
(අජන්ත කුමාර අගලකඩ)
සිංහරාජයේ වන විනාශයක් සිදුවන බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීමට ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත‍්‍රීවරු 11 දෙනෙක් රක්වාන ප‍්‍රදේශයේ අද (25) සවස නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිෙමින්තු මන්ත‍්‍රීවරුන් වන ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ,යූ කේ එස් සුමිත්,මිලාන් ජයතිලක ,අකිල එල්ලාවල,සමන්ප‍්‍රිය හේරත්,ලලිත් එල්ලාවල,ගුණතිලක රාජපක්ෂ,ඞී වීරසිංහ,අමරකීර්ති අතුකෝරල,වසන්ත යාපා බණ්ඩාර සහ මේජර් සුදර්ශන දෙනිපිටිය යන මහත්වරු එම නිරීක්ෂණ චාරිකාවට එක්ව සිටියහ.
රක්වාන ප‍්‍රදේශයේ හෝටලයක් ඉදිකිරීමට එළි පෙහෙළි කරන බවට චෝදනා නැගී ඇති ඉඩම පෞද්ගලික ඉඩමක් බවත් සිංහරාජය පිහිටියේ ඊට කිලෝ මීටර් දහයකින් පමණ මුරකින් බවත් ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරිවරයා පැවසූ බව පාරලිෙමීන්තු මන්ත‍්‍රී ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ලංකාදීපයට පැවසීය.
COMMENTS
දැන් ඉතින් බලලා ආපහු ගිහින් මාධ්‍යයන්ට කියයි "අපොයි එහෙම දෙයක් වෙලා නෑ..." කියලා. ගමේ ඉන්න දරුවා දකින දේ බොරු. මේ පිටින් එන කට්ටිය කියනදේ තමයි ඇත්ත වෙන්නේ ඔන්න. දැන් ඔය චීනෙන් ඇවිත් හදලා දෙන වැව් අර මීට කලින් කවුදෝ ගිහින් බලපු හමුදාව යොදාගෙන පාරක් පළල් කරපු ලංකාගම පැත්තේ හදනවා කියලයි දැන් කියන්නේ... පාර පළල් කරනකොට කවුරුවත් හිතුවාද මෙහෙම දේකට තමයි මේ එන්න හදන්නේ කියලා... ලොකු ලොකු යන්ත්‍ර සුත්‍ර ගෙනියන්න ලොකු පාරවල් අවශ්‍ය වෙනවා කියලා එදා කාටද හිතුනේ? මේ දේවල් අර " සෞභාග්‍යයේ දැක්ම " පොතේ තිබුණද දන්නේ නැහැ.
හොරු අල්ලන්න හොරු ගිහින් වැඩක් නැහැනේ.
විහිළු පෙන්නන්නැතුව ගෙදර හිටිය නං නරකද? වන සංරක්ෂණය ගැන මොවුන්ට තියෙන දැනුම මොකක්ද?
නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ මේ කූට පාලකයෝ අපිට ඉන්න රටත් නැති කරලා තමයි පස්ස බලන්නේ... මේ ගොල්ලන්ට මුදල් ලැබෙනවා නම් ඕනෑම දෙයක් කරනවා. මේ ගොල්ලෝ ඇවිල්ලා ඉන්නේ රටටවත්, ජාතියටවත් සේවය කරන්න නෙවෙයි. මුදල් හම්බ කරන්න.
ආණ්ඩුවේ වියදමින් සිංහරාජේ බලන්න ගිහින් වගේ... මොනවද අරන් ගියේ? ගල්ද? පොල්ද?
හොරාගේ අම්මාගෙන් පේන අහනවා. දැන් මේ ගිය අයත් හිතන්නේ මේකෙන් අක්කර 10ක් වත් කඩාගන්න තියේ නම් කියලා තමයි.
ළමයෙක් කිව්ව පලියට ඒක ඇත්තක් වෙනවද? සැබෑ වන විනාශය සහ බොරුව කියන්නේ දෙකක්...!
ආණ්ඩු පක්ෂේ හිටියත්, විපක්ෂයේ හිටියත් මේ පරිසර විනාශය කියන සංවේදී කාරණාව ගැන බුද්ධිමත්ව හිතන්න අනාගත දරු පරපුරට හුස්ම ගන්න තියෙන මේ සුන්දර රටේ පරිසරය විනාශ කරන්න දෙන්න එපා.
ඇයි ආණ්ඩුවේ මන්ත්‍රීලා පමණක් ගියේ? සෑම පක්ෂයක්ම නියෝජනය වුණා නම් නේද හොඳ? හැබැයි ඉඩම පෞද්ගලික අයිතිකරුවෙකු සතු නම්, නිරවුල් ඔප්පු තිබේ නම්, ඔහුගේ අයිතියට බාධා කිරීමට නීතියෙන් බැහැ. ඒත් මේ ඉඩම මධ්‍යම පාන්තික එකක් නම් එයට පොදු යහපත සඳහා රජයට මැදිහත් විය හැකියි. මධ්‍යම පාන්තික ඉඩම් පෙරදී රජයෙන් ලබාදුන් ඒවා නිසා. ඒත් හිමිකරු ආණ්ඩුවේ කෙනෙක් නම්, එහෙම කෙරෙන එකක් නැහැ.
ඉතින් මේ කියන සිරි කියලා කමෙන්ට් කරන එක්කෙනා ගිහින් බලලා හරි විස්තරේ දාන්නකෝ පින්තූර ටිකකුත් එක්කම. ගමේ ළමයා හරිද, විරාජ් හරිද, මන්ත්‍රීවරු හරිද කියලා අපිටත් බලාගන්න...
අන්න හොඳයි, ඩ්‍රෝන කැමරා මගින් ඡායාරූප ටිකක් ගෙන පලකරන්න.. අපිට ඇත්ත තත්වය බලාගන්න.
ගිහින් බලලා විතරක් මදි. ඇත්ත දැක්කා නම් විස්තර ප්‍රසිද්ධ කරන්න.
මේ ලඟකදී ඉඳලා ආණ්ඩුවට සුදු හුණු ගාන්න පටන් අරන් වගේ. සුබ අනාගතයක් !!!
සිරි..., ඔයාගේ කටේ මසුරන් දාන්න වටින කතාවක් ලියලා තියෙන්නේ. මේ ආණ්ඩුවේ හොරණෑව ඔයා නියමෙට ලියලා තියෙනවා. ඔක්කොම බොරුවම තමයි. මේ පරිසර විනාශයට නම් මේ අයට පවුල් පිටින් වන්දි ගෙවන්න වෙයි.
පොදු පෙරමුණේ කට්ටියක් නම් ගිහින් තියෙන්නේ. හිතනවද මේ සම්මජ්ජාතියේ ඇත්ත කියයි කියලා...? ජනක අයියගේ පුතත් මේ තත්වෙට වැටිච්චි එකයි දුක. කට්ටිය තව ඉඩම් ටිකක් බලාගෙන එන්න ඇති. ඊළඟ වටයෙදි අල්ලා ගන්න. ශෂේන්ද්‍රව වතුරේ යන්න ගියා වගේ මෙයාලටත් පස් කන්දක් එහෙම කඩා වැටෙන්න එපා කියලා අපි ප්‍රාර්ථනා කරමු...
දැන් ඉතින් ගිහින් ඇවිත් කියයි කිසිම විනාශයක් වෙලා නැහැ කියලා. අනේ මේ ගොල්ලන්ගේ දේශප්‍රේමේ තරම..!
ඩෝසර්ගේ කස්ටිය නේද මේ? දැන් නම් නියමෙට දෙයි වැඩේ...
පව්.., අපේ ගෝඨා සර්.., එයාට මොනවත් දෙන්නේ නැහැ. ඒක නිසා එයාගේ සගයන් ටිකක් යවනවා සිංහරාජ වනයේ සිරි නරඹලා එන්න. ආවට පස්සේ කියයි එහෙම පරිසර විනාශයක් වෙලා නැහැ. බොරු ප්‍රචාර කියලා. සිරිසේනව දීලා නන්දසේනව අරන්.
අද පත්තරේ තියෙනවා වැව හදන්න යුනෙස්කෝවෙන් ඉල්ලීමක් කළාය.. ඒ ගැන දැන් ඒ ගොල්ල සලකා බලාගෙන යනවයි කියලා. තව දෙකකින් කියයි ඔන්න අවසර, ලැබුණා කියලා. තව මාසෙකින් විතර කියයි සිංහරාජය වසර මිලියන 400ක් කියන්නෙ වැරදිලාය. මේක රාජසිංහ රජ්ජුරුවො වවපු එකක්ය කියලා. මේ සිදුවෙමින් පවතින්නේ සිංහල ජාතියේත්, රටේත් අවසානයයි.
සිංහරාජ වනය ඉතිරිව ඇති ආකාරයක්... !!!