(සුමිත් පොතුපිටිය, සමන් කාරියවසම් සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අපොස සාපෙල විභාගයට පෙනී සිටී පානදුර ජනප්‍රිය පාසලක සිසුවෙකුගේ යටි බඩට පයින් පහරදීමෙන් මුත්‍රා මාර්ගයෙන් රුධිරය වහනයවි රෝහල් ගතකර ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසයි.
පහරදීම සිදුකල සිසුන් පස්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව උසස් පොලිස් නිළධාරීයෙක් කීය.
පහරකෑ පාසල් සිසුවා විද්‍යාව දෙවන ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයා පළමු ප්‍රශ්න පත්‍රයට පෙර පැය දෙකක පමණ විවේක කාලයක් තිබීම නිසා එම කාලයේ පාඩම් කරමින් සිටියදී තවත් සිසුන් පස් දෙනෙකු ඔහු සමග ආරවුලක් ඇතිකර ගෙන ඇතැයි පොලිසිය කීය.
පහරකෑමෙන් පසු සිසුවා පානදුර මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර, ඔහුගේ මුත්‍රා මාර්ගයෙන් රුධිරය වහනය විමක් සිදුව ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
සිදුවීම සම්බන්දයෙන් කිසියම් පුද්ගලයෙක් කළුතර කලාප අධ්‍යාපන කාර්යාලයට කල දැනූම්දීමකින් පසු පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව පරීක්ෂණ ආරම්භ කර තිබේ.
සිසුවා රෝහලින් කැටුවවිත් පළමු ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයා ඇති අතර , විභාගය අවසානයේ පියා සමග පැමිණ පැමිණිල්ලක් කර සිසුවා නැවත රෝහල් ගතකර ඇති බව පොලිසිය සදහන් කරයි.
ජේෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ , සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර නාවුල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයින් සහ හිටපු රාජ්‍ය නායකයින් සහ ඔවුන්ගේ වැන්දඹුවන් භුක්ති විඳින වරප්‍රසාද සුදුසු ලෙස කප්පාදු කිර
පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් පනත සංශෝධනය කිරීම සඳහා මේ වන විට කෙටුම්පත් කරමින් සිටින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද වි
මාදුරුඔය ජලාශයට අද (09) උදෑසන කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සෙබළුන් 6 දෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.
ලෝක බැංකුවේ සහ ආසියා සංවර්ධන බැංකුවේ පූර්ණ අන්‍යෝන්‍ය විශ්වාසය පිළිබඳ කාර්ය රාමුව යටතේ ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම
14 වැනි ලියෝ පාප් තුමන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් පළ කර තිබේ.
සම්පූර්ණ දණහිස් ප්‍රතිස්ථාපන (TKR) පද්ධතිය සඳහා ශරීරයට බද්ධ කරන TKR සංරචක කට්ටල 3,000 ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
සා.පෙළ සිසුවාගේ යටි බඩෙන් ලේ එන්න පහරදීලා
Nuwan Friday, 02 June 2023 08:40 PM
මොවුන් ළමයිද? යක්ෂයෝද? අපේ පාසල් කාලෙත් අපි රණ්ඩු වුණා. අතින් පයින් ගහගත්තා. නමුත් හැකියාවක් තිබියදීවත් අපි අනිකාට තුවාලයක් වෙන විදිහට පහර දුන්නේ නැහැ. මේ ගහපු අයටත් ලේ එන්න පහර දෙන්න ඕනෑ..
ana Friday, 02 June 2023 08:44 PM
මෙයට වරද කාලසටහන... ගැටවර වයසේ විවිධ වයසේ පාසල් ළමුන් කිසිඳු භාරකාර ගුරුවරයන් රහිතව, එම දරුවන් නොහඳුනන විභාග කාර්ය මණ්ඩලයක් සමග පැය දෙකක් නිකරුනේ ඉන්න කාල සටහන හැදුව නිලධාරින් තමා වැරැදි...
නිහාල් Friday, 02 June 2023 09:53 PM
ඔයාගේ නම කැකිල්ලේද?
PaSaturday, 03 June 2023 08:29 AM
අනේ ඔයාගේ ඉස්සර නම කැකිල්ලේ නේද?
පැරකුම්Saturday, 03 June 2023 09:59 AM
අනේ මොනවද මේ කියවන්නෙ. මූලික හේතුව දේශපාලුවන් පාලකයින් දෙමාපියන් වැඩිහිටියන් ඇතුලු සමාජයෙන් ලැබෙන නරක ආදර්ශය මිස අන්කිසිවක් නොවේ.
Nihal Friday, 02 June 2023 09:45 PM
අපේ දරුවෙකුට ගහපු දවසට, ආයේ කවදාවත්ම ගහන්නේ නෑ...
චන්දන Saturday, 03 June 2023 07:30 AM
වැරදි කලාම දඬුවම් දීම නිසා දෙමාපියන් , ගුරුවරුන් ට විරුද්ධව උසාවි යාමේ අවසන් ප්‍රතිඵල සහ අකාර්යක්ෂම විදුහල්පති වරු පාසල් පරිපාලනයට යොදා ගැනීමේ ප්‍රතිඵල .
prasanna Saturday, 03 June 2023 09:41 AM
අද ලංකාවේ ටෙලි නාට්‍යවලත් කොල්ලෝ මරාගන්න ඒවා තමයි පෙන්නන්නේ .ටෙලි නාට්‍ය එකම රැල්ලට යන අප්පිරියම කලාවක් වෙලා තියෙන්නේ
pakeer Saturday, 03 June 2023 09:25 PM
මේ වගේ කාලකණ්ණි හැත්ත තමයි අනාගතයේ සංවිධානාත්මක අපරාධවලට පෙළඹෙන්නේ... මොවුන්ව අනිවාර්යයෙන් ප්‍රොබේෂන් යවන්න ඕනේ... කාලකණ්ණි මූසලයින්ව...