(සුජිත් හේවාජුලිගේ )
රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් කොරෝනා මර්දන එන්නත් තොග තව දින කිහිපයකින් මෙරටට ලැබෙන බව ඖෂධ සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය .
එම එන්නත් තොග ලැබුණු වහාම එන්නත් කරන වැඩපිළිවෙළේ දෙවැනි අදියර අරඹන බව ද ඔහු කීය .
මේ අතර චීනයේ නිෂ්පාදිත සිනොපාම් එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි භාවිතය සඳහා ඉදිරි සති දෙකේදී අනුමත කරනු ඇති බවත් එසේ අනුමත කළ වහාම එම එන්නත ද මෙරට ජනතාවට ලබාදීමට කටයුතු කරන බවත් ජයසුමන මහතා පැවසුවේය .
සිනොපාර්ම් එන්නත් මාත්‍රා ලක්ෂ හයක් දැනට මෙරට ට ලැබී ඇති බවත් මෙරට සිටින චීන ජාතිකයන් හාරදහසකට එම එන්නත ලබාදී ඇති බවත් රාජ්‍ය ඇමතිවරයා පැවසුවේ ය .
රටේ පවතින කොරෝනා තත්ත්වය සම්බන්ධයෙන් රජය දැඩි අවධානය යොමු කර ඇතැයි කී රාජ්‍ය ඇමතිවරයා එම තත්ත්වය පාලනය සඳහා සියලු සම්පත් යොදවා තිබෙන බවද ප්‍රකාශ කළේය .
රජයේ එම වැඩපිළිවෙලට සහාය දක්වන්නැයි සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටින බවද මහාචාර්ය චන්න ජයසුමන මහතා කීවේය
COMMENTS
ඔව් ඔව් ලැබුණ ගමන් එ ටික අරන් කලින් වගේ විඅයිපි ලාට ගහගෙන යයි පින් සිද්ධ වෙයි අපි මළත් කමක් නැ ඔබතුමන්ලාට ජිවත් වෙලා මොකද ජිවත් වෙන්න එරටක් තියෙන්න ඒපැයි
දැන් කාලෙක ඉදන් ගේනවා කියනවා. ළගදීම ගේනවා කියනවා. ගේන දවසක් නැ.