
(සුජිත් හේවාජුලිගේ)
සිවුරේ සිද්ධියට මුවාවී කඩාකප්පල්කාරි මෙන්ම රට අස්ථාවර කිරීමේ ක්‍රියාවන්හි යෙදෙන විවිධ පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ලංකාදීපයට පැවසූවේය.
එවැනි පුද්ගලයන් සම්බන්ධයෙන් බුද්ධි අංශ කණ්ඩායම් යොදවා කරුණු සොයා බලාගෙන යන බව පැවසූ අමාත්‍යයවරයා එවැනි දේවලට කිසිසේත්ම ඉඩ නොදෙන බවද සඳහන් කළේය.
නිදහස් උද්ඝෝෂණ මෙන්ම පා ගමන් වලට රජයෙන් කිසිදු බාධාවක් නොකරන බවත් ඒ අයිතිය ඉතා හොදින් ආරක්ෂා කරන බවත් විජේපාල මහතා පැවසීය.
වර්තමාන රජය යටතේ දවසක් දෙකක් නොව වසර දෙක තුනක් වුව ජනතාවට බාධාවක් නොවන විදියට සාමකාමීව වාඩිවී උද්ඝෝෂණ කළ හැකි බවද හෙතෙම ප්‍රකාශ කළේය.
චීවරයේ ප්රශ්නය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විශේෂ කමිටුවක් පත්කර අවශ්‍ය සුදුසු ක්‍රියාමාර්ග ගෙන ඇතත් අධිකරණය දුන් තීන්දු වලට පිටින් ඔහු කටයුතු නොකරනු ඇතැයිද සඳහන් කළේය.
පසුගිය කාලයේදී නීතියට පිටින් දුන් ජනාධිපති සමාවන් අධිකරණය විසින් අහෝසි කෙරුණු බවද ඔහු සිහිපත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයයි විය යුත්තේ නීති කඩන්නන්ට , සිවුර නිති කැඩිමට ආභරනයක් වන්ට ඉඩ දෙන්න එපා, දැඩි දඩුවම් දෙන්න
සංඝ පාතාලය වහාම මැඩලිය යුතුයි.
යමක් කමක් තෙරුම් ගැනීමට පුළුවන්කම තිබෙන නියම බෞද්ධ සගරුවන, මෙවැනි ලැජ්ජා නැති වීදි නාට්‍ය රගපෑමට මහමගට අවතීර්ණ වී නොමැති බව පැහැදිලිවම පෙනෙනවා. කොණ්ඩා රැවුල් වවාගෙන, කහ පැහැති ඇද ඇතිරිලි (bed sheets) වලින් හැඩිදැඩි සිරුරු වසාගෙන, අතපය ඒ මෙ අත වනමින් මී හරක් රංචු මෙන් තප්පුලන අයට අප කියන්නේ " රැවුල්, කොණ්ඩ sheets මචංලා" කියලා !!! උන් පොදු, රාජ්‍ය දෙපල වලටත් හානි කිරීමටත් පුළුවන් නිසා ආරක්ෂක හමුදා සීරුවෙන් තබා තිබිය යුතුය. එය ප්රජාතන්ත්රවාදී රජයක මූලික සහ ඒකායන අරමුණ විය යුතුය... මිස්ටර් නානසාර තනිව වගාකර ගත් දෙවල් වල අස්වැන්න නෙලා ගැනීම තනිවම කර ගැනීමට එයාට ඉඩ දෙන්න !!!
කුඩු ජාවාරම්කාරයෝ පෙලපාලි මෙහෙයුම අතට ගෙන වගේද?
පල්ලේගම හේමරතන හිමි ගැන කුමක් කිව හැකිද? ඔබලා උන්වහන්සේව සලකන්නේ වෙනස් ආකාරයකට ඇයි? මෙය ලැජ්ජා සහගතයි... ඔබලා එකක් කියමින් තවත් දෙයක් කරනවා.
කොටින්ට උදව් කරල පොලීයෙන් නෙරපල ඉන්න එකෙක් දැන් ඇවිත් ස්වාමින් වහන්සේලාට තර්ජනය කරනවා....උඹලා වැඩිදුර යන්නේ නැහැ . ලැහැස්ති වෙලා හිටපං ඕවට රිටන් එකත් එන වෙලා ලාවට....
දූෂිතයන්ට උණ ගැනෙන බොහොම හොඳ තීන්දුවක්. වැඩේ කෙළින් තියෙන්න ඕනෑ.