IMG-LOGO

සංසන්දනාත්මකව ණය ප්‍රතිව්‍යුහගතකිරීම ඉතා වැදගත්

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගතකරන ක්‍රියාවලියේදී තවදුරටත් ප්‍රගතියක් ලබා ගනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් සියලු ණය හිමියන් එකතු කරගනිමින් විනිවිද සහ සංසන්දනාත්මක ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ ක්‍රියාවලියක් සිදු කිරීම ඉතාමත් වැදගත් බව ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා හයාෂි යොෂිමසා මහතා අද(29) විදේශ කටයුතු අමාත්‍යංශයේදී පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුමට අනුව විනිවිදභාවයෙන් යුතුව ප්‍රතිපත්ති සැකසීමට සහ දූෂණ විරෝධි ක්‍රියාමාර්ග හඳුන්වාදීමට ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදීමකට පත්වන බව හයාෂි මහතා පැවසුවේය.

එසේම ශ්‍රී ලංකාව ඉතාමත් ඉක්මණින් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒවි යැයි තමන් බලාපොරොත්තු වන බව ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

දැනට තාවකාලිකව අත්හිටුවා ඇති ජපාන මුල්‍යාධාර යටතේ ක්‍රියාත්මක වූ ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමටත් බලශක්ති, වරාය සහ මහාමාර්ග ඇතුළු යටිතල පහසුකම්,ආයෝජන ප්‍රවර්ධන කලාප සහ හරිත, ඩිජිටල් ආර්ථිකයන් හි නව ආයෝජන සිදු කිරීමටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ තමන් ආරාධනා කළ බව එහිදී අදහස් දක්වමින් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පැවසුවේය.

එසේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ 13 වැනි සංශෝධනය යටතේ බලතල බෙදීමේ යෝජනාව ඇතුළු සියලු ජනකොටස් එකමුතු කිරීමට සහ වගවිමේ ක්‍රියාවලිය ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තමන්  ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා හයාෂි යොෂිමසා මහතා දැනුවත් කළ බව අලි සබ්රි මහතා ප්‍රකාශ කළේය.



අදහස් (0)

සංසන්දනාත්මකව ණය ප්‍රතිව්‍යුහගතකිරීම ඉතා වැදගත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 15 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 181 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 505 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site