(ප්‍රදීප් කුමාර ධර්මරත්න)
උස්සාපිටියේ පාසලක සිසුවකුට කොවිඩ්- 19 වයිරසය ආසාදනය වීම නිසා ඔහු ඉගෙනුම ලැබු පංතියේ පංතිභාර ගුරුතුමියටද වයිරසය ආසාදනය වී ඇතැයි අරණායක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රසාංජන මෙන්ඩිස් මහතා අද(16) පැවසීය.
මේ නිසා එම පාසලේ දෙක ඩී පංතිය තාවකාලිකව වසා දමා පංතියේ ඉගෙනුම ලැබු සිසුන් සියලු දෙනා ස්වයං නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කළ බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කිය.
අරණායක උස්සාපිටිය දාස්වත්ත ප්‍රදේශයේ පදිංචි ශිෂයෙකු මෙලෙස අසාදනය වී ඇත.
පංතිභාර ගුරුතුමිය සහ සිසුන් නිවෙස් තුළ ස්වයං නිරෝධායනයට යොමු කර සිටියදි ගුරුතමිය පී.සී.ආර් පරීක්ෂණයකට යෙමු කිරීමෙන් පසු ඇයට ද කොවිඩ්- 19 ආසාදනය වී ඇති බව ඊයේ රාත්‍රියේ ලැබුණු වාර්තාවලින් තහවුරු වී ඇති බවද වෛද්‍ය රසාංජන මෙන්ඩිස් මහතා පැවසීය.
සිසුවා දින කිහිපයකදි අසනීපව මාවනැල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහුට වයිරසය ආසාදනය වී ඇති බව රොහලේ සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයේදි තහවුරු වී තිබේ.
මෙම සිසුවාට පවුලේ සමීපතමයෙකු මගින් ආසාදායනය වී ඇති බවද, සිසුවා දින කිහිපයක්ම පාසලට පැමිණ ඇති බවද එලෙස පැමිණි සෑම දිනයකම පංතිභාර ගුරුතුමිය මෙම සිසුවා ද ඇය ළඟට කැදවා අකුරු කියා දී ඇති බවද පැවසේ.
ආසාදිත ගුරුතුමිය ප්‍රතිකාර සදහා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යථානයක් වෙත අද(16) යොමු කිරීමට කටයතු යොදා ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
සිසුවාගෙන් ගුරුවරියට කොරොනා වැළඳී පන්තිය වසාදමයි