(සුජිත් හේවාජුලිගේ )
ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල හතරකින් අස්ථානගත වී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.
මෙසේ අස්ථානගත වී ඇත්තේ අම්පාර අනුරාධපුර මොනරාගල සහ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යවලට දී තිබූ ට්‍රැක්ටර් බවුසර්ය.
ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය මෙම ට්‍රැක්ටර් බවුසර් පසු විපරමක් නොමැතිව දිස්ත්‍රික් ලේකම් කාර්යාල වලට පවරා තිබීම හේතුවෙන් පානීය ජල පහසුකම් සැපයීමේ අරමුණු නිසියාකාරව ඉටු වී නැතැයි විගණන අංශ පෙන්වා දෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට ලෝකය වටේ හිඟමනේ යාමට සිදුවුණේ කිසිම වැඩක් කළාට ඒ ගැන පසු විපරමක් නොකිරීම හා ආණ්ඩු මාරුවක් වුණාම හිටපු එවුන් ඔක්කෝම හකුලාගෙන යාම නිසා තමයි. ඇමැතිවරයා වෙනස් වුණාම එම කටයුතු විගණනයක් නොවීමත් හේතුවක් වෙනවා. එවැනි දේවල් නැතිවීමට නම් අලුතින් ඇමැති මණ්ඩලය පත්වුණාම රජයේ නිලධාරින් හා සේවකයින් වැඩ බාර දෙන ආකාරයට ඇමැතිවරු රාජකාරි බාර දීම අනිවාර්ය කරන්න ඕන අඩුපාඩුවක් ඇත්නම් එයා හිටපු ඇමැතිගෙන් අධිභාර කරන්න ඕනෑ..