
(විමුක්ති එස් රුද්‍රිගු)
සංක්‍රමණික කුරුල්ලන් පැමිණෙන ප්‍රදේශයක් වන මන්නාරමේ අදානි සමාගම අත්හැර දැමූ සුළං විදුලි ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ප්‍රථමයෙන් සංක්‍රමණික කුරුල්ලන් පිළිබඳව ගැඹුරු අධ්‍යනයක් සිදු කළ යුතු බව යෝජනා වී ඇතැයි දැන ගන්න ඇත.
ඒ සඳහා අවම වශයෙන් වසරක දෙකක කාලයක් ගතවනු ඇති බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
එම ප්‍රදේශයට සංක්‍රමණික කුරුල්ලන් පැමිණීමේ රටාව සහ වාසස්ථාන පිළිබඳව එහිදී අධ්‍යනය කරනු ඇත.
එමගින් සංක්‍රමණික කුරුල්ලන්ට එල්ල වන බලපෑම පිළිබඳව අවබෝධයක් ලබා ගත හැකි බව දැනගන්නට ඇත.
පාරිසරික වැදගත්කමක් තිබෙන සංවේදී ප්‍රදේශයක පුනර්ජනනීය විදුලි බලශක්ති ව්‍යාපෘතියක ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීමට පෙර ඒ සඳහා අනුමැතීන් කීපයක් ලබා ගැනීමට සිදුවන බවත් එය අවශ්‍යතාවක් බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
අධ්‍යනය සිදුකර වාර්තාව පැමිණි පසු ව්‍යාපෘතිය පිළිබඳව උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට ආරාධනා කළ හැකි බවත් ඉතිරි ක්‍රියාමාර්ග පහසුවෙන් ඉදිරියට ගෙන යා හැකි බවත් ආරංචි මාර්ග පැවැසුවේය.
අවශ්‍ය සියලුම අනුමැතීන් ලබා ගැනීමෙන් පසුව එවැනි ආකාරයේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ආයෝජකයකු තෝරා ගැනීම වත්මන් රජයේ උපාය මාර්ගය බවද ආරංචි මාර්ග පැවැසුවේය.
ඒ සඳහා කෙතරම් කාලයක් වැය කරන්නේද යන්න පිළිබඳව ප්‍රශ්නයක් තිබෙන බවත් ප්‍රසම්පාදන මාර්ගෝපදේශවල අනුමැතීන් ලබා ගැනීම සඳහා වැයකළ හැකි කාලය සඳහන් වන බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
2025 ඔක්තෝබර් මස 08
1978
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1551
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සුළං විදුලි ව්‍යාපෘතිය ගැන ලොකු අධ්‍යයනයක්?