IMG-LOGO

සහනාධාර මුදල් දෙන්න ගිය සමෘද්ධි නිලධාරියාට පහර දෙයි

( එස්.ඩි. කොඩිකාර )

කොරෝනා වයිරසය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා රජය මගින් ලබාදෙන රුපියල් 5000.00 දීමනාව සහ එළවළු බීජ ඇට   ලබාදී නැවත යතුරුපැදියෙන්  පැමිණෙමින් සිටි  කොටපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රාජකාරියෙහි යෙදී සිටි  සමෘද්ධි සංවර්ධන  නිලධාරියකුට  ප්‍රතිලාභි යකුගේ සොහොයුරකු පල්ලෙගම ,කුඩගලහේන මංසන්ධියේ දී  මුගුරකින් පහරදීම හේතුවෙන් ඔහු අද (18) ප්‍රතිකාර සඳහා දෙනියාය මූලික රෝහලට ඇතුළත් කර ඇති බව දෙනියාය පොලිසිය කියයි.

මෙසේ පහර කෑමට ලක්ව දෙනියාය මූලික රෝහලේ වාට්ටු අංක 05 ප්‍රතිකාර ලබන්නේ  කොලවෙනිගම ග්‍රාම නිලධාරී වසමෙහි සමෘද්ධි සංවර්ධන නිලධාරියා  වූ (48) හැවිරිදි  එන්.ජී.ජනසන්ද මහතායි. 

කොලවෙනිගම ග්‍රාම නිලධාරී  වසමෙහි සමෘද්ධි ප්‍රතිලාභීන් කිහිපදෙනෙකුට එළවළු බීජ ඇට සහ සහනාධාර මුදල් ලබා දී නැවත යතුරු පැදියෙන්  නිවෙස බලා ගමන් කරමින් සිටින අතරතුර පල්ලෙගම ,කුඩගලහේන  මංසන්ධියේ දී යතුරුපැදිය ඉදිරියට මුගුරක් රැගෙන ආ පුද්ගලයෙකු  "කෝ මගේ පන්දාහ දීපන් "යැයි පවසා දිගට හරහට හිසට සහ ශරීරයට පහරදුන් බවත් පසු ව සමුර්ධි නිළධාරියා යතුරු පැදියෙන් බිමට ඇදගෙන  වැටුණු බවත් ඔහු පැවසීය.

පහරකෑමට ලක්  සමෘද්ධි    නිලධාරියාගෙන් කළ විමසීමකදී ඔහු පැවසූයේ පහර දුන් පුද්ගලයාගේ පවුලට ද අදාළ සහනාධාර මුදල් ලබාදුන් බවයි .

කෙසේ වෙතත් සමුර්දි නිලධාරියාට පහරදුන් (36) හැවිරිදි ,කුඩගලහේන ,පල්ලෙගම  ප්‍රදේශයේ පදිංචි සැකකරු  අද (18)  දෙනියාය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .

සිද්ධිය සම්බන්ධයෙන් දෙනියාය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි .



අදහස් (10)

සහනාධාර මුදල් දෙන්න ගිය සමෘද්ධි නිලධාරියාට පහර දෙයි

de Saturday, 18 April 2020 08:58 AM

සල්ලි දෙනවට ගහනවද? නැතිනම් මෙ සල්ලි දීමෙදී මොකක් හරි ප‍්‍රශ්නයක් තියනවද?

:       4       33

SusaSaturday, 18 April 2020 11:36 PM

ගෙදර දෙන්නටම 5000 ඉල්ලලා

:       0       1

Akila Saturday, 18 April 2020 09:04 AM

දැන් ලංකවේ සහනාදාර බෙදන්න යන එකත් සැහෙන්න අවදානම් රැකියාවක්නේ..., සූ එකේ සත්තුන්ට කෑම දාන්න යනවා වගේ....

:       0       74

K.S.Lankathilaka Saturday, 18 April 2020 09:59 AM

මෙච්චර කලක් ජිවත් උනේ ඔය 5000 තිබිලද ......? දැන්වත් පොළව කොටලා හිටවපල්ලකෝ... කන්න පුළුවන් දෙයක්... 5000 බල්ලට ගියාවේ කියලා.... අනේ මෙහෙමත් මිනිස්සු...

:       236       424

goviyaSaturday, 18 April 2020 11:21 AM

ඔය කටෙන් වැඩ පෙන්නන අය තමයි මුකුත්ම කරන්නේ නැත්තේ... මෙ ගොවිතැන් කරන අපි දන්නවා මෙවා කරලා පුලුවන්ද? බැරිද? කියලා... අපිට මෙ 5000 ලොකු දෙයක්...

:       1       2

lalithmSunday, 19 April 2020 03:56 AM

එතකොට මඩ සෝදා ගත් කල ගොවියා රජකමට සුදුසුයි කියපු එක වෙනස් කරන්නද කියන්නේ. රුපියල් 5000/= කට හරි ගොවියෙක්නම් ඔහොම කියන්නේ නැහැ. ගොවි කම්කරුවක් නම් ඉතින් හරි යාවි.

:       0       1

Roshan Saturday, 18 April 2020 11:24 AM

මේ සමෘද්ධිය තනිකරම වංචාවක්... සමෘද්ධිය සැබවින්ම ඕන අයට නෑ. තනිකරම දේශපාලන හිතවත් කම් මත දීල තියෙන්නෙ...

:       6       114

Athula K Saturday, 18 April 2020 03:48 PM

මේ ගැටළු වලට හේතුව විනිවිද බාවයෙන් තොරව පක්ෂග්‍රාහී ලෙස වැඩ කිරීම. අපිට පේනවනේ අපේ ගමවල කෙරෙන විදිය....

:       1       24

lalSaturday, 18 April 2020 10:49 PM

තවමත් අපේ රටේ බොහෝ තැන්වල වැඩ කෙරෙන්නේ දැනහැදුනුම්කම් මුල්කරගෙන. මේක වෙනස් කරන ක්‍රමවේදයක් සැදිය යුතුයි. එසේ නොකරන නිලධාරින්දැට එරෙහිව දැඩි දඩුවම් දියයුතුයි. පොළිසිය මගින් හො වෙනත් ආයතනයකට ගියාම එතනින් සාධාරණය සිදුවන්නේ නැත්නම් මිනිසුන් කලකිරෙන්නේ පවතින රජය ගැනයි. ඒ නිසා සාධාරණව පැමිණිලි විභාග කිරිම, ආධාර බෙදිම වැනිදේ සිදුකල යුතුයි.

:       0       1

rocky Sunday, 19 April 2020 12:44 AM

සහන ලැබෙන්නේ ඇත්තවශයෙන්ම ලැබිය යුත්තන්ටද. එසේ නැත්නම් යාවජීව පරපෝෂිතයන්ටද යන්න සිතා බැලිය යුත්තකි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 438 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site