(දයාරත්න ඇඹෝගම)

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින සිසුන් පිරිසකට ප්‍රශ්න පත්‍ර සදහා පිලිතුරු ලිවිමට ආධාර උපකාර කළ බව කියන පාසල් ගුරුවරයෙකු විභාග නිරීක්ෂණ රාජකාරියෙන් ඉවත් කළ බව උතුරු මැද සහකාර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක (විභාග)  එස්.ආර්.ප්‍රියංකර මහතා අද (01) පැවසිය.

මෙසේ විභාග රාජකාරියෙන් ඉවත් කරන ලද්දේ අනුරාධපුර,කරුක්කංකුලම විජයබා විදුහලේ විභාග නිරික්ෂණ රාජකාරියේ නිරතව සිටි පාසල් ගුරුවරයෙකි.

මෙම පාසල් ගුරුවරයා එම ප්‍රදේශයේ උපකාරක පංති පවත්වා ගෙන යන ගුරුවරයෙකි.

ඔහු සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින තම උපකාරක පංතියට පැමිණෙන සිසුන් පිරිසකට පිළිතුරු ලිවිම සදහා ආධාර උපකාර කරන බවට දෙමාපියන් විසින් අධ්‍යාපන බලධාරින්ට සිදුකළ පැමිණිල්ලක් මත විභාග රාජකාරි වලින් ඉවත් කළ බව විභාග අධ්‍යක්ෂකවරයා මෙහිදි පැවසිය.