
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ගෙවත්තේ ළිඳෙන් ඇඟ සෝදාගෙන රාත්‍රී 11ට පමණ නිවෙසට එමින් සිටි පාසල් සිසුවියක කිසිවකු විසින් අල්ලා බිම පෙරළාගෙන අතවර කිරීමට උත්සාහ කිරීම හේතුවෙන් ඇය රෝහල්ගත කර ඇති අතර, ඇයට මේ නිසා සාමාන්‍ය පෙළ විභාගයටද පෙනී සිටීමට නොහැකි වූ බව නිට්ටඹුව මූලස්ථාන පොලිසිය පවසයි.
ඇඟපත සෝදාගත් සිසුවිය තුවායක් ඇඳගෙන නිවෙසට පැමිණෙමින් සිටියදී කළුවරේ සැඟවී සිටි පුද්ගලයකු එක්වරම ඇය බදාගෙන, ඇඳ සිටි තුවාය ගලවා දමා බිම පෙරළාගෙන ඇයට ලිංගික අතවර කිරීමට උත්සාහ කර ඇතැයි ද එම අවස්ථාවේ සිසුවිය කෑ ගසා ඇතැයි ද පොලිස් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත. දියණියගේ කෑ ගැසීම ඇසී මව පැමිණීමත් සමගම සැකකරු සිසුවිය අතහැර දමා පලාගොස් ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවැසීය.
මව සහ දියණිය සැකකරු හඳුනාගෙන ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇත.
නිට්ටඹුව මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අයට වහාම මානසික ප්‍රතිකාර ලබා දෙන්න කටයුතු කරන්න.
රාත්‍රි 11ට තනියම ළිඳක් ළගට යවන්න... වගකීම් විරහිත දෙමාපියන්...
ස්නානයෙන් පසු තුවා ඇඳීම ගැහැණු පක්ෂයට තහනම් කරන්න.