
නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවැති පීඩන අවපාතය ක්‍රමයෙන් මුලතිව් ආසන්න වෙරළ හරහා දිවයිනට ඇතුළු වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එය හෙට දින වන විට අඩු පීඩන ප්‍රදේශයක් දක්වා දුර්වල වීමට හැකියාව පවතී.
ඉදිරිපැය 24 උතුරු පළාතේ පැයට කිලෝ මිටර් 50 – 60 දක්වා ඉතා තද සුළං සමග විටින් විට එය පැයට කිලෝ මිටර් 70 දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇතිවය හැක. පුත්තලම, මාතලේ, ත්‍රිකුණාමලය, සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට තද සුළං ඇති වේ.
උතුරු පළාතෙත් පුත්තලම, අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට ගිගුරුම් සහිත වැසි ඇති වේ. උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලි මිටර් 100ට වඩා තද වැසි ඇති වේ.
COMMENTS