(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී වරයෙකුගේ ගෝලයන් පිරිසක් පුත්තලමේ සිමෙන්ති කම්හලකින් ඉවත් කළැයි කියන ප්‍රශ්නයක් විසඳා ගැනීම සඳහා සිමෙන්ති කොට්ට දහසක් දෙදහසක් අදාල මන්ත්‍රීවරයාට පරිත්‍යාග කරන්නට සිමෙන්ති කම්හලට සිදුවූ බව පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
තමා කර්මාන්ත ඇමැති ලෙස සිටි කාලයේ මේ සිදුවීම වූ බව කී විමල් වීරවංශ මහතා මේ සම්බන්ධයෙන් අදාළ සිමෙන්ති කම්හල තමාට පැමිණිලි කළ බවද කීය.
මත්ද්‍රව්‍ය භාවිතා කිරීමේ ප්‍රශ්නයක් මත අදාළ සේවක පිරිස සිමෙන්ති කම්හලෙන් ඉවත් කර තිබූ බව කී විමල් වීරවංශ මහතා ඉවත් කළ සේවක පිරිස තමාගේ ගෝලයන් වන හෙයින් ඔවුන් නැවත සේවයට බඳවා ගත යුතු යැයි අදාල මන්ත්‍රීවරයා බලපෑම් කර තිබෙන බවද වීරවංශ මහතා කීය.
COMMENTS
ඉතිං දෙයියනේ දැන් ද කියන්නේ? තමන් ඇමති කාලේ මේක දැනගත්තානම් ඇයි පියවරක් නොගෙන නිකම් හිටියේ? ඒ චෝදනාව ගැන සොයා බැලීම තමන්ගේ වගකීම නේද? වගකීම පැහැර හැරීම ගැන උත්තර දිය යුතුයි.
අනේ පව් . .මෙන්න එක්කෙනෙක් නින්දෙන් ඇහැරිලා.. තව කවුරුවත් මෙ වගෙ පගා ගත්තෙ නැද්ද එතකොට? ඔය කියන නමක් නැති මන්ත්‍රි විතරද?
ඉතින් කියනවකො මන්ත්‍රී කාරයාගේ නම. නමක් ගමක් නැතිව ඕනා තරම් මවා ගත්ත චෝදනා කරන්න පුළුවන්. ඔය විදිහට කෙරෙන චෝදනාවල ප්‍රතිපලය මොකක්ද?