට සකල ලෝක වාසීන්ටම අවස්ථාව ඇත. නමුත් එය “කිසිවෙකුටත් උපකාරයක් නැති අනවශ්‍ය දේ පැවසීමෙන් පව් පුරවා නොගන්නා ලෙස" පැවසීමට මෙම ස්වාමීන් වහන්සේ පෙළඹීමම ගැටළුවකි. (නදී)
කුමාර රාජකරුණා, අවශ්‍යතාවය පවතින උදවියට යමක් දීම ඇත්තෙන්ම හොඳයි. නමුත් පිනක් රැස් වෙන්නෙ ගුණවතුන් උදෙසා දෙන දෙයින්. මට මතක විදිහට කොසොල් රජතුමා බුදුරජානන්වහන්සේ ගෙන් අහනවා කාටද දන් දෙන්න ඕනෙ කියල. බුදුරාජානන්වහන්සේ දේශණා කරනවා හිත පැහැදුන තැනට දෙන්න කියලා. රජතුමා ඊටපස්සේ අහනවා කාට දුන්නොත් ද වැඩියෙන් පිං රැස්වෙන්නේ කියලා. බුදුරජානන්වහන්සේ දේශණා කරනවා රජතුමනි ඔය ඇසුවේ ප්‍රශ්ණ දෙකක්, දෙන්න ඕනෙ කැමති/හිත පැහැදුන අයටයි, නමුත් අග්‍රාම පිනක් රැස් වෙන්නෙ සිල්වතුන්, ගුණවතුන්ට දෙන දානයයි. (නදී)
ඇපල් හැදුනේ කාගේ වත්තේ ? (නදී)
මුකවාඩම් බැඳගන ආහාර පිලියල කරලා සුදු රෙද්දකිනුත් වහල ඔලුව උඩ තියාගන ගිහින් බුද්ද ප්‍රතිමාවකට දන් පිලි ගන්වනවා. ගේ ලගට අහරක් ඉල්ලගන එන නැතිබැරි එකාව බැනල එලවනවා. අනේ අපේ උපාසක උපාසිකාවෝ. හාමුදුරුවොත් දානය ගැන බොහෝ දේ කතාකලත් සීලය ගැන එතරම් කතා නැහැ. (නදී)
සෑම්, අදට වැඩිය බුද්ධ කාලයේ දුප්පතුන් හිටියා. එහෙනම් බුදුරජානන්වහන්සේ ඒ කාලෙම කියන්න තිබුනනේ දුප්පතුන්ට විතරක් දෙන්න කියලා. එදා වෙලා කන්න නැති දුප්පතුන් ඒ කාලේ සංඝයා උදෙසා දානය පූජා කරලා අපමන පිං (සැප සම්පත්) රැස් කරගෙන තියෙනවා. දන්නේ නැතිනම් විමානවස්තුව කියවන්න. කර්ම කර්මඵල ගැන කිසිත් නොදැන බොළඳ විදිහට අදහස් දක්වන්න එපා. (ර)
පිඟන් හෝදන අය අතින් තමයි පිඟන් බිඳෙන්නේත්.... (නි)
මමත් කිරිබත්ගොඩ නමුත් අදයි එම බුද්ධ පුත්ත්‍රයන් පින්තුරයෙන් දැක්කේ මම ඩුබායි අස්පුවත් දැක්කා බුදුදහම වෙනුවෙන් කැප කිරීම අනර්ගයි. ගොඩක් පින් මෙවන් කටයුතුවලට. (ර)
සියලු පුණ්‍ය ධර්මයෝ සතුටින් අනුමෝදන් වෙමි !!! තව තවත් මිනිසුන් ධර්මය අසත්වා! කුසල්දම් කරත්වා! නුවණ සපිරි ශ්‍රී සද්ධර්මය වටහා ගනිත්වා! තව තවත් නුවණ ඇති පින් ඇති මිනිසුන් මනුලොව උපදීවා! සාධු ! සාධු ! සාධු! දීර්ඝායු වේවා හිමියනේ! තව තවත් ධර්මය පැතිරවීමට ඹබට පින් ලැබේවා හිමියනේ! (නි)
තෙරුවන් සරණයි සැමට! මම හිතනවා බඩගින්නේ ඉන්න කාට දුන්නත් පින් සිදුවෙනවා කියන එක බොරු.නලින් සහෝදරයා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ මනාව පැහැදිලි කරලා තියෙනවා.මොකද ? මාත් මුලින් කල්පනා කළේ ඕනෑම බඩගින්නේ සිටින්නා කෙනෙකුට කන්නදීමෙන් පින් සිදුවිය හැකිය කියලා. නලින් කියපු දේ ගැන සිතීමේදී මා වෙනස් වුණා.බඩගින්නේ ඉන්න අයගෙන් කෙනෙක් මිනීමරුවෙක් හෝ සතුන් මරන්නෙකු වෙන්න පුළුවන්. ඔබ දෙන දානයෙන් එම පුද්ගලයා ශක්තිමත් වී ඉහත දේවල් කරන්නේ නම් දෙන අපටත් කොටසක් හිමියි නේද? (නි)
අපි පිං කළේ ලොකු ස්වාමින්වසන්සේ නිසා පිනේ වටිනාකමේ ප්‍රතිපලේ කියාදුන් ඔබ වසන්සේ ශාන්ත සුවයට පත්වේවා සාදු සාදු සාදු !!! (බ)
ගොඩක් අය දානය සහ පලවිපාක දන්නේ නැතුවයි අදහස් දමල තියෙන්නේ. දුප්පතුන්ට කන්න දෙන එක නරක නැ. ඕනේ කෙනෙකුට නිකන් කන්න දෙන එක පිනක්. හැබැයි ඒ පමණක්ම නෙවේ දානය කියන්නේ. නිකන් හිතන්න ඔය එක් දුප්පත්තෙක් බේබදු කම් හෝ මත්ද්‍රව්‍ය නිසා දුප්පත් වෙලා කියලා. එවිට මගේ තර්කය වැටහේවි. (ර)
ගෙෳතම බුදුරජාණන් වහන්සේ කාලාම සූත්‍රයේන් දේශනා කලා උන්වහන්සේ දෙසූ දහම ප්‍රශ්න කරන ලෙසට. උන්වහන්සේගේ ශ්‍රාවකයෙක් දේසූ පමනින් පිලිගන්න හෝ නොපිලිගන්න ලෙසටත්, තම නුවනින් විමසා බලන ලෙසට. එබැවින් මා මේ ප්‍රශ්නය නගන්නේ බුදුරජාණන් වහන්සේ විසින් අප හට දුන් ඒ නිදහස භාවිතා කරමිනි සහ ප්‍රශ්න කීරීම තුලින් පව් නොවන බව කාලාම සූත්‍රය අනුව නොවන බැවිනි. (ර)
නිර්මල බුදුදහම ආරක්ෂාකිරීම, දෙශනාකිරීම හා ප්‍රචරයකිරීම බුද්ධ පුත්‍රයන්ගේ වගකීමයි. නමුත් බුදුරජාණන්වහන්සේගේ දර්මයට කාලෙන් කාලෙට සංසෝධන එකතුකරනවාට මම විරුද්ධයි. (ර)
අන්තවාදි අදහස් දක්වන අයට උත්තර දේන්න යන්න එපා. එයාලා විසින් එයාලාගේ වල කපා ගන්නවා. පෙනෙන දේ අල්පයි (බ)
‘‘එකපුග්ගලො, භික්ඛවෙ, ලොකෙ උප්පජ්ජමානො උප්පජ්ජති අදුතියො අසහායො අප්පටිමො අප්පටිසමො අප්පටිභාගො අප්පටිපුග්ගලො අසමො අසමසමො ද්විපදානං අග්ගො. කතමො එකපුග්ගලො? තථාගතො අරහං සම්මාසම්බුද්ධො. අයං ඛො, භික්ඛවෙ, එකපුග්ගලො ලොකෙ උප්පජ්ජමානො උප්පජ්ජති අදුතියො අසහායො අප්පටිමො අප්පටිසමො අප්පටිභාගො අප්පටිපුග්ගලො අසමො අසමසමො ද්විපදානං අග්ගො’’ති (අප්පටි පුග්ගල සූත්‍රය. ’’මහණෙනි, කමහට සරිලන දෙවැන්නකු නැතිවූ, සාමාන්‍යයෙකු නැතිවූ, සම කරනට දෙයක් නැතිවූ, ආත්මභාවයෙන් සමානයෙකු නැතිවූ, තමාගේ ධර්‍මයෙහි අඩුපාඩු ප්‍රකාශ කිරීමට කිසිවකු නැතිවූ, ( ’මම බුදුවෙමි’ යි ප්‍රතිඥා දෙන්නට සමත්‍ර්‍ථවූ අන් කිසිවකු නැතිවූ, ( සියලු පුද්ගලයන් හා අසමානවූ,) අසම නම් ලද බුදුවරයන්ට සමානවූ, දෙවිමිනිසුන් අතුරෙන් අග්‍රවූ, එක පුද්ගලයෙක් ලෝකයේ උපදනේය. කවර එකම පුද්ගලයෙක්ද යත්, තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්‍ධයන් වහන්සේය. මහණෙනි, තමාට සම දෙවැනියෙකු නැති, ප්‍රතිමායෙන් සමානයෙකු නැති, අප්‍රති සමවූ, ප්‍රතිභාගවීමට සුදුස්සකු නැති, අප්‍රතිපුද්ගලවූ, අසමවූ, අසමසමවූ මේ අසහාය පුද්ගල තෙම වනාහි දෙපා ඇත්තවුන්ට අග්‍රව උපදී.’(ම)
හරිම සතුටක් දැනුනා හාමුදුරුවනේ (නදී)
අපේ මුතුන් මිත්තන් අපේ ගති සොබාවන්ට ගැළපෙන අයුරින් අපට දායාද කර ඇති මනා සමබර ආමිස පූජා හා ප්‍රතිපත්ති පූජා ක්‍රමවේදයන් මෙන්ම අනෙකුත් බෞද්ධ සංස්කෘතිකමය වටිනාකම් පසෙක ලා කරන ඇදහිලි, ගෞතම සසුන තව වට දෙක තුනකින් එපාකරවා ඇත! (නි)
ලොකු ස්වාමින් වහන්සේගේ දේශන අපි අසා තිබෙනවා. බුදු ගුණ දන්නවා නම් මේ පින අනුමෝදන් වෙනවා. මහමෙව්නාව කරන සේවය ගොඩක් අය දන්නේ නැහැ (නි)
මහා කාරැණිකයන් වහන්සේට පුජා කරන කිසිවක් කෙරෙහි අමනාප සිත් ඇති කරගන්න එපා. එය අනුමෝදන් වි පින් රැස් කර ගන්න. සාදු සදු (ම)
සාදු.. සාදු.සාදු... මමත් ඒ පින අනුමෝදන් වෙමි . ලෝකේ අග්‍රම කෙනා අග්‍රම දේ ලබන්න සුදුසුයි. (ස)