
(අංජුල මහික වීරරත්න)
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දේශීය හා ගෝලීය වශයෙන් සවිබල ගැන්වීම සඳහා වන "SME Nexus" 2026 ජාතික සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය උපායමාර්ගික රාමුව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධනය අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සහ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එළිදැක්විණි.
මෙරට ලියාපදිංචි මුළු ව්‍යාපාරවලින් 75% කට වඩා නියෝජනය කරන, දළ දේශීය නිෂ්පාදිතයට 52% ක දායකත්වයක් ලබා දෙන සහ ශ්‍රම බලකායෙන් 45% ක් සේවයේ නියුක්ත කරවන සුළු හා මධ්‍ය පරිමාණ ක්ෂේත්රයේ පවතින ව්‍යුහාත්මක බාධක ඉවත් කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.
"පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" දැක්මට අනුව සකස් කෙරුණු මෙම සැලැස්ම, ව්‍යවසායකයාගේ එදිනෙදා දිවි පැවැත්මේ සිට ඉහළ වර්ධන විභවයක් ඇති අපනයන අභිමුඛ ව්‍යවසායකයෙකු දක්වා පරිවර්තනය කිරීමට මඟ පෙන්වන බව අමාත්‍යංශය පවසයි.
මූලික උපායමාර්ගික දැක්ම සහ කුළුණු 11ක් පදනම්ව ගොඩනැගෙන මෙම උපායමාර්ගික රාමුව ප්‍රධාන අංශ 5ක් ඔස්සේ ක්‍රියාත්මක වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd