(සුජිත් හේවාජුලිගේ )
මෙරට භාවිතා කෙරෙන අස්ට්‍රාසෙනිකා ,ෆයිසර් හා සිනොපාර්ම් යන එන්නත් සම්බන්ධයෙන් වෙන වෙනම පරීක්ෂණ තුනක් ආරම්භ කළ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි
වැඩිම ප්‍රතිශක්තිය ලැබෙන එන්නත සොයා ගැනීම සඳහා මේ පරීක්ෂණය ආරම්භ කළ බවද ඔහු සඳහන් කරයි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් මත මෙම පරීක්ෂණ ආරම්භ කර ඇත .
දැනට කරන ලද පරීක්ෂණවලට අනුව මේ එන්නත් තුනම මෙරට මේ දිනවල ක්‍රියාත්මකවන ඇල්ෆා බිතාන්‍ය සැර කොරෝනා ප්‍රභේදයට එරෙහිව ක්‍රියාත්මක වන බව සොයාගෙන ඇතැයි ජීවන්දර මහතා පැවසුවේය .
බ්‍රිතාන්‍ය ඇල්ෆා ප්‍රභේදයේ පැතිරීමේ සීඝ්‍රතාවය සියයට 50කින් ඉහළ බවත් එහි දරුණු භාවයද සියයට පනහකට වඩා වැඩි බවත් ආචාර්යවරයා අනාවරණය කළේය .
COMMENTS
චීන එන්නත් තුනක්ම කියන තරම් සාර්ථක නැහැ කියන වාර්තාවක් ඉන්දියානු රූපවාහිනි සේවයක් විකාශනය කර තියෙනවා. චීනයේ නිෂ්පාදිත සයිනොවැක්, සයිනෝ ෆාම් සහ සයිනෝ බයෝ එන්නත් තුන දැනට මිලියන 742ක් ලොව වටා රටවල් විශාල ගණනකට විකුණා ඇති අතර මිලියන 22ක් පරිත්‍යාග වශයෙන් සපයා ඇති බව කියන එම වාර්තාව මොන්ගෝලියාව, බහරේන්, එක්සත් අරාබි ජනරජය, සීෂෙල්ස් දිවයින, පිලිපීනය වැනි රටවල් වල ජනතාවගෙන් 70 % වැඩි පිරිසකට චීන එන්නත් ලබාදී ඇති නමුත් මාත්‍රා දෙකම ලබාගත් බොහෝ දෙනෙකුට කෝවිඩ් වයිරසය නැවත බෝවී ඇතිබව සඳහන් කරයි. එමෙන්ම සයිනෝ ෆාම් එන්නත ලබාගත් පිලිපීන ජනාධිපතිවරයා ඒ ගැන කණගාටුව ප්‍රකාශකර ඇති බවත් චීනයෙන් ලැබුණු සියලුම එන්නත් ආපසු යවා ඇතිබවත් සෞදි අරාබියාවද එම එන්නත් භාවිතය තහනම් කර ඇතිබවත් මේ රටවල චීන එන්නත් මාත්‍රා දෙකම ලබාදුන් සියලුම දෙනාට තුන්වන වරට ඇස්ට්‍රා සේනිකා එන්නත ලබාදීමට කටයුතු කරන බවද එම වාර්තාවේ දක්වා ඇත.
අන්න හොඳයි. අපිට විදින කාලෙ එනකොට ඔය ප්‍රතිඵලය ඇවිත් තියෙයි නෙ.
මේ එන්නත් ගැන ලෝකේ ඇති තරම් පරීක්ෂණ කරලා තියෙන්නේ. දැන් ඔය හදන්නේ අපේ විද්වතුන් ආණ්ඩුවට පහසු ලේසි වන ප්‍රතිඵල ගැන පරීක්ෂණයක් කිරීමටයි. වෙනත් වචනයකින් කියනවා නම් කඩේ යන අය ලවා ජනතාව ගොනාට ඇන්දවීමටයි සැරසෙන්නේ.
මොන වැක්සීන් එකගත්තත් කොවිඩ් හැදෙනවා
අපේ රටේ කොහේද ෆයිසර් එනනත් විද්දේ
පරික්ෂණ අරඹන්නේ කවදා සිට කවදාටද
මෙම පර්යේෂණය පටන් ගත්තේ සහ අවසන් කරන ලද්දේ කවදාද?
නිකම් බොරු වැඩ. ලෝකයේ ප්‍රධානම වෛද්‍ය සඟරාවල අලුත්ම වෙළුම් ටික පරිශීලනය කළා නම් ඕකේ නැවත සොයා ගන්න දෙයක් නැති බව තේරේවි..!
හරිම එන්නත එන්න තව අවුරුදු 3ක් වත් යයි. මෙච්චර ඉක්මනට එන්නතක් හදන්න ලෝකේ මොන තාක්ෂණයටවත් බැහැ. දැන් යන්නේ බිස්නස්...
ෆයිසර් ද, ස්පුට්නික් V ද?
කොරෝනා ඉවර කරන්න බලාපොරොත්තුවක් නෑ වගේ... කොරෝනා හම්බ කරන් කන්න හදන්නේ සදහටම...