
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මත්පැන් නිෂ්පාදන සමාගම් වල හිඟ බදු පිළිබඳව විමසීම සඳහා සුරාබදු අධ්‍යක්ෂ ජනරාල්වරයාට ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී ඇතත් ඔහු එම කමිටුව හමුවේ පෙනී සිටීම මගහැර ඇතැයි කියති.
එසේම එම හිඟ බදු අය කර ගැනීමට දුන් නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමද ඔහු පැහැර හැර ඇතැයි එම කාරක සභාව පවසයි.
ඔහු එසේ කටයුතු කිරීම පාර්ලිමේන්තුවටත් එම කමිටුවටත් කළ අගෞරවයක් බව කාරක සභාවේ සභාපති මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
එම බදු අය කර ගැනීම පැහැර හැරීම පිළිබඳව කමිටුවේ අප්‍රසාදය පළ කෙරිණ.
මේ අතර 2023 වසර සඳහා හිඟ සුරාබදු නොගෙවූ සමාගම්වල මත්පැන් නිෂ්පාදන බලපත්‍ර තාවකාලිකව අත්හිටුවන ලෙස මුදල් අමාත්‍යාංශය වෙත ලිඛිතව දන්වා යවන ලෙස ක්‍රම සහ විධි පිළිබඳව සහ විදි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති පාඨලී චම්පික රණවක මහතාඑම කාරක සභාවේ ලේකම්වරියට උපදෙස් දුන්නේය.
එසේම එම හිඟ බදු සම්පූර්ණයෙන් අය කර ගන්නා ලෙසට කරන ලද නිර්දේශය සුරාබදු දෙපාර්තමේන්තුව විසින් පැහැර හැරීම පිළිබඳ පාර්ලිමේන්තු ක්‍රම හා විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දැඩි අප්‍රසාදයක්
මේ සම්බන්ධයෙන් ගතයුතු පියවර සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයෙන් කළ විමසීම්වලට අමාත්‍යාංශ පාර්ශවයෙන් පිළිතුරක් ලැබුනේ නැතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තු කාරක සභාවට දැනුම් දී ඇත.
මෙහිදී ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම රුපියල් මිලියන. 1659 ක්, හිඟුරාන ඩිස්ටිලරීස් රුපියල් මිලියන 102 ක්, සිනර්ජි සමාගම රුපියල් මිලියන 37 ක්, වයඹ ඩිස්ටිලරීස් රුපියල් මිලියන 79 ක් වශයෙන් 2023 වර්ෂයේ සිට 2024.06.15 දිනට අයවිය යුතු මුළු හිඟ බදු හා අයභාර රුපියල් කෝටි එකසිය අසූවක් බවද කාරක සභාව හමුවේ අනාවරණය විය. මෙසේ හිඟ බදු සම්පූර්ණයෙන් අය කර ගන්නා ලෙසට කාරක සභාව නිර්දේශය ලබා දී තිබියදී සුරාබදු දෙපාර්තමේන්තුව සිය කාරයභාරය පැහැර හැරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව සහ මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බවද කාරක සභාව දැනුම් දුන්නේය.
තවද, ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සමාගම හැර අනෙකුත් සමාගම් සමග සුරාබදු දෙපාර්තමේන්තුව ඇති කරගත් ගෙවීම් ගිවිසුම් මේ වන විට අක්‍රිය තත්ත්වයට පත්ව ඇති බව මෙහිදී අනාවරණය විය. මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගැනීමට සුරාබදු කොමසාරිස් ජනරාල් අසමත් වී ඇති බවත්, එසේ තිබියදී කොමසාරිස්වරයා ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව මග හරිමින් සිටින බවත්, සුරාබදු දෙපාර්තමේන්තුව කාරක සභාවේ නිර්දේශයන් නොසළකා හරිමින් සිටින බවත් එය පාර්ලිමේන්තුවටත් කමිටුවත් කරන අගෞරවයක් බවත් සභාපතිවරයා පෙන්වා දුන්නේය.
2025 ඔක්තෝබර් මස 08
1434
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1300
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
470
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සුරාබදු ලොක්කා මැතිසභා කමිටුව මගහැරලා
Chandana Fernando Friday, 12 July 2024 09:04 PM
මුන් ඔක්කොම හොරු මල්ලි
Sarath Friday, 12 July 2024 11:03 PM
60 පැනලත් තවම ඉන්නේ...
තොත්ත බබා Saturday, 13 July 2024 05:32 AM
එහෙනම් ඉතින් එම දෙපාර්තමේන්තුව භාරව සිටින අමාත්‍යාංශ ලේකම් වගකිවයුතුය කියලා තමයි අපිට හිතන්නේ .අමාත්‍යාංශ ලේකම් සුරාබදු ලොක්කා වෙනුවෙන් විනයානුකූලව කටයුතු නොකිරීම ලේකම්ගේ අකාර්යක්ෂමතාවය වගකීම පැහැර හැරීමත් පෙන්නුම් කිරීමක් කියන්න පුළුවන් ඉතින් මෙහෙම නිළධාරි එක්ක රටක් හදන්නෙ කොහොමද වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමි ඒ අමාරුව
Prabha Saturday, 13 July 2024 10:59 AM
ඕකට කොමසාරිස් එන්න ඕනෙද .බදු හොරු ඉන්නේ පාර්ලිමේන්තුවේ. උන් ටික ගෙන්නලා ප්‍රශ්න කරානම් ඉවරනේ