IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සීසන් සිසුන් මග දමා ගියොත් ලංගමට වැඩ වරදී

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් වාර ප්‍රවේශ පත් මිලදී ගත් පාසැල් දු දරුවන්, කාර්මික විද්‍යාල, විශ්ව විද්‍යාල හා වැඩිහිටි පුද්ගලයින් ශ්‍රි ලංගම බස්රථ වල ප්‍රවාහනය කිරීම අනිවාර්ය කර ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

යම්කිසි බස් සේවක කණ්ඩායමක් විසින් මෙම වාර ප්‍රවේශ පත්‍ර ලාභීන් රැගෙන යාම ප්‍රතික්ෂේප කලහොත් මණ්ඩලීය පිලිවෙත් අනුව දැඩි වරදක් බවද සියළු ප්‍රවේශ පත්‍ර ලාභීන් ශ්‍රී ලංගම බස් රථ වල ප්‍රවාහනය කළ යුතු බවට ඔවුන් දැනුවත් කර ඇති අතර යම් කිසි බස් සේවක කණ්ඩාමක් ප්‍රවේශ පත්‍ර ලාභීන් ප්‍රවාහනය කිරීම ප්‍රතික්ෂේප කළහොත් ඔවුන් සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇතැයි ගමනාගමන මණ්ඩලය කියයි.

මේ සම්බන්ධයෙන් යම් අපහසුතාවයකට පත්වන වාර ප්‍රවේශ පත්‍ර ලාභීන් ශ්‍රී ලංගම තොරතුරු කේන්ද්‍රය වෙත1958 දුරකථන මාර්ගය මඟින් දැනුවත් කරන ලෙස දන්වන බවද ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වැඩිදුරටත් කියයි.



අදහස් (3)

සීසන් සිසුන් මග දමා ගියොත් ලංගමට වැඩ වරදී

pj Wednesday, 19 February 2025 03:37 AM

වැඩ වරදින්නේ සිසුවාටය. ඒ පාඩම් කිපයක් මගහැරෙන නිසාවෙනි. ජනපතිවරණයට පෙර මාලිමාවේ ප්‍රකාශවලට අනුව නම් මේ වන විට මෙවැනි ප්‍රශ්න නැත.....

:       1       2

sachith Wednesday, 19 February 2025 09:18 AM

හොඳ වැඩක් හැබැයි දුරගමන් බස් රථ සඳහා මේක වංගු වෙන්නේ නැ කියලා දැම්මා නම් හරි ... මොකද උදේට ඔය බස් හැමතැනම නවත්වන්න ගියොත් දුර ගමනාන්ත වලට යන මගීන්ට අසාධාරණයක් වෙන නිසා

:       0       10

Kamal Koyrala Wednesday, 19 February 2025 11:32 AM

සිසු සැරියට කොහොමද ? පාසල් ප්‍රවාහනය සහ කාර්යාල ප්‍රවාහනය විධිමත් ආකාරයට සකස් කළ යුතුයි , සීසන් අරගෙන අවේලාවේ කාර්යාල වලට පැමිණීම වලක්වා සීසන් ඇති අයට කාලසටහනක් උදෑසන කාලයට ඇති කල යුතුයි , එවිට පාසල් ලමුන් සහ, කාර්යාල සේවකයන් වෙලාවට පැමිනීම සිදු කරයි, එකී වෙලාවෙන් පසු සීසන් වලංගු නැත.

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 58 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 853 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site