IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


සාත්තු සේවා රැකියා දෙදාහකට ඊශ්‍රායලයේ දොර ඇරෙයි

(අංජුල මහික වීරරත්න)

2025 වසරේ දී ශ්‍රි ලාංකිකයින් 2000කට ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ලබාදීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ජනවාරි සිට මේ දක්වා ලාංකිකයින් 148 දෙනකුට ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබේ.

ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා පෙබරවාරි 24 වන දින ඊශ්‍රායලය බලා යාමට නියමිත 155 වන කණ්ඩායමට අයත් සාත්තු සේවා වෘත්තිකයින් 17 දෙනකු වෙත ගුවන් ටිකට්පත් පිරිනැමීම කාර්යාංශයේදී සිදුවූ අතර ඊට කාන්තාවෝ 15 දෙනෙක් හා පිරිමි දෙදෙනෙක් අයත් වෙති.

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ඊශ්‍රායලයේ පීබා (PIBA) ආයතනය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ශ්‍රි ලාංකිකයින් 2038 දෙනෙකු හට හිමිවී තිබේ.

ඊශ්‍රායලයේ සාත්තු සේවා අංශයේ රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයින්ට හිමිවන්නේ දෙරට අතර ඇති කර ගන්නා ලද අවබෝධතා ගිවිසුමක් අනුව වන හෙයින් ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ලබා ගැනීම සඳහා කිසිදු පුද්ගලයෙකුට මුදල් ලබා දීමෙන් වලකින ලෙස ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉල්ලා සිටියි.



අදහස් (4)

සාත්තු සේවා රැකියා දෙදාහකට ඊශ්‍රායලයේ දොර ඇරෙයි

saman Wednesday, 19 February 2025 09:30 AM

හොඳ පුවතක්.අප ඊශ්‍රායලය සමග සබඳතා තවදුරටත් වැඩිදියුණු කරගත යුතුයි

:       0       7

පිටරටවැසියා Wednesday, 19 February 2025 09:58 AM

මනුෂගේ සහෝදරයට මුදල් දෙන්නත් එපාද?

:       0       2

Sarath Wednesday, 19 February 2025 10:13 AM

මේ යන ගොඩක් අය මෙහෙන් ලංකාවෙන් යනවා වගේ නෙමෙයි එහේ ගියාම ගොඩක් අය වෙනස් වෙනවා සාත්තු වැඩත් කරනවා....

:       0       2

Rashmi kurera Wednesday, 19 February 2025 10:45 AM

වයස් සීමාවක් තියෙනවාද?මම කැමති

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 169 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 239 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1111 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site