(ඩයනා උදයංගනී සහ ළහිරු හර්ෂණ)
වසරේ හොඳම නව කතාවට හිමි ස්වර් ණ පුස්තක සම්මානය මෙවර චන්ද්‍රරත්න බණ්ඩාර මහතා රචනා කළ ‘ප්‍රේමානිසංශ’ කෘතියට හිමිවිය.
‘2022 ස්වර් ණ පුස්තක සම්මාන උළෙල’ ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති, ආචාර් ය නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, සම්පත් බැංකුව අනුග්‍රහය යටතේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (10) පස්වරුවේ පැවැත්විණ.
ස්වර් ණ පුස්තක සම්මානය හිමිකරගත් කෘතිය වෙනුවෙන් රුපියල් 7,50,000 ක ත්‍යාග මුදලක් ද හිමිවූ අතර මෙම කෘතිය සරසවි ප්‍රකාශනයකි.
මීට අමතරව එරික් ඉලයප්ආරච්චි විසින් රචිත ‘නකුල මුනි’ (ගොඩගේ ප්‍රකාශන), සේපාලී මායාදුන්නේ මහත්මිය රචනා කළ ‘හින්දොස්මාලේ’ (මියුසස් ප්‍රකාශන), ශමෙල් ජයකොඩි මහත්මිය රචනා කළ ‘මගේ චිකාගෝ හදවත’ (සරසවි ප්‍රකාශන), කීර්ති වැලිසරගේ මහතා රචනා කළ ‘සන්ධ්‍යානන්දය’ (සරසවි ප්‍රකාශන) යන කෘතීන්ද මෙවර ස්වර් ණ පුස්තක සම්මාන උළෙලේ අවසන් වටයට තේරී තිබූ අතර, එම කෘතීන් වෙනුවෙන් ද රුපියල් ලක්‍ෂය බැගින් මුදල් ත්‍යාග මුදල් හිමිවිය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ස්වර් ණ පුස්තක සම්මානය ’ප්‍රේමානිසංශ’ කෘතියට